(නිමන්ති රණසිංහ)
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.
හදීසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව නිරීක්ෂණය සදහා අද (29) සවස එම රෝහලට ගිය මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම සිද්ධියේ දී මියගිය චමින්ද ලක්ෂාන් යන අයගේ මරණය, ගිනි අවියකින් නිකුත්වූ වෙඩි උණ්ඩයකින් සිදුවූ ඝාතනයක් බවට තහවුරු වී ඇති හෙයින් එම වෙඩි තැබීමට අණ කළ සහ වෙඩි තැබූ සිය`ථ පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කළ නියෝගයකට අනුව මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඊයේ (28) රාත්‍රීයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd