ජංගම දුරකතනයට රෝමින් පහසුකම ලැබූ පුද්ගලයකු විසි හතර පැයකදී රුපියල් තිස් දෙලක්ෂයක දුරකතන බිලක් නොගෙවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් පරීක්ෂණ පවත්වන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී කියැවිණි.
මහනුවර දිගන පදිංචි මුජහිදීන් මොහොමඩ් මෂාරෆ් එම දුරකතන බිල නොගෙවූ බවත්, විසි හතර පැයකට අඩු කාලයකදී ඇමතුම් 501ක් ලබාගෙන ඇති බවත් දුරකතන සමාගම අධිකරණයට දැන්වීය.
සැකකරුගේ නීතීඥවරයා උසාවියට දැන්වූයේ ඔහු සිම් කාඩ්පත ඉතාලියේ වාසය කරන ඔහුගේ නෑයකුට දුන් බවයි.
ඔහු එම සිම් කාඩ්පත කිසි දිනක පාවිච්චි නොකළ බව ද කියයි.
එහෙත් සමාගම කියා සිටියේ තෙවැනි පාර්ශවයකට සිම් කාඩ්පතක් දිය නොහැකි බවයි.
ඔක්තෝබර් පළමුවැනිදා සැකකරුට චෝදනා ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝමින් බිල් ඔහොම තමයි. අදාල රටේ දුරකථන සමාගම් වල ගාස්තු අනුවයි බිල් හැදෙන්නේ. (නි)
මේ නිකන් බොරුකියන්න එපා හෆිස් නිකමට මේ වෙබ් සිතේ 1 දිනකට කියක් එනවද? සිංහල කියල එකක් නේ වැරදි කාරයනම් මොකෙක් හරි . එත් අපි ජාති වාදියෝ කියල කියන එකට මම සතුටුවෙනවා (අ)
ලාබෙට රෝමින්ග්, දිනක බිල ලක්ෂ විසි හතරයි. ලාබයි නේද ?(නි)
ලක්ෂ 32 ක් බීල නගිනකම් දුරකථන සමාගම මොනවා කළාද? කොච්චර අයගේ ජංගම දුරකථන නැතිවෙනවද දවසකට, එහෙම එකේ බිල රු 20,000 පනිනකොටම සේවය ඉබේම විසන්ධි වන ආකාරයට පද්ධතිය හදාගන්න දුරකථන සමාගමත් දැනගන්න ඕනෑ. එම ප්‍රමාණයට වඩා දුරකථන ඇමතුම් ගන්න අයට දුරකථන සමාගමේ කෝල් සෙන්ටර් එකකට කතා කරලා විශේෂ අවසරයක් යටතේ නැවත සබදතාව ලබා දෙන්න ඕනෑ. (නි)
පැය 24 ද ලක්ෂ 32, පැයට ලක්ෂ 1.4, විනාඩියට රුපියල් 2350ක්...??(නි)
ඕනෑම ආයතනයක පසු ගෙවුම් පැකේජ වල බිල්පත් ගනනය වෙන්නෙ පැය 24 කට පස්සේ. පැය 24ක් තුල මේ වගේ ඇමතුම් ගත්තම පහුවෙනිදට තමා බිල් වෙන්නේ. ගොඩක් අය හිතනවා මේ වගේ දේවල් වලට නිතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියලා. ඒ නිසා , බය නැතුව මෙහෙම දේවල් කරනවා. මමත් අවුරුදු 5ක් දුරකතන සමාගමක නීති අංශයේ හිටියා , මුස්ලිම් අයට නම් මේවා සුළු දේවල්. ඉස්සර නඩු 100ක් ආවොත් 80ක් මුස්ලිම් (නි)
මේ අයට මොලේ නැති එකයි අඩුපාඩුව... (ස)
