අරණායක රාමසර කන්ද නාය ගොස් හෙට (17) මාසයක් සම්පුර්ණ වෙයි. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගත් ප්‍රදේශ 429 ක පවුල් 2165 ක් පමණ අවතැන් කඳවුරුවල සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යක්ෂක ජගත් මහේන්ද්‍ර මහතා ඊයේ (16) පැවසීය.
මේ වන විට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ 636 ක ගොඩනැගිලි පර්යේක්ෂණ ආයතනය විසින් පරික්ෂණයට ලක් කර ඇති අතර ඉන් ප්‍රදේශ 439 ක් අවදානම් ස්ථාන ලෙස හඳුනා ගෙන තිබේ.
පවුල් 262 ක් අධි අවදානම් ප්‍රදේශවල ජිවත් වන බවත් තවත් 1625 මධ්‍යම අවදානම් ස්ථාන වල ජිවත් වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
රාමසර කන්ද නාය ගිය අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අධි අවදානම් කලාප ලෙස පවුල් 687 කින් පවුල් 428 ක් මේ වන විට අවතැන් කඳවුරු වල සිටිති.
මේ අතර අවතැන් කඳවුරුවල සිටින අයට නිවාස සෑදීමේ දී ඉඩම් ප්‍රශ්න පැන නැගී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.