(ඩයනා උදයංගනී)
රාමලාන් (රාමසාන්) සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.
ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) මේ වන විට සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇතැයි ද ලේකම්වරයා කීය.
රාමසාන් සමය මෙම මස 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදිය හැකි වන පරිදි වැඩමුර සකස් කරදීමත්, නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමත් මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැක.
රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වරප්‍රසාද වලට මුවාවී රට ගැන හිතලා මේ මූසල පාලකයින්ට ඡන්දය නම්, දෙන්න එපා. මෙච්චර කල් රාමසාන් උපවාස මාසය තුළ ආගමික වතාවන්වල නිරත වුනේ නැද්ද? මේ මොහොතේ ඡන්ද තියන ආර්ථිකය හොඳ නැහැ කියමින්, රාමසාන් උත්සවය සඳහා අත්තිකාරම් දෙන්න තරම් ආර්ථිකය හොඳ වෙලා. ඒ නිසා මුස්ලීම් බැතිමතුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, රට ගැන හිතලා බුද්ධිමත්ව ඡන්දය දෙන්න....
ඒ කට්ටිය සඳහා හැම වසරේම මෙහෙම කරනවා තමයි.... ඒ අතරේ සිකුරාදා දවසේත් දහවල් කෙටි නිවාඩුවක් තියෙනවා කියලා මතක් වුණා...
මේ මොන විකාර වැඩක්ද? සියලු ආගම් ඇදහීම සහ රාජකාරිය පටලවාගන්න එපා... සියලු ශ්‍රී ලාංකිකයින්...!
පෝයක් තියනවද කියලාවත් මතක නැති රනිල්ට රාමසාන් ?සුළු චන්ද බලාගෙන රනිලා යූ.ඇන්.පී එක නැත්තටම නැති කළා