පසුගිය කාලයේ පැවති මැතිවරණවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය අසීමිත ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇතත් මෙවර මහ මැතිවරණයේ දී නාම යෝජනා භාරදීමෙන් පසු කිසිඳු දේශපාලන කටයුත්තක් සඳහා එය යොදාගෙන නැති බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
නාම යෝජනා බාරදීමටත් අරලියගහ මන්දිරය මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ එක් අවස්ථාවක් පමණක් වාර්තා වූ බවත් එම ආයතනය කියයි.
මෙවර මැතිවරණයේ දී පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීම් පිළිබඳ පැමිණිලි 266ක් තම සංවිධානය වෙත ලැබී ඇති බවත්, ඉන් සියයට 80ක්ම මේ වන විට සාක්‍ෂි සහිතව තහවුරු කරගෙන ඇති බවත් ශාන් විජේතුංග මහතා සඳහන් කළේය.
ඉන් පැමිණිලි 127ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව ලැබී ඇති අතර පැමිණිලි 115ක් එක්සත් ජාතික පෙරමුණටත්, පැමිණිලි 15ක් ජනතා විමුක්ති පෙරමුණටත් එරෙහිව ලැබී ඇතැයි ද එම ආයතනය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ මහින්ද හිටිය නම් මෙලහට අපේ සල්ලි වලින් දන්සල් දෙනවා (බ)
බලය ගන්නකන් ඔහොම තමයි පස්සේ තමයි වැඩ තියෙන්නේ. බලමු බලමු (ම)
හැබෑ නේන්නම් රනිල් ඉන්න නිසා අරලිය ගහ මන්දිරේ පැත්ත කිසි ගතියක් නැහැ. මැතිවරණයක් තියනවද කියලවත් දැනගන්න නැහැ. අන්න ඒකට අපේ මහරජානෝ හිටියනම් අපි මේ වෙන කොට අරලිය දන්සල්ම කීයක් කාලාද? (බ)
රනිල් මහත්තයට නොදෙන සහතික වෙන කාට දෙන්නද? (නි)
ලෙස්ලි, හුඟක් අය හිතුවේ දීල කාල පුරුදු මිනිහා කියලා. බලනකොට කාල තියෙන්නේ අපිව උකස් කරලා නයට ගත්ත සල්ලි වලින්නේ. 2010න් පස්සේ ගෙදර ගියා නම් මහින්ද කියන්නේ පිළිම හදල වදින්න ඕන මිනිහෙක්.(නදී)
රනිල් කියන්නේ නියම මහත්මයෙක් (නි)
ඒක තමා. මේ පාර අරලිය දන්සැල නැතුව ඒ පැත්ත පාලුවෙලා (නි)
අපි පක්ෂ පාට නොව රට දිනවමු. (නි)
කොහොමද එදා ධවල පත්‍රිකාව අනුව වැඩ කළා නම්? අපි අද ලෝකේ උසස්ම රටවල දරුවන්ගේ මට්ටමට එනවා. අවාසනාවට මමත් ඕකට එදා විරුද්ධ වුණේ මොකුත් නොදැන. අවුරුදු 35 කට පස්සෙයි මට මගේ වරද තේරුනේ (නි)
රනිල් මහත්තයා හොඳ බුද්ධිමතෙක්. ඔහු මේ රට ගොඩගන්නවා (නි)
රනිල් කියන්නේ නියම අවංක දේශපාලඥයෙක් (නි)
රාජ්‍ය දේපල යොදා නොගැනීම ගැනත් හොඳ වාර්තවක් තිබෙනවද (අ)
රනිල් කොහොමත් විශිෂ්ටයෙක් (නි)
යහපාලනේ හොඳ ප්‍රතිළුල (ම)
රනිල් මැතිතුමා ආසියාවේ මිනිපහන යන විරුදාවලිය ලද්දේ නිකම් නෙමේ.(ම)
රනිල් කවදත් මහජන මුදල් නාස්ති කළේ නෑ.මෙි තත්ත්වය තේරුම් නොගත් අය 17 වෙැනිදායින් පස්සේ නැවතත් දන්සල් අහවරයි ද දන්නෑ.(ම)
ඕක මොකක්‌ද අපේ මහා රජතුමා තියපුවත් එක්ක බලනකොට. (නදී)
හොදම සහතිකේ තමා ලංකාවට ධවල පත්‍රිකාව හඳුන්වල දුන්න එක. අමතකද මන්ද? (නදී)
17 වැනිදට මේ රටේ අගමැති මෙතුමයි. කපුටෝ කාක් කාක් ගෑවට කඩු පෙරළෙයිද ආයුබෝවන් (බ)