
(බුද්ධික කුමාරසිරි)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ,සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිට පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් නොගෙන, එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලිට යොදාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද කැඳවා තිබුණි.
එසේ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව රමිත රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට තවත් වියදම් කරන්න වෙච්ච එකයි කණගාටු..
මුන්ට හිරේ දී කන්න බිරියානි දෙන්න එහෙම වියදම් කරන්න එපා
ඔය පිංතූරේ දකිනකොට මතක් වෙන්නේ … කකුළුවෝ දෙන්නෙක් දිය හැලියේ සතුටින් පීන පීනා ඉන්නවා වගේයි… යටින් ගිඳර දාලා දැන් තමයි හැලියේ වතුර නටන්නේ… මේකට උපරිම දඩුවම් දෙන්න ඕන…