IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රෝමයේ වෙසක් ලබන ඉරිදා

ඉතාලියේ රෝම බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම සහ යුරෝපයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම ඉරිදා (18) පෙරවරු  අටට ඇරැඹීමට නියමිතය.

 එදින අටසිල් සමාදන් වීම, දිලුම් පොන්නම්පෙරුම මහතා ඇතුළු පිරිස විසින් පිරිනමන  දහවල් මහා බත් දන්සල  සහ චින්තක මහතා විසින් විසින් නිර්මාණය කළ දර්ශනීය පහන් කූඩුව සහ බුද්ධ ප්‍රතිම වහන්සේ නිරාවරණය කිරීමට නියමිත බව විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද නාහිමියෝ පවසති.

බුදු පිළිමයේ උස අඩි හතර හමාරකි.බර කිලෝ හාරදහසකි.

 



අදහස් (0)

රෝමයේ වෙසක් ලබන ඉරිදා

පිටිගල Tuesday, 13 May 2014 06:47 PM

මේ කුසල ක්‍රියාවල යෙදෙන්නා වූ සියලුම බෞද්ධ පින්වතුන් මේ පින් බලෙන්, මෙතැන් පටන් සසර වසනා තුරු සතර අපායෝත්පත්තියකට නොපැමිණ චාතුර් මහරාජිකාදී සදිව්‍ය ලෝකයන්හි ඉපිද ඒවායේ දිව්‍ය සම්පත් අනුභව කරමින් සිටින අතර මතු කපට පහළවෙන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේට දාන මානාදියෙන් ඇප උපස්ථානකොට, උන්වහන්සේ විසින් දේශනා කරන්නා වූ ශ්‍රී සද්ධර්මය සාදර සිතින් ශ්‍රවනය කර, සෝවාන්,සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මග සතර ඵලයන්ට සපැමිණ, සංසාරයේ තමන් ප්‍රාර්ථනා කරගත්තා වූ බෝධියකින්, බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් වූ අජරාමර සංඛ්‍යාත අමා මහා නිවන් සම්පත්තිය ලබා ගැනීමට තමන්ටත් තමන් ප්‍රමුඛ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් හේතු වේවා! වාසනා වේවා!! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 13 May 2014 07:08 PM

රන්ජිත් පිටිගල අයියේ, අප කළ යුත්තේ මතු බුදු කෙනෙක් උපදින තෙක් සසර සැරිසැරීම නොව අප්‍රමාදව ධර්මය මෙනෙහි කර, කුසල් උපදවා, සසර කෙළවර කරගැනීම නේද? බුදුරජාණන් වහන්සේ තවත් බුදු කෙනෙක් පහළ වෙනතුරු බලා ඉන්න කියා නෙමෙයි නේද දේශනා කළේ? ඇයි ඉතින් ඔබ පින්වතුන්ව සසරේ තවත් බැඳ තබන්න උත්සාහ කරන ප්‍රාර්ථනාවන් කරන්නේ? (නි)

:       0       0

පිටිගල Tuesday, 13 May 2014 08:53 PM

නන්දන මල්ලියේ, මම රන්ජිත් පිටිගල නෙමෙයි.නැවතත් බුදු කෙනෙක් උපදින තුරු අද ලෝකේ ජීවත්වෙන කිසි කෙනෙකුට මේ සසරින් ගොඩ එන්න බැහැ මල්ලියේ. ලෝවාසී ජනතාව ඒ තරමටම කෙළෙස් වලින් පිරිලා . (නි)

:       0       0

නීලා Tuesday, 13 May 2014 08:59 PM

ඉතා යහපත් කටයුත්තක් කිරීමට හැකිවේවා! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 13 May 2014 02:27 PM

ඉහත දැන්වීමේ ඇති 'සර්වඥ ධාතුන් වහන්සේලා' බුදුන් වහන්සේගේද? කොහෙන්ද ඒවා වැඩම කළේ? දන්නා කෙනෙක් විස්තර ටිකක් දන්වන්න (නි)

:       0       0

රෝමයේ බෞද්ධයෝ Tuesday, 13 May 2014 02:32 PM

රෝම බෞද්ධ විහාරය දිනෙන් දින සාර්ථකව ඉදිරියට ගෙනයාමට පුරෝගාමීව කටයුතු කරන මොල්ලිගොඩ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! (නි)

:       0       0

කුමාර Tuesday, 13 May 2014 03:12 PM

නන්දන පනාගොඩ මහතාණෙනි,රෝම බෞද්ධ විහාරයට ඇවිත් බලා ගන්න පුළුවන් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site