ඉතාලියේ රෝම බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම සහ යුරෝපයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම ඉරිදා (18) පෙරවරු අටට ඇරැඹීමට නියමිතය.
එදින අටසිල් සමාදන් වීම, දිලුම් පොන්නම්පෙරුම මහතා ඇතුළු පිරිස විසින් පිරිනමන දහවල් මහා බත් දන්සල සහ චින්තක මහතා විසින් විසින් නිර්මාණය කළ දර්ශනීය පහන් කූඩුව සහ බුද්ධ ප්‍රතිම වහන්සේ නිරාවරණය කිරීමට නියමිත බව විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද නාහිමියෝ පවසති.
බුදු පිළිමයේ උස අඩි හතර හමාරකි.බර කිලෝ හාරදහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුසල ක්‍රියාවල යෙදෙන්නා වූ සියලුම බෞද්ධ පින්වතුන් මේ පින් බලෙන්, මෙතැන් පටන් සසර වසනා තුරු සතර අපායෝත්පත්තියකට නොපැමිණ චාතුර් මහරාජිකාදී සදිව්‍ය ලෝකයන්හි ඉපිද ඒවායේ දිව්‍ය සම්පත් අනුභව කරමින් සිටින අතර මතු කපට පහළවෙන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේට දාන මානාදියෙන් ඇප උපස්ථානකොට, උන්වහන්සේ විසින් දේශනා කරන්නා වූ ශ්‍රී සද්ධර්මය සාදර සිතින් ශ්‍රවනය කර, සෝවාන්,සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මග සතර ඵලයන්ට සපැමිණ, සංසාරයේ තමන් ප්‍රාර්ථනා කරගත්තා වූ බෝධියකින්, බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් වූ අජරාමර සංඛ්‍යාත අමා මහා නිවන් සම්පත්තිය ලබා ගැනීමට තමන්ටත් තමන් ප්‍රමුඛ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් හේතු වේවා! වාසනා වේවා!! (නි)
රන්ජිත් පිටිගල අයියේ, අප කළ යුත්තේ මතු බුදු කෙනෙක් උපදින තෙක් සසර සැරිසැරීම නොව අප්‍රමාදව ධර්මය මෙනෙහි කර, කුසල් උපදවා, සසර කෙළවර කරගැනීම නේද? බුදුරජාණන් වහන්සේ තවත් බුදු කෙනෙක් පහළ වෙනතුරු බලා ඉන්න කියා නෙමෙයි නේද දේශනා කළේ? ඇයි ඉතින් ඔබ පින්වතුන්ව සසරේ තවත් බැඳ තබන්න උත්සාහ කරන ප්‍රාර්ථනාවන් කරන්නේ? (නි)
නන්දන මල්ලියේ, මම රන්ජිත් පිටිගල නෙමෙයි.නැවතත් බුදු කෙනෙක් උපදින තුරු අද ලෝකේ ජීවත්වෙන කිසි කෙනෙකුට මේ සසරින් ගොඩ එන්න බැහැ මල්ලියේ. ලෝවාසී ජනතාව ඒ තරමටම කෙළෙස් වලින් පිරිලා . (නි)
ඉතා යහපත් කටයුත්තක් කිරීමට හැකිවේවා! (නි)
ඉහත දැන්වීමේ ඇති 'සර්වඥ ධාතුන් වහන්සේලා' බුදුන් වහන්සේගේද? කොහෙන්ද ඒවා වැඩම කළේ? දන්නා කෙනෙක් විස්තර ටිකක් දන්වන්න (නි)
රෝම බෞද්ධ විහාරය දිනෙන් දින සාර්ථකව ඉදිරියට ගෙනයාමට පුරෝගාමීව කටයුතු කරන මොල්ලිගොඩ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! (නි)
නන්දන පනාගොඩ මහතාණෙනි,රෝම බෞද්ධ විහාරයට ඇවිත් බලා ගන්න පුළුවන් (දිල්)