2010 ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන අපේක්ෂකයනට සාධාරණව සළකන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ශ්‍රි ලංකා රුපවාහිනි සංස්ථාවට රැගෙන එහි ගිය සේවකයන් පිරිසකට කුණුහරුපෙන් බැන උසාවි තීන්දුව ද විවේචනය කළැයි කියන සිද්ධිය ගැන පරික්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කළේය.
රුපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල හිටපු නියෝජ්‍ය සභාපති දේවප්‍රිය අබේසිංහ හා ජි.ඩී. සෝමපාලට එරෙහිව නඩු හතරක් පවරා ඇත.
රූපවාහිනි සංස්ථාවේ සේවකයන් සිව් දෙනෙකුට පහර දුන්නැයි එක් නඩුවකි. කාංචන මාරසිංහ, හර්බට් කුමාර , රවී අබේවික්‍රම හා ගාමිණි පුෂ්පකුමාර පැමිණිලිකරුවෝය. නඩුව මැයි 13 වැනි දා ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ අධිකරණ තීන්දු ගණන් ගත්තේ කවුද කියලා අපි දන්නවනේ (නි)