ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නව සභාපති පරාක්‍රම බන්දුල ගුණවර්ධන මහතා අද (16) රත්මලාන රබර් පර්යේෂණායතනයේදී වැඩ බාර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඔහු එජාප අගලවත්ත ප්‍රධාන සංවිධායකවරයාද වේ.
බන්දුල මහතා රබර් පර්යේෂණායතනයේ 32 වැනි සභාපතිවරයා වේ. ඒ මහතා වැඩ බාර ගන්නා අවස්ථාවට පැමිණි බෝමිරියේ ධම්මිස්සර, අගලකඩ අරියදස්සන හා බණ්ඩාරවෙල පඤ්ඤාරතන යන හිමිවරු ආශිර්වාද කළ අතර රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ගාමිණී සෙනෙවිරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී අරුණ දීප්ති ගුණසිංහ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුභ පැතුම්. අපට ඔබ විශ්වාසයි. ඔබේ දැනුම භාවිතකොට පාඩු ලබන ඔය ආයතනය දියුණු කරන්න ඔබට හැකිය. (නි)
ඡනතාවගේ ශක්තිය සැමදා ඔබ සමඟයි. (නි)
උනුත් එකයි මුනුත් එකයි කිව්වා වගේ වැඩක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පැරදුනු අයට සභාපති,අධ්‍යක්ෂක,සාමාන්‍යාධිකාරි තනතුරු වලින් සංග්‍රහ කරනවා, මේක යහපාලනය නොවෙයි යහපාලනයක් ගෙනියන්න නම් මෙවැනි තනතුරු වලට සුදුසු පුද්ගලයන් පත්විය යුතුයි. (නදී)
අලුත් විදිහට හිතන දක්ෂයෙක් වැඩේ හරියට කරාවි (නදී)
රබර් පර්යේෂණ උපාධියක්වත් ඇතිද මේ තනතුර ලබා දෙන්න .කොහොම උනත් සුභ පැතුම් (දිල්)
හරිම සීදේවි පෙනුමක් තියනවා. වැඩත් ඒ වගේම ඇති කියා මූණ බැලුවම පේනවා. ජයවේවා !!(අ)
මේ හැමදේම තාවකාලිකයිනේ ඒ හින්දා ඔහොම ඉන්න අරින්න (දිල්)
ගෙදරදී බුදුන් වැඳලා වෙලාවට වැඩට යන්නේ නැතිව මොනවාද මේ සංදර්ශන. (නදී)
අනේ හොදයි සුදුස්සාට සුදුසු තැන. මේවා තමා අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියටත්. (නදී)
මෙයා කවදද ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ.හිටපු ජනාධිපති මහින්දගේ පානදුර අවසන් රැළියට මේ පුද්ගලයා ආවේ හිටපු ඇමති මහින්ද සමරසිංහගේ වාහනයෙන්. (අ)