නම මුජහිඩීන් නේද? ක්‍රියාවෙනුත් ඒක ඔප්පු කරලාම තියෙන්නෙ?(නදී)
මෙයාලව විශ්වාස කරන්න අමාරුයි. මේ ගැන හොඳට හොයන්න තියෙන්නේ (නි)
දෙයියෝ සාක්කි. වෙච්ච වැඩක්, අනේ කාට කියන්ටද ? මේ වාගේ ආයතන තියෙනකන් අපිට වාසි නේද?(නි)
නදී හරි. අපේ සමහර සේවාදායකයෝ ඔක්කොමට වඩා හපන්, සේවා සපයන්නො ඊටත් වඩා හපන්.(නි)
මම හිතන්නේ පිටසක්වලවල් කිහිපයකට කතාකරන්න ඇති. නැතුව මෙච්චර බිලක්.(නදී)
තමන්ගේ නමට ගන්න සිම් එක අනුන්ට දානවට හොද පාඩම්. (නි)
මිනිත්තුවකට රු 2222.22 යි.(නදී)
ඒ අනුව තත්පරයකට රු. 37.03 ක් බිලකි . මෙය විය හැකිද?(නි)
බසයක ගියත් සීට් කපන, මහජන දේපළ විනාශ කරන, ආයතනයකට මොනවා වුනත් ගානක් නැහැ කියලා සම්පත් විනාශ කරන මෙවන් අයට කිසිම සමාවක් දෙන්න එපා. (නි)
සිම් එක නීත්‍යනුකුලව ඉතාලි පුද්ගලයට පවරා නැත්තම් වැඩේ ටිකක් අමාරු වෙයි. වාහනයක් නීත්‍යනුකුලව පවරා නැතුව විකුණා තිබ්බොත් ගැනුම්කරු අතින් අනතුරක් වෙලා පැනලා ගියොත් උසාවිය විකුනපු පුද්ගලයාටයි ඉස්සෙල්ලා දඩ ගහන්නේ (නි)
රෝමින් පහසුකම ලබාගෙන තමන් ගිය රටේ සිට තවත් විදෙස් රටකට කතා කළ විට ගාස්තුව ගොඩක් වැඩියි.මෙයා ගිය රටේ ඉදන් ලංකාව හැර වෙනත් රටවලට කෝල් ගන්න ඇති. (නි)
අනේ මන්දා මට මගේ ජංගම දුරකථනය විසංඳි කරන්ඩ පුලුවන්ද. ඇග හිරි වැටුනා පුතේ.(නදී)
ඇත්තටම විනාඩියට රුපියල් 2,222 අය කරන සමාගම මොකක්ද කියලා දාන්න පුලුවන්ද ? (නි)
ලිමිට් එක පැනනහම මොකද කැපුවේ නැත්තේ ඇහුවහම උත්තර නැහැ...මේක දැන් යම්කිසි ප්‍රසිද්ධ දුරකථන සමාගමක් කරන වංචාවක්,, මේ ගැන බලධාරීන් සොයා බලන්න.(අ)..
පැය 24 ඇතුලත ඇමතුම් ලක්ෂයක් ගත්තත් උපරිමය පැය 24 නේ. ඉතින් කොහොමද විනාඩියට රුපියල් 2222 අය වෙන්නේ. මේක වංචාවක් කියලා එතැනින්ම ඔප්පු වෙනවනේ. අගහරු ග්‍රහයාගේ ඉඳන්ද කතා කරලා තීන්නේ. මේ ලෝකෙනම් මොන රටේ ඉඳලා ගත්තත් බිල විනාඩියට රුපියල් සියයට වඩා අඩුබව තමා අපි දන්නේ. එතකොට බිලෙහි උපරිමය 144000 වගේ වෙන්නේ. වහාම වංචා වැළක්වීමේ දූෂණ මර්දන ඒකකයට දැනුම් දෙන්න. දුරකථන සමාගමට විරුද්දව නඩුවක් දාන්න පුළුවන් මේ කරන වංචාවට විරුද්දව.(නදී)
කතා කරන්න කලින් හිතන්න.(නදී)
සාමාන්‍ය රෝමින් පහසුකම පිළිබද මිට පෙර මෙවන් ගැටළුවක් පිළිබද පුවතක් ලංකාදීප මෙහිම දුටුමි .එයින් පැහැදිලි වන්නේ අදාල සමාගම දැනුවත්වම පරි බෝගිකයා අමාරුවේ දම ඇති බවකි . මෙපමණ බිලක් එනකම් මෙවැනි සමාගම් කුමක්ද කලේ .(අ)
