පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගමට ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මහව පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ තිදෙනකි. ඔවුන් ගම්පහ සිට අනුරාධපුරය දක්වා යද්දී මෙම අනතුර සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව පතන අතර තුවාල ලැබූ අය ඉක්මනින් සුව වේවා. (අ)
මේ ඔක්කොම වරද බස් ගැමුණු (අ)
ලංකාවේ නීති මදි වැරදි වලට සමාව දෙන එකමනේ කරන්නේ.පොඩි වැරැද්දක් කලත් දඩය ලොකුවට ගහනවනම් කවුරුත් වැරදි කරන් නැහැ.අනික ස්පීඩ් කැමරා ලොකු පාරවල් වලට දාන්න ඕනි. එතකොට දඩ ගහන්නත් පුළුවන්,නීතිමය කටුතු කරන්නත් පුළුවන්.මේවා ගැන ආණ්ඩුව මිට වඩා උනන්දු වෙන්න ඕනි. (දී)
හේමචන්ද්‍ර ඔබට නිවන් සුව - අපි ඔයාගේ ආයතනයේ යාලුවෝ (අ)
හැම වෙලාවෙම බස් රියදුරන්ට බණින එක වැරදියි. මම දන්න විදිහට මේ අනතුර වෙලා තියෙන්නෙ කාර් එකේ රියදුරාට නින්ද යාම නිසා... (නි)
අනේ දෙයියනේ!!! මොන අපරාදයක්ද මේ ..,මේ විදියට ගියොත් අපිට රට විතරක් ඉතිරි වේවි මිනිසුන් නොමැති ඇයි මේවට විසදුමක් නැත්තේ ඇයි මේ රිය අනතුරු කරන රියදුරන්ට නීසි දඩුවම් දෙන්නේ නැත්තේ අනේ මන්දා අප්පා මොනවද මේ වෙන්නේ රටට කියලා (ස)
පොලියෙන් කවදාවත් වැරදි කරන බස් අල්ලන්නේ නෑ. එක තමා ප්‍රධාන හේතුව. (අ)
බස් එක තියෙන්නේ කොහෙද?? (ස)
ඉතා කණගාටුදායක සිදුවීමක්, තුවාල සිදුවෙච්ච අයට ඉක්මන් සුව පතමි.(ස)
මේවා දැකලා මගේ ඇගේ මයිල් කෙලින් වෙලා. අනේ අම්මපා මේවා නවත්තන්න පියවර ගන්නේ නැද්ද. මේ රියදුරන්ට ලයිසන් දෙන අයව සොයා ගෙන ගිහින් ඒ ගොල්ලන්ගේ වත්කම් ගැන අල්ලස් කොමසාරිය පරීක්ෂණ පවත්වනවා නම් හොදයි. ආණ්ඩුව වහාම මේ ගැන ක්‍රියාත්මක වී මෙම විනාසය අඩු කිරීමට වැඩ පිළිවෙලක් සාදන වනම් හොඳයි. පාර හැදුවට මදි. ඒ පාර වල් යන අයව දැන මුතු කරනවානම් ඉතා හොදය. ඒ වගේම පැය දෙකකට වැඩිය එක දිකට එලවනවානම් සැම පැය 2 වරක් වාහනය නතර කර විවේක ගැනීම අනිවාර්ය කර යුතුය. ලය්සෝන් දෙන ක්‍රමය වෙනස් කර යුතුය. අනතුරු වැඩි දැනට තියන ක්‍රමයේ වැරදි ඇති නිසාය. (ස)
මේ බස් එක තියෙන පැත්තෙන් හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න ඇත්තේ කියල (ස)
පුදුම හැපිල්ලක්නේ,හැපිලා තියෙන්නේ බස් එකට එච්චර අලාබයක් නම් පෙන්න නැහැ ..,අනේ අර කාර් එක ඇතුලේ ඉන්න කෙනා ඉක්මනට ගන්න එයා ගන්න නේද මේ කට්ටිය මහන්සි ගන්නේ ..? (ස)
'මග මරුවෙක්' තවත් ජීවිත තුනක් බිලි ගනී. ප්‍රයිවට් බස් ඉගිල්ලෙන හැටි පාරේ යන මිනිස්සු දනී. (ස)
මොනවා බලන්නද ? පින්තූරවල පේන විදියට බසයේ රියදුරුව මොනව හරි කරන්නම ඕනේ. (ස)
වාහන පෑදවීමේදී,නිදාගැනීමෙන්,බීමත්ව සිටීමෙන්,මෙන්ම අධික වේගය,නිසා වන අවසාන ප්‍රතිපලය....... (ස)
වෑන් එකේ ඉස්සරහ දැක්කහම මිනිස්සුන්ට මොනවා වෙලා ඇත්ද කියලා හිතාගන්න පුළුවන්. ඒත් මන් බැලුවා අද මොකද රිය අනතුරක් වාර්තාවෙලා නැත්තේ කියලා ලංකාදීපයට. ඒ තරමටම ලංකාවේ රිය අනතුරු වැඩි වෙලා දැන්. මෙයට අදාළ බලධාරීන් නිසි පිලියමක් නොගත්තොත් මෙය ජාතික ප්‍රශ්නයක් වේවි. මියගිය සැමට නිවන් සුව...!!!! (ස)
ගෙදට්ට කියලමද ඇවිල්ල තියෙන්නේ මෙහෙම හැප්පෙන්න. (ස)
කනගාටුයි! මියගිය අයට නිවන් සුව පතමි. (ස)
මේ සේරටම වරද අපේ පොලිසිය.එයාලා අනතුරක් වුණාට පස්සුව පිළියම් කරනවා මිසක් අනතුරක් වෙන්න තියෙන ඉඩ අහුරන්නේ නැහැ . අපේ මාර්ග නීති බහුතරය වෙනස් වෙන්න ඕනෑ.නැත්නම් මේ වගේ හැමදාම අපේ ජිවිත අහිමි වෙන එක නවත්වන්න බැරිවෙනවා .රියදුරන් මීට වැඩිය ප්‍රවේශම් වෙන්න ඕනෑ (නි)
බස් රියදුරෝ කිසි බයක් නැතුව මිනී මරන්න ලැහැස්ති වෙලා වගෙයිනේ ඉන්නේ. (නි)
දැන් බලන්න, මේ බස් එක තවම හැපුණු තැනම නම් තියෙන්නේ, ෆොටෝ එකේ හැටියට ඒක තියෙන්නේ පාරේ දකුණු පැත්තේ. බස් රියදුරුගේ පැදවීම ගැන එතැනින්ම හිතාගන්න පුළුවන් (නි)
පුද්ගලික බස් කාරයන්ගේ කාලකන්නි රිය පැදවීම නිසා ජීවිත කීයක් අහිමි වෙනවද. මේවට බලදරින් පියවරක් ගන්න ඕනේ නේද . රුපියලක් දෙකක් වෙනුවෙන් ජීවිත වල වටිනාකමක් නැතුව රේස් පදිනවා. පාරේ යන මිනිස්සු, පොඩි වාහන වල යන මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනේ. (ස)
ශෝක ජනක සිදුවීම් බලවත් ශොකය ... (ස)
වරද කාගේද?........අපරාදේ ජීවිත තුනක් ,....රියදුරනි,.....අකාලේ නැතිවෙන ජීවිත මුදලට වඩා වටිනවා නේද? (ස)
පුද්ගලික බස් සියල්ල රජයට පවරාගත යුතුයි. එයාලා බස් පදවන්නේ පාර ඒ අයගේ කියලා හිතාගෙනයි. බස්, ටිපර් සහ ත්‍රී විල් ගැන මීට වඩා නීති රීති යෙදිය යුතු කාලය ඇවිත් (දී)
බලන්ඩ ඉන්දියා බස් වල සක්තිමට්බව මිය ගිය සෙමට බුදුසරණින් රියදුරු දෑතට දෙවි පිහිටයි. (ස)
ඇත්තටම මේ පාරේ ඉරිගහල තියෙන්නේ පුද්ගලික බස්වලට විතරක් යන්නද ? (ස)
සුබේ, මගේ හර්දයාංගම ශෝකය (අ)
මෙය අද දිනයේ අප කම්පනයට ලක් කළ සිදුවීමක්. මේ අනතුරට ලක්වුණේ අප ආයතනයේ ඉංජිනේරුතුමෙකුගේ බිරිඳ සොහොයුරා හා මෑණියන් ය. දරාගත නොහැකි ශෝකයකින් හා කම්පනයකින් අප ආයතනයේ සියලු දෙනා අද දවස ගෙව්වෙමු. ඔවුන්ට නිවන් සැප සහ තුවාලවුවන්ට තෙරුවන් බලෙන් ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
අදික වේගය මරු කැදවයි.
මරණයට පත්වූ මිතුරාට නිවන් සුව පතමි! අනතුරින් සුවය ලබන්නන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
රිය පදවන අය සැළකිලිමත් වෙන්න ඕනෑ. නැත්නම් බැනුම් අහන්න වෙන්නේ නිවැරදි අයට.. (නි)
අපගේ බලවත් ශෝකය, (අ)