“මනමා සංචාරක ක්ෂේත්‍රයේ ගල්ෆ් අගනුවර 2016” දින දර්ශනයේ එක් පියවරක් ලෙසින් ඓතිහාසික බාබ් අල් බහරේන් ගොඩනැගිල්ල විදුලි ආලෝකයෙන් සරසා ශුද්ධ වූ රාමදාන් මාසය සැමරීමට බහරේන සංචාරක සහ ප්‍රදර්ශන අධිකාරිය කටයුතු යොදා තිබේ.
“ශුද්ධ වූ මාසය තුළ දී ඓතිහාසික සූක් වෙළෙඳපොළ වෙත පැමිණෙන්න කියලා අපි පුරවැසියන්ගෙන් සහ සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම සූක් වෙළෙඳපොළට සාම්ප්‍රදායික රාමදාන් උත්සව අංග එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි බහරේන සංචාරක සහ ප්‍රදර්ශන අධිකාරියේ ප්‍රධාන විධායක ෂෙයික් කාලීඞ් බින් හුමෝද් අල් කාලීෆා පවසයි.
බහරේනයේ ප්‍රධානම සංචාරක ආකර්ශනයක් වන බාබ් අල් බහරේන් ගොඩනැගිල්ල සාම්ප්‍රදායික රාමදාන් සැරසිලිවලින් සහ විදුලි පහන්වලින් අලංකාර කර ඇති අතර එය ඉදිරියේ දී පැරැණි සූක් වෙළෙඳ පොළක් ලෙසින් තව තවත් ජනප්‍රිය කරවීමට නියමිතය. ශුද්ධ වූ රාමදාන් මාසය පුරාම බාබ් අල් බහරේන් ගොඩනැගිල්ල සරසා තිබෙනු ඇත.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.