දැනට ඇති රුපියල් විස්සේ ලොතරැයිපත්වලට අමතරව වැඩි තෑගි අවස්ථා සහිත රුපියල් 40 ක් වටිනා ලොතරැයිපත් ද හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලොතරැයිපත රුපියල් 30 සිට රුපියල් 20ක් දක්වා යළි අඩුකරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම වෙනස්කිරීමේ හැකියාවක් තමන්ට නැතැයි ද මුදල් ඇමැතිවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුව කල්තැබීම විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුනවර්ධන මහතා විසින් කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද අතර ඔහු පැවසුවේ ලොතරැයිපතක මිල රුපියල් 20 සිට 30ක් දක්වා වැඩිකිරීමෙන් අලෙවිය අඩුවී අලෙවි නියෝජිතයන්ට මෙන්ම ලොතරැයි මණ්ඩලයට ද පාඩු සිදුවන බැවින් ජනාධිපතිවරයා නියෝග කළ පරිදි එය යළිත් රුපියල් 20ක් දක්වා අඩුකළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන් ඔය විකුණන අයට යහපතක් වෙන්න ටිකල බොරුටව 20ක් දීල ටිකට් ගන්නේ නැතිව ඒ සල්ලි ටික ටිකට් විකුණන කෙනාටම දුන්නනම් හරි නේ. (බ)
80 දශකයේ සංවර්ධන ලොතරැයිය ආරම්භකළාම එදා විපක්ෂය වත්මන් ඒකාබද්ධ විපක්ෂයමයි කිවුවේ ආණ්ඩුව සූදුවක් ආරම්භකර ජනතාවගේ රුපියල් දහයට විදිනවා, එ් අය බලයට ආවිට සංවර්ධන ලොතරැයිය අහෝසිකරනවා කියා. නමුත් පොදුපෙරමුණ බලයට විත් කළේ රු.දහයේ ටිකට් එක රු.විස්ස කිරීමයි. කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නමුත් අද විරුද්ධයි. (නි)
මෙන්න තිහේ නොවෙයි හතළිහේ ලොතරැයි ඇවිල්ලා! (නි)
එකක් ඉවරවෙද්දී තවත් එකක්...! (නි)
මෙයාලා කපටිකමට තමයි නැවත රුපියල් 20 ට ලොතරැයිපත් අළෙවි කරන්න යන්නේ. කවදාවත් දිනුම් නම් ඇදෙන එකක් නැහැ. ආණ්ඩුව සල්ලි නැතුව දැන් ඉන්නේ හාමතේ. (නි)
30 මදිවට 40ත් ඇවිල්ලද? (නි)
ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නකන් ඕවත් තියේවි (නි)
මම නම් ලොතරැයි එකක් ගන්නේ තෑගි බලාගෙන නොවෙයි. විකුණන කෙනාට යහපතක් වේවි සිතෙන්. ආණ්ඩුව ලොතරැයි 30 කරලා අනාගත්තා. දැන් 40 කරනවලු 20 තියද්දි. ඕකෙන් වන්නේ 20 ට විකුණන්නත් බැරිවෙන එක. අසරණ වෙළෙන්දෝ කබලෙන් ළිපට වැටෙන්නේ. (නි)
මෙයත් අතාරින්නෙ නැහැ වගේ. ලැජ්ජාව වහගන්නත් මොනවාහරි කරන්න එපායැ. (නි)
ලොතැරැයි හොඳයි, කැසිනෝ නරකා.................යි. (නි)
ලොතරැයි වල ගණන් බස්සන්න කලින් මෙතුමාගේ ගණන් බස්සන්නයි තිබුනේ (නි)
අනාගන්නවා කියන එකේ සීමාවක් නැහැනේ... (නි)
ඔයගොල්ලන්ට 30 එක එපානේ. මෙන්න අපෙන් 40 එකක්! ඇද්ද? හූ හූ අපිනේ දිනුම්! (නි)
එයාලට මුදල් අතගාන්න දුන්නාම ඔහොම තමයි. පේනවනේ දැන් රටේ නායකයාටවත් කන්දෙන්නේ නැහැ. ඊටවඩා ලොක්කෙක් නැති ගානට එයා දැන් වැඩ. අනේ මෙහෙම වැඩ! (නි)
ටිකට් එකක මිල වැඩි කරගන්න බැරී පාර්ලිමේන්තුවක්, අනිත් ඒවා ගැන මොන කතාද....(බ)
කවුරු කවුරුත් ලොතරැයි ගැනීමෙන් වළකිනවා නම් හොදයි (බ).
