හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යමින් තිබෙන ශ්රී ලංකා රුපියල වාර්තාගත අයුරින් අද (30) තවදුරටත් පහළ ගියේය.
ශ්රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 162.68ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. එහි ගැනුම් අගය 159.48ක් ලෙස සටහන් විය.
ශ්රී ලංකා රුපියල එතරම් පහළ අගයකට වැටුණු පළමු අවස්ථාව එය විය.
ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව පසුගිය සිකුරාදා (24) එක්සත් ජනපද ඩොලරයේ අගය 162 සීමාව ඉක්මවා ගියේය. ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය සඳුඳා (27) 162.30ක් ලෙසත්, අඟහරුවාදා 162.40ක් ලෙසත්, බදාදා 162.49ක් ලෙසත් දැක්විණි.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 24 වැනිදා දක්වා කාලයේදී ශ්රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්රමාණය වී තිබේ.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්රමාණය වු බව ශ්රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
දිනෙන් දින ශක්තිමත් වන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අනෙකුත් මුදල් ඒකක වේගයෙන් අවප්රමාණය වෙමින් තිබේ. ඒ අනුව දකුණු ආසියානු කලාපයේ වැඩි වේගයකින් අවප්රමාණය වී ඇත්තේ ඉන්දීය රුපියලයි.
කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉන්දීය රුපියලට සාපේක්ෂව අද (30) එක්සත් ජනපද ඩොලරයේ අගය 70.82ක් දක්වා ඉහළ ගියේය. ඉන්දීය රුපියල ඉතිහාසයේ වාර්තා කළ වාර්තාගත පහළම අගය වන්නේ ද එයයි.
මේ අතර අගෝස්තු මාසයේදී පමණක් ශ්රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 1.2ක් අහිමි වී ඇතැයි රොයිටර් පුවත් සේවයේ අද (30) වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙපමණ කලක් හිතාගෙන සිටියේ ඩොලරය ඉහලට රුපියල පහලට කියලා. කාටද ලැජ්ජා නැත්තේ කියලා හිතා ගන්න පුලුවනිනේ.
මෙහෙම ගියොත් වෙනිසියුලාවේ වගේ ඇමෙරිකන් ඩොලර් එකක් රුපියල් ලක්ෂයක් වෙයිද?
එ්ක මිසක්... ඩොලරය පහළ ගිහින් කිව්වට එකපාරටම අදහගන්න බැරුව ගියා. මේ රුපියල්නේ පහළ ගිහින් තියෙන්නේ.
රටේ නව නිෂ්පාදන ක්රියාවලියන් නොමැතිව විදේශ විනිමයන් රට තුළට ගලා ඒමට සැලසුම් නොසොයන හේතුවෙන් රුපියල අවප්රමාණය වෙලා.. ඒ වුණත් අපි අපේ ඉටු දෙවියන් වැනි පතිලා, මැති ඇමැතිලාට ආරක්ෂකයින් සමගින් කොළඹින් නිලනිවාසදී, ගමන් බිමන් වලට වෙඩි නොවදින වාහන... එස්.ටී.එෆ්. රැකවරණ ,පිටුපසින් ඇම්බියුලන්ස් රථ යවා ආරක්ෂා කරගනිමු කොහොම හරි...
ඩොලරය ඉහළට නෙමේද?
රුපියල කවදා හරි ඉහළ ගිය කාලයක් තිබ්බද? දන්නේ නැති නිසයි අහන්නේ
අවුරුදු ගණන් ඉන්න, වයසක යල් පැනගිය අදහස් තියෙන සියලුම නිලධාරීන් වහාම ඉවත් කරන්න. උගත් ලොකයේ අලුත් තාක්ෂණයත් එක්ක යන්න පුලුවන් නිලධාරීන් පත්කරගන්න. අද බලන්න ආසියවේ අපිට පිටිපස්සෙ හිටපු රටවල් වන පිලිපීනය, වියට්නාමය වගෙ රටවල්වලත් පේපෑල් වගේ ගිනුම්වලට පිටරට වලින් සේවා සපයලා මුදල් ගෙන්න ගන්න ක්රම හදාගෙන තියෙනවා. නමුත් අපේ මහ බැංකුව රටට කරපු එක හොඳක් නෑ. රට කන මෙම නිලධාරින් එලවනකම් මේ රට ගොඩගන්න බෑ.
ඩොලරය තවත් පහළට නොව රුපියල තවත් පහළට. මැති ඇමතිලා 20ක් පිටරට නම් මේක පුදුමයක්ද?
මේ තරම් කැත විදියට බොරු කියන්න එපා අනේ...
යාන්තම් ඇති වැරැද්ද පෙනිලා. පහුවෙලා හරි පෙනුන එක නොපෙනීම තිබෙනවාට වඩා හොඳයිනේ. බැරිවෙලා එහෙම ලොක්කා කලින් පත්තරේ කියවුවානම් කාර් තහනමත් ඉවත් කරලා.
මේක හිතලා කරන වැඩක්.. මේක ගොඩක් හොඳ වෙන්නේ ඩොලර් එකවුන්ට් තියෙන ලොකු ලොකු අයට එයාලා ගාව තියෙන්නේ ඩොලර් වලට ලොකු රුපියල් ගොඩක් එනවා.. නමුත් පඩි ගන්න සේවකයන් පරණ ගාණම තමයි ගන්නේ. එයාලට ඩොලර් එක වැඩි වූ ගානෙන් තව දෙතුන් දෙනෙක්ට පඩි ගෙවන්න පුළුවන්... එයාලගේ සල්ලි හොලවන්නේ නැතිව. මේක ඉතා හොඳින් දැනන් කරන වැඩක්...