කලකට පෙර රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතවායක් පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් රෝමයට පැමිණි බව ලාංකේය වෙබ් මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා මෙසේ කීවේය.
‘එවැනි පරීක්ෂණයක් කරන්න විදේශ අමාත්‍යංශ නිලධාරීන් රෝමයට ආවේ නැහැ. හැබැයි කොළඹ දී එවැනි පරීක්ෂණයක් සිදුවුණාද කියලා මම දන්නේ නැහැ‘
ඉතාලියේ ශ්‍රී ලාංකික සිවිල් සංවිධාන කිහිපයක් මෙසේ කියයි.
‘ඒ වගේ මුදල් අක්‍රමිකතාවයක් සිදුවූ බවට දැනගන්න තියෙනවා. එය යූරෝ 90000කට (රුපියල් 14,670000) වැඩි කියලයි දැනගන්න තියෙන්නේ. සත්‍ය අසත්‍යතාවය සොයා බලන එක විදේශ අමාත්‍යංශයේ වගකීමක්. එහෙම දෙයක් වෙලා නම් ඒ මහජන මුදල් නැවත අයකර ගන්න. වැරදිකරුවන්ට දඬුවම් දෙන්නත් ඕනෑ. ඒක විදෙස් තානාපති සේවයට හොඳ ආදර්ශයක් වෙයි‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තානාපති කාර්යයාල දෙකෙන්ම කෙරෙන්නේ වංචා දුෂණ .අපි ලංකාවේ බලධාරීන්ට දැනුම් දුන්නත් ,ඒවා ගැන විමර්ශන නැහැ. කණගාටුයි . විදේශ ඇමතිට ආරාධනා කරනවා මෙහෙට එන්න කියල.. (බ)
මෑතකදී පටන්ගත් මිලානෝ කොන්සියුලර් කාර්යාලය සම්බන්ධවද අයුතු සහ අවේලාවල් වල මුදල් අයකිරීම් ගැන චෝදනා තිබෙනවා (නි)
ගිය කණ්ඩායමේ වියදම වෙච්ච පාඩුවට වැඩි නැත්නම් හොඳයි. (නි)
වංචා දුෂණ වලින් උතුරාගිය රටක් ලංකාව කියන්නේ. වැල යන පැත්තට මැස්ස ගහනවා ඇර වෙන මොනවා කරන්නද? (නි)
රෝම තානාපති කාර්යාලයේ සිටින ඇතැම් අය තම තනතුරින් උදම්ව ගිනි පිටකරන බවත් යන එන්නන් හට පෙනෙනවා (නි)