මේ මුදල් අැමතියනම් අමු මී හරකෙක් 20 එක 30 කරලා එ්ක එපා කිව්වම. මෙගේ උද්දච කමට එක 40 කරන්න යනවා. රටේ ජනාධිපති කියන එක කරන්න බැරි තරම් නිහතමානී කමක් නැති එකෙක් . තියෙන අාදායමත් අඩු කරගෙන ඉන්නේ. අලෙවිය වැඩි කරගන්න උත්සාහ ගන්නේ නැතුව මිනිස්සු හුරගෙනම කන්න බලන්නේ. මුගේ බිස්නස් නිසා රටට විශාල මුදලක් අහිමි වෙනවා. ඒ බරත් ජනතාවටම කියල අද්දන්න බලන්නේ (බ).
මේ මුදල් අැමති ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
සිදුවුණ ලැජ්ජාව වහගන්න කරන වැඩක් (නි)
ලොතරැයි වගේද හාල් . හාල් මිල තම අඩුකරගන්න බැරි වුනානේ. (බ)
මගේ අදහස ඔය ලොතරැයිය රුපියල් සීයක් කළයුතුයි. එතකොට ගන්න කෙනා ගනියි. නැති කෙනා නොගෙන ඉඳියි. එතකොට අනිවාර්යෙන්ම ඕක පොහොසතුන්ගේ සූදුවක් වේවි. අනෙක ඉතුරු දෙන්න ඕනෑත් නැහැනේ. (නි)
ඕකටත් වෙන්නේ කලින් සන්තෑසියම තමා (නි)
දුප්පත් මිනිසුන්ගෙ පලිගන්න ආපු හතුරෙක්, මෙි රටේ මිනිස්සු බැන්නට වැඩක් නැ බීරි ඇතා වගේ. (ම)
ජනාධිපතිතුමාට ස්තූතිවෙනවා මේ අදූරදර්ශීව ගත් ක්‍රියාමාර්යට එරෙහිව නැවත ලොතරැයිපතක මිල රුපියල් 20ක් කිරිම ගැන. (නි)
යන්තන් එකක් ඉවරවෙකොට ආයෙත් මොකක්හරි ලෙඩක් මේ ඇමති ගේනවා (නි)
මේ ටිකට් මිලදීගැනීම මිනිස්සු වර්ජනය කළාම ඉබේම නවතිනවා. දේශපාලුවන්ට හොරකම් කරන්න අපේ තුට්ටු දෙක රවටා ලබාගැනීම තමයි මේකෙන් කෙරෙන්නේ. (නි)
ඔය කොයි එකටත් දිනුම් තියෙනවද? (නි)
රුපියල් 40 ක් වටිනා ලොතරැයිපත් විකිණීම සඳහා ලොතරැයිපත් නියෝජිතවරු සහා වෙළඳ මහතුන් ඉදිරිපත් නොවියයුතු වගේම ජනතාවත් මිලදී නොගත යුතුයි. (නි)
ඒ ගමන මේ ලොතරැයි සෙල්ලම දිගටම යනවා වගෙයි (නි)
අනේ මේ රටකට ගිය කලදසාව! (නි)
රවී කළොත් කරන්නේ ඔහොම වැඩක් තමයි.... (නි)
ලොතරෙයි කියන්නේ සුදුවක් එකට වියදම් කරන එක සුදු කෙලින එකාගේ වැඩක් , (ම)
නිකන් බොරු වැඩ කරන්න එපා. කවුරුවත් ඕක රුපියල් හතළිහක් දීලා ගන්නේ නැහැ. තව රුපියල් හතළිහක් දීලා හාල් කිලෝ එකක් අරන් ගියාම දෙවේලක් කන්න පුළුවන්නේ. මොකද තිහෙන් පැරදිලා චණ්ඩිකමටද ඔය කරන්නේ (නි)
ජනතාවගේ ජීවන ප්‍රශ්න ඉහළ යනවිට එයින් ඵල නෙළාගන්නයි මෙම ඇමැතිලාගේ අභිප්‍රාය. (නි)