බම්බලපිටිය රූපලාවණාගාරයේ හිමිකරු දොස්තර නිමල් ගමගේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒඑම් සහාබ්දීන් මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.
කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දොස්තර පී ඒ ප්‍රියංගා ගේ මරණය සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියේය.
දොස්තර ගමගේගේ ගමන් බලපත්‍රයද උසාවි භාරයට ගැනිණි.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය වුණ මුල් දවස්වල මේ පුවත අදහස් වලින් පිරිලා. අද මේකට කවුරුවත් මොකුත් කියලා නැහැ. මෙයා කවදාහරි නිදහස් වෙලා ඒවි (නි)
මගේ හිතට නම් ඇපදීම පමණක් ප්‍රමාණවත් නැහැ (නි)
ආ එන්න එන්න, කට්ටියම ආයෙත් පෝළිමට එන්න ලස්සන වෙන්න. ඔන්න ඉතින් අපේ කට්ටිය පෝළිම හැදිලා ලස්සන වෙන්න පොරකනවා..... (නි)
කොහොමද ජයත් ලියන්නේ ? තාම කට්ටිය චීන රුමතියන් දැකලා සිහිය නැති වෙච්ච ගමන්නේ. ! (අ)
අනිත් අදහස් පලකරන්නන්ගේ මතය ජයාත් මහත්තය කියල තියනවනේ .ඒ හින්ද මෙතන අදහස් පල කරලා වැඩක් නැ.(අ)
දොස්තරගේ අතින් සිදුවුණ මේ මරණය අත්වැරදීමක්. මේ වගේ දෙයක් රජයේ රෝහලක වුණා නම්? මේ දොස්තර කරන සැත්කම් ලංකාවේ හුඟක් දුර්ලභයි. මොහුගේ හුඟක් වැඩසටහන්, සැත්කම් මම අන්තර්ජාලයෙන් නැරඹුවා.ඒක නිසා මේ වගේ දැනුමක් තියෙන දොස්තර කෙනෙකුට අපි අනුකම්පා කළ යුතුයි. (නි)
ගමේ ගොඩේ වෙදෙක්ගේ අතින් මෙහෙම දෙයක් වුණා නම් දැනටමත් මොනවා වෙලා තියෙයිද? (නි)
සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුට බෙහෙතක් විදීමට හැකියාවක් ඇත. විදින බෙහෙතක් ඕනෑම කෙනෙකුට විෂ විය හැක. ඒ සඳහා මුලික පහසුකම් එම ස්ථානයේ තිබිය යුතුය.මීට වඩා භයානක දේවල් සුදුසුකම් නැති රූපලවන්‍ය ශිල්පින් මුදල් සඳහා කරමින් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළයි.මේවා ගැන මීට වඩා සොයාබැලිය යුතුය (නි)
ගමන් බලපත්‍ර උසාවියට ගත් එක නම් හොඳයි. හැබැයි මෙයා නැවතත් ලස්සන වෙන්න බෙහෙත් විදින්නයි රූපලාවණ්‍ය සැත්කම් කරන්නයි පටන් ගත්තොත්හෙම තව කී දෙනෙක් මැරෙයිද දන්නේ නැහැ. (නි)
එ්ක නම් ඇත්ත ජෙහාන් ලංකාවේ අපි ඔක්කොම දැන් "මම්මදු " කරලා තියෙන්නේ හරි මොකද්ද වැරැද්ද මොකද්ද කියල හුඟ දෙනෙකුට හිතා ගන්න වත් බැහැ අපි බලමු ! (නදී)
පරිස්සමෙන් කෙල්ලනේ! (නි)