
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 345 අගයක් දක්වා අද (25) පහළ වැටිණි.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.0000 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 342.4979 ක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනුපාත හදන විදිය සරලව කියා දෙන්න කවුරුහරි...!
රාජපක්ෂ පවුල් ආණ්ඩුව තිබෙන තිබෙන තුරු IMF එකෙන් අපේ රටට කිසිම සහනයක් ලැබෙන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලියි. මැයි මස මැද භාගය වනවිට ඩොලරය රුපියල් 450ක් වනු ඇත.