IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක්

 

 

නිමන්ති රණසිංහ

නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින්  මාස තුනකට අධික කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා සිටින රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය.

2018.03.18 වැනි දා රාජ්‍ය සේවා කොමිසන් සභාව අසලදී මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කළැයි රමිත් රඹුක්වැල්ල මහතාට චෝදනා 4 ක් යටතේ නාරහේන්පිට පොලිසිය අධිකරණය හමුවේ නඩු පවරා ඇත.



අදහස් (20)

රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක්

ishan Tuesday, 19 June 2018 07:47 AM

ඉක්මනට දෙන්න නැත්නම් වැසිකිලියටවත් යන්න විදිහක් නැත

:       0       449

Akila Tuesday, 19 June 2018 07:56 AM

ශා මාරයි නේ, බලපත්‍රය මාස තුනකින් හම්බ වෙනකන් තාවකාලික බලපත්‍රයක්. එකෙන් කාවහරි යට කලොත් ඒක අත්හිටවලා ඒ වෙනුවට තවත් තාවකාලික බලපත්‍රයක් දෙයි.

:       0       515

kumar (Gulf) Tuesday, 19 June 2018 08:25 AM

කාක්කෝ මකුණු දැල් වලට අහුවෙන්නේ නෑනේ, ලංකාවේ නීති දැලත් ඒ වගේ තමා.

:       0       306

Sanka Tuesday, 19 June 2018 08:38 AM

දැන්නං නීතිය නමනවා නෙමෙයි , නමලා පාගනවා වගේ...

:       0       203

ඩී. ජයදේව Tuesday, 19 June 2018 08:54 AM

එහෙනම් තහනම් කලේ මක්කටෙයි

:       0       155

Jehaan Tuesday, 19 June 2018 09:13 AM

නොසැලකිලිමත් රියදුරන්ට රියදුරු බලපත්‍රය තාවකාලිකද සදාකාලිකද කියලා වලංගු නැහැ. දියුණු රටක නම් නොසැලකිලිමත්ව සිදු කල බරපතල රිය අනතුරු, රජයේ රැකියා අහිමි වීමටද බලපානවා. ගුවන් යානාවේ දොර විවෘත කරන්න හැදුවා වගේ මේකත් බොහොම සැහැල්ලුවට අරගනිවිද දන්නේ නැහැ.

:       0       236

RaveednraTuesday, 19 June 2018 09:59 AM

ඔබ ඉතාමත්ම නිවැරදිය. ඇත්තෙන්ම එවැනි දඩුවම් දීම අපරටේ නම් සිහිනයක්. දැන් හොදින් කල්පනා කර බලන්න පුත්තලමේ මෑතකදී අර කතා කරන " බුරුවෙකුගේ පැටිය" පිළිබද කටයුත්ත.එයත් මේ හා සමාන නොවන්නේද ? මෙහි වඩාත්ම භයානක දෙය වන්නේ අවශ්‍ය හාදයාට සයනයිඩ් වලින්ද අනවශ්‍ය හිගන්නාට සීනිබෝලවලින් සංග්‍රහ කිරීමක් නොවේද ???

:       0       152

Mahee Tuesday, 19 June 2018 09:34 AM

මොකක්ද වෙනස? අනේ, රන්ජන්, නගානන්ද, සුගන්ධිකා, ඔබේ කටේ මසුරන් දාන්න ඕන.

:       0       112

Mahee Tuesday, 19 June 2018 09:40 AM

ඉතින් අරකම දුන්න නම් ඉවරයිනේ. මොකක්ද වෙනස? අනේ, රන්ජන්, නගානන්ද, සුගන්ධිකා, ඔබේ කටේ මසුරන් දාන්න ඕන.

:       0       188

Ajith Tuesday, 19 June 2018 09:48 AM

කෝ මේ රන්ජන්

:       0       0

Sarasi Tuesday, 19 June 2018 09:52 AM

ආයෙත් අනතුරක් වුනොත් ඒක අර එකවතාවක් හීනෙන් ඇවිදිනවා කිව්වා වගේ , හීනෙන් වාහනේ එළවලා කියලා නිදහස් වේවි.

:       0       38

රවින් Tuesday, 19 June 2018 10:04 AM

ඔය තාවකාලික බලපත්‍රයට රිය පැදවිය හැකි වෙලාවනුත් ඇතුළත්ද? රිය පදවන සෑම වෙලාවකදීම කිට්ටුම පොලිස් ස්ථානයෙන් බිමත්ව නොමැතිබවට සහතිකයක් ලබාගෙන පමණක් රිය පැදවිය හැකියි කියා කොන්දේසියකුත් දැම්මනම් තමා වඩාත් සුදුසු.

:       3       29

UpulTuesday, 19 June 2018 11:23 AM

ඔය තාවකාලික බලපත්‍රයට බීලා රිය පැදවීම තහනමක් නොවෙයි.

:       0       12

Sarasi Tuesday, 19 June 2018 10:35 AM

හිනා වෙලා පන යනවා. මේ තැනැත්තාට රියදුරු බලපත්‍රයක් නැතිවම රිය පදවන්න ඉඩ දීල , ඒ වෙලාවට පාරේ යන මහජනතාවට අගල් කානු වලට බහින්න නියම කළා නම් මීට හොඳයි.

:       0       166

Yasiru Tuesday, 19 June 2018 10:50 AM

දියවන්නා ඔයටත් උඩින් රිය පන්න ගෙන ගොස් පාර්ලිමේන්තුව ඇතුලටම වාහනේ පදවපු දවසට මොකද වෙන්නේ කියලා බලමු .

:       0       72

herath Tuesday, 19 June 2018 10:53 AM

තේරෙන්නේ නැද්ද යකුනේ තාවකාලික බලපත්තරයක් දෙන්නේ ඊලග පාර හොටම බිලගිහින් මිනිහෙක් යටකරනකල් හරි ...........තාප්පයක් බිදින්න ..ගතවෙන කාලයට

:       0       143

de silva berlin Tuesday, 19 June 2018 11:15 AM

මොහුගේ පෙර කල් ක්‍රියාව ගැන සලකල බලනකොට මොහුට රියදුරු බලපත්‍රයක් දීම මොහුගේ සහ අනිකුත් පුද්ගලයන්ගේ ජිවිත අනතුරේ දැමීමක්.... යම් පමණකට මත්පැන් පානය කලහම ඔවුන්ගේ සිහිභුධිය සම්පුර්ණයෙන්ම නැති වෙනවා එහෙම වුනහම ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියා දන්නේ නැහැ , මොවුන්ට මත්පැන් සුළුවෙන් පානය කරලා නවත්වන්න අමරුයි....මේකට හොඳම උදාහරණය වෙරිමතින් ගුවන් යානයේ දොර විවෘත කිරීමට තැත් කිරීම , දියුණු රටවල නම් මොවුන්ට රියදුරු බලපත්‍ර දෙන්න ඉස්සරවෙලා මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරනවා , මනෝ වෛද්‍යප්‍රතිකාර වලින් පසු මනෝ වෛද්‍ය වරයා සෑහීමකට පත්වෙනම් පමණක් මොහුට රියදුරු බලපත්‍රය දෙනවා එක දෙන්නෙත් දැඩි කොන්දේසි මතය .

:       0       110

Uditha Tuesday, 19 June 2018 11:18 AM

අනේ ඉතින් ඊට මීට වැඩිය හොද නැද්ද අර තහනම් කරපු එකම දුන්නහම නේද? පව් නේ දරුවට සමාජෙට මුහුණ දී ගන්න බේරුවා ඇති ....

:       0       6

gallage Tuesday, 19 June 2018 11:55 AM

කොහොම හරි මේ අය හොදින්..

:       0       0

ananda Tuesday, 19 June 2018 12:00 PM

දැන් මේ විදියට අනෙක් රියදුරු බලපත්‍ර අත්හිටවලා තියෙන අයටත් ඉල්ලුවොත් දෙනවද තහනම් කරපු රියදුරු බලපත්‍රයට තාවකාලික බලපත්‍රයක් අත්හිටවලා තියන පාස්පෝට් එකට තාවකාලික එකක් අනේ මෙන්න යහ පාලනය දෝරෙ ගලනවා

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site