මමත් දුරකථන සමාගමක වැඩ කරන්නේ. මෙතන හොර වැඩක් වෙලා තියෙනවා නිසැකයි.(නදී)
බ්‍රහස්පති ග්‍රහයාගේ ඉන්න ඇල්බට් අංකල්ට කතා කළාද දන්නෙ නැහැ (නි)
විදේශ රටක සිට පැය 24 ක් පවිචිකාරනම් මෙය සත්‍ය දෙයක් වන්නට පුළුවන් . අනික් කරුණ සිම් කාඩ් පතක් තව කෙනෙකුට දීම තහනම් . කොටින් විසින් මේ වගේ වෙන අයගේ නමින් සිම් කාඩ් පාවිච්චි කර ත්‍රරස්තවාදය වෙනුවෙන් පාවිච්චි කරා . කොහොම වුනත් බිල ගෙවීම සිම් කාඩ් පත හිමිකරුවා කර යුතුය . (අ)
මොහෙමඩ් නම් ප්‍රශ්න. ප්‍රශ්න නම් මොහොමඩ් (අ)
සමන් ඔයා ගැන මට දුකයි මම හිතන්නේ මොහමෙඩ් ලා ගැන පල වෙච්ච එකම ආරංචි එක මේක (අ)
මේක ලේසියෙන් බලන්න හොදනැහැ. මුස්ලිම් ජාතියේ එක්කෙනෙක් නිසා මොහුට ජාත්‍යන්තර නුසුදුසු සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. හොදින් සොයා බලන්න (නි)
මොබයිල් කොම්පැනි වලින් මෙහෙම වංචා කරනවා. මටත් වෙලා තියෙනවා. අවුට් ගොයින් රු. 35 කියලා කියන පැකේජයකින් රු 260 ගානේ අය කළා. මාස දෙකක් තිස්සේ ඇපීල් කරලා රු. 32,000 ක බිල 12,000 අඩුකරගත්තා.(නදී)
පැයට විනාඩි 60, දවසට පැය 24, දවසට විනාඩි 60*24 = 1440. එතකොට විනාඩියකට ය කිරීම 3,200,000.00 / 1440 = 2222.22, එතකොට මේ මනුස්සයා දවසම නිදගේනවත් නෑ. එක දිගටම කතා කරලා. අනේ මන්දා. (ස)
සජිත් ලංකවේ නෙවේ වගේ ඉන්නේ නේද සමන්.(නදී)
පැය 24 ඇතුළත බිල ලක්ෂ 32 කොහෙත්ම වෙන්න බැහැ. අනික ලංකාවේ ඉන්න ජාතිවාදීන් මුස්ලිම් අයට පන්න පන්නා ගහනවා. නමුත් සිංහල නම් තියන අය කලොත් වරදක් කිසිම සද්දයක් නැහැ (නි)
මාර බිලක් නේ. මෙචර බිලය එනකන් සමාගම උඩ බලාගෙන හිටියද?(නි)
හාපොයි දෙයියනේ!(නි)
මම දුරකථන සමාගමක වැඩ කරන්නේ. මම දන්නා තරමට කොහෙටවත්ම මෙච්චර බිලක් එන්න විදිහක් නෑ. මෙයාගේ සම්බන්ධතාවය මොකක් උනත් හොරයක් තියෙනවා වගේ. රෝමින් වෙලාවේ දත්ත පාවිච්චි කලොත් නම් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්.(නදී)
දවසක් ඇතුලත ඔය වගේ ගානක් යනකම් ආයතනය මොකද කළේ? අපේ නම් 2000 වෙනකොට කෙටි පනිවුඩ 20ක් විතර එනවා බිල කියලා(නි)
පැය 24 ක් තුල මෙහෙම බිලක් එන්න පුලුවන්ද ?(නි)