
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර කටයුත්තක් සඳහා අද (15)සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
වික්‍රමසිංහ මහතා ලබන බදාදා (18)අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර වලින් අනතුරුව වික්‍රමසිංහ මහතා සති දෙකක් හෝ තුනක් රෝහල් ගතව විවේකයෙන් සිටිනු ඇතැයි වික්‍රමසිංහ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ තෙදිනක් පමණ මෙරට පෞද්ගලික රෝහලකදී ද වෛද්‍ය පරීක්‍ෂණයකට බඳුන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd