
(ගයාන් සූරිය ආරච්චි)
මොරගොඩ, පණ්ඩිත රඹෑව වැවේ දිය නෑමට ගිය සිසුවෙකු ඊයේ (30) සවස දියේ ගිලීම හේතුවෙන් මරදන් කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මොරගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා මූරියා කඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටියදී පණ්ඩිත රඹෑව වැවේ දිය නෑමට යාම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෘත ශරීරය මරදන් කඩවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මොරගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd