
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
රුපියල් ලක්ෂ 30 ක මත්කරල් සමග තරුණ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 37 , 20 සහ 19 වියැති තිදෙනකු බව පොලිසිය කීය.
කොට්ඨාස බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක විපුල් අබේසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම උඩහමුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මත්කරල් 20100 ක් , හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 2.600 ක් සහ ජාවාරම් සදහා යොදාගත් ජංගම දුරකථන තුනක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd