ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස රවී ජයවර්ධන මහතා පත්කරනු ලැබ සිටී.
මින් පෙර සභාපති ධූරය හෙබවූ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්විය.
කළුතර ප්‍රදේශයේ නීතිඥයකු වන රවී ජයවර්ධන මහතා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුද වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති විශාරදයකු වන ජයවර්ධන මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි.
රූපවාහිනී සංස්ථාවේ කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස ඒ මහතා ක්‍රියා කළ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වේ.
හොරණ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලෙසද රවී ජයවර්ධන මහතා කලක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ පළපුරුද්දක් ඇති දක්ෂයෙක් වගෙයි. සුබ පැතුම්! (නි)
අභියෝග ජයගන්න ලැබේවා! (නි)
සුදුස්සාට සුදුසු තැන දීම රජයේ වගකීමක්. ඉදිරිය දකින හෙටක් නිර්මාණය කිරීම අපි කාගේත් වගකීමක්. (නි)
එතුමා අපක්ෂපාතීව වැඩකරයි! (නි)