
(ජේ.කේ.එල්. චාමින්ද)
ලංකා පොස්පෙට් සමාගමේ ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සදහා යොදනු ලබන රබර් බුෂ් ඒකකයක් රුපියල් 350ක මුදලකට දේශියව මිලදි ගැනිමට හැකියාව තිබියදි එකක් රුපියල් 79,082ක් වැනි ඉතා ඉහළ මිලක් ගෙවා ආනයනය කිරිම තුලින් පොස්පෙට් සමාගමට රුපියල් එක්කෝටි, පනස්හත්ලක්ෂ, හතලිස්හයදහස් හාරසිය අසුදෙකක (15,746,482) අලාභයක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
රබර් බුෂ් එකක 81ක් ගබඩාවේ තිබියදි තොගය ශුන්‍ය බව දක්වමින් මෙකි රබර් බුෂ් 200ක් එසේ ආනයනය කොට තිබුණි.
මිලදිගත් රබර් බුෂ් තොගය ඉකුත් වර්ෂයේ (2024) අප්‍රේල්මස 01 වැනිදින වනවිටත් භාවිතයට නොගෙන ගබඩා ලේඛන තුළ ඇතුළත් කිරිමකින් තොරව ගබඩාවේ නිෂ්කාර්යව ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි රබර් බුෂ් තොගය සමග බුෂ්වලට අමතර සම්බන්දතා ඇණ 198ක් ලැබි තිබුණද එම ඇණ වලින් අදාළ යන්ත්‍රයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බැවින් එවා නිෂ්කාර්යව තබා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ඒකකයක් රුපියල් 350 බැගින් දේශියව මිලදි ගෙන තිබු රබර් බුෂ් 2024 අප්‍රේල් මස 01 වැනිදින දක්වාම අදාළ යන්ත්‍ර සදහා භාවිතා කරමින් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේත් ඕක විවාද කරා පහුගිය කාලේ, ඩොලර්100 ටත් බුෂ් තියෙනවා ලක්ශයටත් තියෙනවා, ඒත් ඔය දෙකේ කොලිටි එක අහසට පොළව වගේ, නිතර නඩත්තු කරන්න අපහසු යන්ත්‍ර, ඒ කියන්නේ යන්ත්‍රය ගලවලා නඩත්තු කිරීම කල් ගතවන වියදම් අධික වැඩක් නම් කල්පවතින බුෂ් එකක් ගැහුවාට වරදක් නැහැ... ඒත් මාසෙන් දෙකෙන් ගෙවිලා ලීක් වෙන්න ගන්නවා නම් රුපියල් 350 බුෂ් එකෙන් ලොකු පාඩුවක් වෙන්නත් පුළුවන්. එහෙම නෙවෙයි නම් ඉතින් හොරකමක් තමයි.
මේ කියන කරුණු කාරණා සත්‍ය නම් මේවා ඇනවුම් කළ නිලධාරීන් වහාම සැකපිට අත්අඩංගුවට අරන් චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ..., මේවා කරන්න තමයි මිනිස්සු ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ, මේවා තමඊ මිනිස්සු මාධ්‍ය හරහා දකින්න කැමැති නිවුස්, ඡන්ද පදනම ආරක්ෂා කරගන්න ඕනේ... ඕනේ නම් ආණ්ඩුවේ අදාල බලධාරින් මහන්සිවෙලා, සතියකට මහාපරිමාණ හොරු 3-4 කට වත් විරුද්ධව චෝදනා ගොනු කරන්න ඕනේ..., කුඩාපරිමාණ අල්ලස් වැනි දේවල් වලට සම්බන්ධ සිද්ධි 10-15 වත් මාධ්‍යවල දකින්න ඕනේ..., එහෙම කළාම තමයි හොරු බය වෙන්නේ එහෙම නොකලොත් නිලධාරීන් දිගින් දිගටම කිසිම චකිතයක් නොමැතිව සොරකම් කරාවි...
කෝ මේ ගොල්ලෝ මොකද මේකට කියන්නේ...? කරන්නේ...?
ඇමරිකන් බුෂ්ද?.. ට්‍රම්ප් එක වැරදුණාද?..
අනේ මන්දා... ඉස්සර නම් අපි ඉගෙන ගත්තේ රබර් ගස ලංකාවේ වැවෙනවා කියලා. ඊළඟට ඉගෙන ගත්තා වගේ මතකයි පර්යේෂණ ආයතනයකුත් තියෙනවා කියලා. ඔය බස් ලංකාවේ හදන්න බැරිද? නැතිනම් කොමිස් අත වනන්නේ නැතිද?
අවුරුදු 60 ක් විතර මාරුවෙන් මාරුවට කාපු කෑමක්... ඉතින් රටක් ඉතුරු වෙයිද?
රවීන් මහත්මයා ඔබගේ ප්‍රශ්නයට උත්තරේ මේක, ලංකාවේ රබර් ගස් වලින් කිරි නිෂ්පාදනය කළත්, ඔය කියන විවධ අවශ්‍යතාවයන් වලට ගැලපෙන බුෂ් සහ වෙනත් දේවල් වලට අවශ්‍ය කරන සංයුතිය මිශ්‍ර කරගන්න දැනුමක් තිබෙන ඉංජිනේරුවෝ ලංකාවේ ඉතා අල්පයි.., විශ්ව විද්‍යාල තුළ මේ සම්බන්ධයෙන් සිදුවන පර්යේෂණ කටයුතු සිදුවන්නේ ඉතා අල්ප වශයෙන්, අපේ විශ්ව විද්‍යාලවල සිසුන්ගේ කාලයෙන් විශාල කොටසක් ගතවන්නේ නවක වදය ලැබීමට, අලුත් සිසුන්ට නවක වදය දීමට සහ දේශපාලන කටයුතු උද්ගෝෂණ වැනි දේවල් වලට මිඩංගු වෙන බව සඳහන් කරන්න ඕනේ...
සිල්වා මහතා විකාර කතාකරනවා ඔය කියන බුෂ් වැනි දේවල් ලංකාවේ හැදුවහම එකකින් රුපියල් 85000 ක පමණ කොමිස් අදායමක් රජයේ නිලධාරියන්ට අහිමි වෙනවා. රජයේ ආයතන තුළ පගා කොමිස් ගහන්නේ ඉහළ සිට පහළට සියලු නිලධාරීන් එකතුවෙලා සමුපකාර ක්‍රමයට, මේක කියන්නේ මම නොවේ... රජයේ අල්ලස් කොමිසම ඔවුන් හොයාගෙන තිබෙනවා RMV එකේ පමණක් දිනකට අල්ලස් ආදායම රුපියල් ලක්ෂ 40 ක්..., පාස්පෝර්ට්, හැඳුනුම්පත් කන්තෝරු, රේගු දෙපාර්තමේන්තුවලත් මේවා ගජරාමෙට සිදුවෙනවා. මේවා නවත්වන්න පසුගිය රජයට සහ වර්තමාන රජයට කිසිම අවශ්‍යත්වයක් නැහැ... හේතුව එම ආයතන තුළ ක්‍රියාත්මක වන රජයට සම්බන්ධ වුර්තිය සමිති....
මෙම මුදල් නාස්තියට හා දූෂණයට සම්බන්ධ සියලුම නිලධාරීන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර ඔවුන්ගේ පුද්ගලික දේපළ විකුණා හෝ වෙන්දේසි කර අලාභය පියවා ගත යුතුයි.