ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ලබන බදාදා (14) පස්වරු 5.45 සිට එම කාර්යාල පරිශ්‍රයේදි වෙසක් පිංකමක් පවත්වන බව  තානාපති බැනට්  කුරේ මහතා පවසයි.

පස්වරු 6 ට  බුද්ධ පුජාව හා ජය පිරිත් දේශනය ද පස්වරු 7 ට කඩල හා තේ පැන් දන්සල ආලෝක පුජාව ද පැවැත්වෙන බව තානාපති කියයි.

මේ අතර ඉතාලියේ එකාබද්ධ සිංහල සංවිධානය යුද ජය සැමරිමක් 15 වැනිදා රෝමයේදි පවත්වයි.

එහි සභාපති දඹදෙනියේ ධම්මාරාම හිමියෝ කියනුයේ මෙම අවස්තාව සදහා අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාද සහභාගි විමට නියමිත බවයි.