බම්බලපිටිය වජිර පාරේ රූපලාවණ්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේට සිය රූපලාවණ්‍ය සායනාගාරය යළි විවෘත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා අද (03) අවසර දුන්නේය.
එහි යතුර ඔහුට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත් බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.
ඔහුගේ සායනයෙන් ප්‍රතිකාර ලබා ගත් බොරුල්ලේ ළමා රෝහලේ වෛද්‍යවරියක මිය යෑමේ සිද්ධියෙන් පසු ඔහුගේ සායනයට අධිකරණය සීල් තැබීය.
ඔහුගේ නීතීඥවරයා පැවසුයේ දොස්තර ගමගේ රූපලාවණ්‍ය ප්‍රතිකාර හා සැත්කම් සඳහා ඇමෙරිකාවේ පුහුණුව ලබා ඇති බවයි.
දොස්තර ගමගේ රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් නීතිපතිපති උපදෙස් පතන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නඩු විභාගය ලබන 21 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දොස්තරගේ පැටිකිරිය පවා හොලා කල් පැනපු බෙහෙත් අහුවෙලා පහසුකම් නැති ශල්‍යාගාරයක් කියලා ලෝකෙටම අඬබෙර ගහලා ටික දොහකින් දොස්තරට නැවත වැඩකරන්න අවසරය ලැබිලා. මේක තමයි ලංකවේ පවතින නීතිය. (ස)
තව කීයක් මැරුනහමද මේ දොස්තරට දඩුවම් කරන්නේ ? (නදී)
ලස්සන වෙන්න කවුද කැමති නැත්තේ. (නදී)
එතකොට හොයාගත්ත කල් ඉකුත් වුණ බෙහෙත් ඒවා අහසින් පත්වෙච්ච ඒවාද ? (නදී)
මම නම් මේ තීරණයට එතරම් මනාපයක් නැහැ (නි)
මටත් හිතෙන්නේ බහුතරයකට හිතෙනදේම තමයි (නි)
ලංකාවේ දැන් තියෙන ප්‍රශ්නය කන්න නැති එක නොවෙයි ඕනෑවට වඩා කාපු බීපු වල ප්‍රතිපල බඩෙන් විතරක් නොවෙයි, බෙල්ලෙන් හා මුහුණෙන් පේන්න පටන් අරන් තියෙන එක. මැති ඇමති වරු වගේම ඒ අයගේ නෝනලාත් කෙළි පොඩිත්තලත් විරූපභාවය නැති කරගන්න පෝලිම්වල. ඇමෙරිකාවේ පුහුණුවලත් මෙයාව හිරේ දාල රූප ලාවන්‍ය කර ගන්නේ ගමේ වේද මහත්තයට කියලද? අනේ ඉතින් ආශ්චර්යට ගිය රට. (නදී)
අන්තිමේදී කියාවි අර දොස්තර නෝනා එයාම බෙහෙත් විද්ද ගත්ත කියලා. අනේ අම්මප මෙහෙම රටක් (නදී) .
අර කල්ඉකුත් වූ බෙහෙත් ප්‍රශ්නයට මොකද වුණේ? (නි)
මෙතන රූප ලාවන්‍ය සැත්කම් කරන්න නම් හදිසි ප්‍රතිකාර සේවා තිබිය යුතුයි. එහෙම නැතිව මේ කරගෙන ගිය දේ නිත්‍යානුකුලව වැරදියි. එහෙම නැති නිසා තමයි අර වෛද්‍යවරිය මිය ගියේ. ඉතින් නීතියෙන් එයාට ගැලවෙන්න බැහැ. (නදී)
රූපය ශාපය වේ මගේ ....කියල රුක්මනී දේවි සිංදු කිව්වේ එහෙනම් මොන එහෙකටද? (නි)
හොඳ ගානක් දීලා තියෙන හැඩයි (නදී)
ඉතා හොඳ තීන්දුවක්. එයා මිනිමරුවෙක් හැටියට හිතන අය හෝ ඉදිරියටත් කල් ඉකුත් වූ ආලේපන දෙයි කියල බයවෙන අය එතෙන්ට නොයා ඉඳීවි. නමුත් රිමාන්ඩ් කරලා තියන්න නැත්නම් වෘත්තියෙන් ඉවත් කර තබන්න ඔහු හිතා මතා අපරාධයක් කරලා නැහැ. මීට වඩා භයානක අත්වැරදීම්වලින්, විශේසඥ වෛද්‍යවරුන් අතින් රෝගීන් මැරිලා තිබෙන බව පුවත්පත් කියවන ඕනෑම කෙනෙක් දන්නවා. (නදී)
රූපලාවණ්‍ය ආයතන වල ලංකාවෙ විතරක් නොවෙයි පිටරටවලත් සමහරු මැරෙනවා. එහෙම කියලා ආයතන වහන්නේ නැහැ. (නි)
සමහර මාද්‍ය මොහු ලවා විලාසිතා ගැන රුපවාහිනියේ කරපු විකාශන සහ ඔහුගෙන් ලැබුන වෙළඳ දැන්වීම් නිසා මොහුව පුම්බා රටට විනාශයක් කරා. රජයේත් ලොකු මැති ඇමති වරුන් ඔවුන්ගේ බිරියන් සහ දියණියන් මොහුගෙන් ලසන්න වෙන්නට ආපසු බලපත් දෙන්න සලස්වා ඇති (නදී)
ඇයි මෙහෙම උනේ ? (නදී)
බණ්ඩා ඔයා අහල නැද්ද හෙරොයින් පාන් පිටි වෙනවා (නදී)
ඉදිරිය්යේදී මෙයාගෙන් ලස්සන වෙන්න එන අයට දෙයියන්ගේම පිහිටයි. ඉපදිනකොට ලැබුන රූපය හොද මදිද මැරෙන කම් ජිවත් වෙන්න. (නදී)
බාගෙට වැඩේ කරගත් අය අතර මේ නඩුවට සම්බන්ධ උන අයගේ නෝනලාත් ඇති. ඉතින් සායනය නෑර පුලුවන්ද. (නදී)
අයියණ්ඩිය බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වමි. කිසි දේකින් නොසැලී රූපලාවණ්‍යගාරය අරින්න. (නදී)
නුපුහුණු හෙදියන්, කල් ඉකුත් වූ බෙහෙත් . මේවා එතකොට වාෂ්ප වෙලා ගිහින්ද ? එකත් එකට මීට කලින් කවුරු හරි බලවන්තියක්ගේ බාගෙට ඔප මට්ටම් කල මුණක් හරි බාගෙට හරි ගස්සපු බඩක් හරි ඇති. මෙයා නැතිව කොහොමද ඒ වැඩේ සම්පුර්න කර ගන්නේ. (නදී)
ආයෙත් නම් මොනවාහරි වුණොත් මෙතනින් ප්‍රතිකාර ගන්න ගියකෙනාට තමයි මඩු වලිගයෙන් ගහන්න ඕනෑ. මෙච්චර දෙයක් වුණාට පසුවත් මෙතනට යනවා නම් මොළය හොඳ නැති කෙනෙක්ම තමයි. මම නම් මීටපසුව දොස්තරට දොස් කියන්නේ නැහැ. (නි)
ඕනිම දොස්තර කෙනෙකුට වරදින්න පුළුවන්. හිතල මරන්නේ නැහැ. (නදී)
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ කිව්වාලු. අර මුල්‍ය සමාගම් ආරම්භ කර හිරේ ගිය අයටත් නැවත ව්‍යාපාරික කටයුතු කරන්න අවසර ලැබුනා නම් හොඳයි කියලා මට හිතෙනවා. (නි)
ඔන්න දැන් තමයි හොඳම වෙලාව (නි)
මෙහෙව් රටක පරණ බෙහෙත් තිබුනා කියන එක ලොකු ප්‍රශ්නයක්ද? (නි)
ලස්සන වෙන්න නම් හැමෝම කැමතියි. නැවතත් මේ වගේ ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්නේ? (නි)
මොකද දන්නේ නැහැ බන්දුල පෙරේරා ගැන කවුරුත් මොකුත් කියන්නේ නැත්තේ.? (නදී)
ඇන්ටිබියොටික් ඉන්ජෙක්ෂන් ඇලජික් වුනාට දොස්තර පලි වෙන්නේ කොහොමද? ඉංග්‍රීසි බෙහෙත් වලට කී දෙනෙක් මැරිලා තියෙනවාද? (නදී)
මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්දුල පෙරේරා කිවු දේවල් බොරු නොවෙයි කියා කාටත් දැන් වැටහෙනවා ඇති කියලා මට හිතෙනවා. මේ දොස්තර මහතාට ක්‍රමානුකූලව රැකියාව කරගෙන යන්නට අවසරයත් ඉදිරි කාලයේදී ලැබෙයි. හැම වෙලාවේදීම පාට කණ්ණාඩි දමාගෙනම ඉන්න එපා. (නි)
එතකොට හොයාගත්ත කල් ඉකුත් වුණ බෙහෙත් ඒවා අහසින් පත්වෙච්ච ඒවාද ? (අ)
සාමාන්‍ය රජයේ රෝහල්වලත් නොසැළකිලිමත්කම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා අනන්තවත් මරණ සිදුවෙලා තියෙනවා. එහෙම වුණා කියලා රෝගීන් රෝහල් වලට යාම නතරකරලා හෝ වර්ජනය කර තිබේද? යම් සිදුවීමක් වූ අලුතම කතිකාවන් කිහිපයක් ගොඩ නැඟෙනවා. ටික කලකට පස්සේ කිසිවක් සිදුනොවුණා සේ සුපුරුදු විදියට බොහොම සාමකාමීව වැඩ කටයුතු කෙරීගෙන යනවා. (නි)
කවුද කිව්වාලුනේ සිංහල මිනිසුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ වැඩිම වුණොත් සති 2 යි කියලා...මිනිස්සු අපහු ඔතනට යාවි. (අ)
තවත් මරණ කිහිපයකින් කෙලවර වෙන්න පුළුවන් , (අ)
ලෙඩා මලත් බඩ සුද්දයි (නදී)
නීතිය සාධාරණයි යුක්ති සහගතයි කියන තේමාව යටතේ කතා කලොත් ඒ පිළිබදවයි මා මේ කියන්නට යන්නේ. කියන්නට යන මෙම සිදුවීම ලංකාදීප එසැන පුවතට සියයට සියයක්ම සමාන නැති වුවද, වැදගත් වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් කාලය සහ වැරදිම්වලට ලක්වූ රෝහලකම වසාදැමීමට තරම් උසාවි නියෝග ඒ අයුරින්ම ක්‍රියාත්මක වීමය. බටහිර ප්‍රංශයේ "පෝ" නම් ප්‍රසිද්ධ නගරයට ආසන්න ප්‍රදේශයක පිහිට Orthez නම් මාතෘ ශල්‍යාගාරයක පසුගිය සැප්තැම්බර් 26 දා රාත්‍රී ශල්‍යකර්මයක් උපයෝගී කරගෙන සිදුවීමට තිබු දරු උපතකට, අදාළ ස්ත්‍රියට නිර්වින්දන බෙහෙත් ගැන්වීමෙන් අනතුරුව දරු ප්‍රසුතිය සිදු උවද එම ස්ත්‍රිය නිදිගන්වීමෙන් පියවි සිහිය නොලබා අකල් මරණයකට ගොදුරු විය. එහි සම්පුර්ණ වරද පැටවී තිබුනේ නිර්වින්ද වේදිනියටය. ඇය තම රැකියාවේ නියුක්ත වනවිටදී, මද්‍යසාර පානය කරතිබී ඇත. එය ලේ ලීටරයකට මද්‍යසාර ග්‍රෑම් 2.18 ක ප්‍රමාණයක් වී තිබී ඇත. නුමුත් ඇය වර්ෂ 1999 සිට තම රැකියාව නිවැරදිව කරගෙන ගොස් තිබී ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව උසාවි නියෝගය මත එම මාතෘ නිවෙස සදාකාලයටම වසා දැමිමට සැප්තැම්බර් 02 දා සිට ක්‍රියාත්මක කිරීමට නියෝග කෙරින. හේතුව එම රෝහලද ඇයගේ සේවය ලබා ගැනීමේදී සිදුවූ ප්‍රමාද දෝෂ නිසා සහ තවත් වරදවල් සැලකිල්ලට ගෙන තිබුණි. මෙම සිදුවීම පිලිබදව මා දක්වා සිටියේ ඉතා සාරාංශ ගතව බව කරුණාවෙන් සලකන්න. (අ)
මෙම සිදුවීම පිලිබඳව රස පරීක්ෂක වාර්තා ඇතුළු පරීක්ෂණ අවසන් වන තුරු යමක් නිත්‍යානුකුලව කිව නොහැක. සමහරවිට ලබාදුන් බෙහෙත් රෝගියාට අසාත්මික වුවා විය හැකිය. සමහර රෝගීන් සමහර බෙහෙත් වර්ග වලට අසාත්මිකතාවයක් දක්වනවා. කෙසේ වුවත් ඉදිරි නඩුවාර වලදී මරණයට හේතු එළිදරව් වේවි. කෙසේවුවත් කල් ඉකුත් වූ බෙහෙත් රෝගීන්ට දී ඇතිනම් එය බරපතල වරදක්. ඉදිරියේදී මොහු වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි. මා හිතන්නේ යම් කොන්දේසි මතයි මොහුට මෙම රූපලාවණ්‍යාගාරය නැවත ඇරඹීමට අවසර ලැබී ඇත්තේ. (නදී)
ලංකාවේ මිනිසුන්ගේ මෝඩකම් (නදී)
මිනිමැරුම් නඩු තියෙන මන්ත්‍රී මහත්වරු පාර්ලිමේන්තුවේ සහ රටේ රජ කරගෙන ඉන්නවා නම් මිනි මැරුම් නඩු තිබෙන දොස්තර සායනාගාරය යළි විවෘත කලාම මොකෝ (නදී)
ගැහැනුන්ගේ මෝඩ වැඩ වලට දොස්තරල පලිද (නදී)
අර සින්දුවක් තියෙන්නේ ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා. මම හිතන්නේ ඔය රට අපේ රටට හුගක් කිට්ටු ඇති (නදී)
ප්‍රශ්ණයක් තමයි (නදී)
සල්ලි බලේද මන්දා (නදී)
තව එක්කෙනක් බිලිගන්නද අවසර දුන්නේ මේක පුදුම ලංකාවක් (නදී)
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් සියළු ප්‍රශ්න නිවාරණයි (නි)