තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් ගමන් බිමන් අවශ්‍යතා ගැන රනිල් වික්‍රමසිංහ අගමැති බොහෝ කලක සිටම ඉදිරිපත් කරන කරුණු හාස්‍යයට, සරදමට හා උහාසයට ලක් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දැන් තරුණයන්ගේ ජනප්‍රිය විනෝදාංශයක් වන සෙල්ෆි ඡායාරූප ගැනීමට ඉදිරිපත්වී සිටියි.
ෆේස්බුක් ට්විටර් හා වෙනත් සමාජ මාධ්‍යයන්හි ඔහු ඔහුගේ සෙල්ෆි ඡායාරූප දැකිය හැකිය.
හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කුරුණෑගලින් මහ මැතිවරණයට තරග කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සෙල්ෆි ඡායාරූප ගැනීමේ නව රැල්ලට එක්වෙමින් කාල්ටන් නිවසින් ඇරැඹූ ගමන කොල්ලන් කෙල්ලන් වැඩියෙන් ගැවසෙන කොළඹ ආකේඩ් හා උයන්වතුවල ද සැරි සරයි.
කැමරාව අතේ දුරින් අල්ලාගෙන ස්වයංක්‍රීය ලෙස තම උඩුකය ඡායාරූපය ගැනීමේ පුරෝගාමියා වූයේ රොබර්ට් කෝරනේලියස් නම් ඇමැරිකන් ජාතිකයා ය. ඒ 1839 දී ය. සෙල්ෆි නමින් අද හැඳින්වෙන ඡායාරූප ගැනීම සඳහා බොහෝ විට පාවිච්චි කරනුයේ ඩිජිටල් කැමරාවක් හෝ කැමරා ෆෝනයකි.
කොරනේලියස් හඳුන්වා දුන් ක්‍රමය බරක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති මෙන්ම බොහෝ දේශපාලනඥයෝ තමන්ගේ ජනප්‍රියත්වය උදෙසා පාවිච්චි කරති.
මහින්ද රාජපක්ෂ මහතා එදා අරලියගහ මන්දිරයේත්, මැදමුලන වලව්වේත් දන්සල් දුන් සමයේ වෙනත් අය, ඔහුගේ ගෝලබාලයෝ සෙල්ෆි ඡායාරූප ගත්හ. ඔහුගේ ෆේස්බුක් ඇතුළු සමාජය වෙබ් අඩවිවල සෙල්ෆි යනුවෙන් එම ඡායාරූප හැඳින්වුවත් ඒවා ගැනීමට ඔහු කැමරාවක් හෝ ජංගම දුරකතනයක් පාවිච්චි කරන බවක් පෙනෙන්නට නැත.
ඔහු වෙනුවෙන් වෙනත් අය ඔහු ද සමඟ සිටින ඡායාරූප ගන්නා බව පෙනේ. කාල්ටන් නිවසේ දී පසුගිය දා ඔහු මුලින්ම එවැනි ඡායාරූපවලට මුහුණ දී ඒවා ඔහුගේ ෆේස්බුක්හි ද පළකළේය.
රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ගැත්තෙකියි බැන බැන ඔහු දැන් බටහිර සල්ලිකාරයන්ගේ විලාසිතාවක් හදුන්වා දෙයි.
ගූගල් සමාගම වයිෆයි ඇතුළු ඉන්ටර්නෙට් තාක්ෂණය වඩාත් ලාබ මිලකට ශ්‍රී ලංකාවට සැපයීම සඳහා විශ්ව අන්තර්ජාල පිවිසුමක් ශ්‍රී ලංකාවට ලබා දීමට යයි.
ඒ සඳහා වන ගිවිසුමකට ද අත්සන් තැබීය. කිලෝමීටර 20ක් ගුවනේ රැඳවෙන හීලියම් පිරවූ බැලුන් මගින් අන්තර් ජාල සංඥා ලබා ගනී. එක් බැලුනයකින් වර්ග කිලෝමීටර 5000ක් පමණ ලබා ගත හැකි බව ගූගල් සමාගම කියයි.
මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව අනාගතයේ දී ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය පතන ඕනෑම කෙනකුට සෙල්ෆි තවත් පහසු උපාංග ද සහිතව බිහිවනු නොඅනුමානය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිප් මට කියන්න ඔයා දන්නේ මොනවද කියල විතරක් (නදී)
සෙල්ෆි ගත්තා කියලා ලොක්ක දිනන්නේ නැහැ මේපාර. පැරදිලා ගම වටේ ඇවිද ඇවිද සෙල්ෆි ගගහා තමා ඉන්න වෙන්නේ. (නදී)
මේ රටේ ඉන්න දෑසම පෙනෙන මිනිසුන්ට සත්‍යය නොපෙනෙන එක ගැන දුකයි (නි)
අයියෝ මෙතුමාට වෙච්ච දෙයක්? (නි)
අනේ අපේ මහින්ද මහත්තයට ගිය කල. මේ මොනවා කළත් දේශපාලන ආයු කාලය ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙනවා. මෙදා සැරේ නම් ජනතාව සේලයින් හෝ ඔක්සිජන් දෙන්න ලැහැස්ති නැහැ. (නි)
මෙය වහාම එෆ්.සී.අයි.ඩී එකට පැමිණිලි කරන්න. අත් අඩංගුවට ගත යුතු වරදක් (නදී)
සිංහලයන්ට ඉක්මනටම අමතක වන ජාතියක් කියලා ප්‍රභාකරන් කිව්වේ ඕක තමයි. මිනිසුන්ට ජිවත් වීමේ නිදහස ලබාදුන්න ඒ් උත්තමයට ජාතිය සදා ණය ගැතියි (නදී)
ශාන්ත මහත්තයගේ දැනගැනීමට. රනිල් මහත්තය නීතීඥ කෙනෙක් උනේ නියම සුදුසුකම් සහිතව. (නදී)
හරිම සෝක් නේද මෙයා (නදී)
උගත් කමේත් නුගත් කමේත් වෙනස. රනිල් මහත්තය තැනක හැසිරෙන්න දන්නවා. (ම)
සෙල්ෆි ගත්ත කියල මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ....(ම)
දිලිප්, ඔහෙට තේරුනේ නැතිවුණාට විදේශ රටවලදී රනිල් මහත්තයා නිරන්තරයෙන් ආසියාවේ මිණිපහන ලෙස ගෞරවයට පාත්‍රවුණා. (නි)
අදික බල ලෝබය විනාසයට මුලය. කලයුතු දේ නොකළ යුතු දේ දන්නෙත් නැත (නදී)
ඔය මොනවා කරත් වැඩක් නැහැ ජන්දෙ ලැබෙන්නේ නැහැ.(ම)
ඔව් මොහු හොදය .. නමුත් දැන් ඇතිවෙලා අප්පා.. රනිල්ට හෝ ජවිපෙට හොදයි කියනවා නෙවෙයි.. මහින්ද ඇතිවෙලා (බ)
ඔහොම හිනා වේවි ෆොටෝ ගැහුවා වගේ නෙමෙයි බැරිවෙලා හරි හයියෙන් අතින් ඇල්ලුවොත් මොකද වෙන්නේ කියල දන්නව නේද? ගුටි කාල වැදලා සමාවත් ගන්න වෙනවලු. (නදී)
සරණපාල, දන්නා බම්බුව තමයි. මේ දෙන්නම නීතීඥයෝ. අනික සෙල්පි ගත්ත කියල ඒක බටහිර විලාසිතාවක් වෙන්නේ නෑ. එහෙම නම් ඉතින් කලිසමත් බටහිරින්නේ ආවේ. මෝඩ කතා. (නදී)
නමුත් අද තියෙන තත්වය තුල නායකත්වයට සුදුසු වන්නේ බුද්දීමතුන් පමණි. මොහු ගැමි ඡන්ද ලබා ගැනීම සඳහා බොරු බටහිර විරෝදී බේගල් කිව්වේය. රනිල්ට මොහුට වැඩිය දැක්මක් ඇත. ඔහු දූර දර්ශීය නමුත් බොහෝ අයට එය නොපෙනේ. දැන් බලන්න යුරෝපිය අැඟලුම් සහනය ලබාගත් හැටි. මත්ස්‍ය අපනයනයට ඇති බාදක විසඳූ හැටි. (නදී)
අනේ අපේ මහින්ද මහත්තයා! (නි)
රනිල්ට වඩා මර්වින් සිල්වා උගත්නේද ? ඇයි එයාට ඔය ආචාර්ය පට්ටමකුත් තියෙන්නේ. (නදී)
සෙල්ෆි ගැහුවට කමක් නැහැ ගහන්න යන්නේ නැතුව.(නදී)
මහින්ද මහත්තයා කවදාවත් චුවින්ගම්, ඩෙනිම්, බ්‍රේස්ලට් කතා කියල නෝන්ඩි වෙන්නේ නෑ. එතුමා දන්නවා තමුන් මොනවාද කල යුත්තේ කියලා (නදී)
ඒකත් නියමයි නේද? (නි)
සිංහ ඔබ කියන ජීවත් වීමේ නිදහස ලබා දුන් පුද්ගලයාගෙන් පලිගත්ත හැටි අපිට හොදට මතකයි. ඔහුට හිමි ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දුන් ජනපතිට තුති. (නදී)
ළඟ ඉන්න ගැණු කෙනාට නම් පොඩි කිචියක් තියෙනව වගේ. ඒකත් අනික් අයට තේරෙන්නේ නෑ. (නදී)
කවුරු කොහොම නැටුවත් ජනතාව ආදරේ මහින්දටයි. සෙල්ෆි කියන්නේ බටහිර විලාසිතාවක් නම් හෑන්ඩ් ෆොර්න් භාවිතයත් වැරදිද? එ්කත් බටහිර විලසිතාවක්ද? (නදී)
පසුගිය යුගයේ තොරතුරු තාක්ෂණයෙන් ලොව දිනු බව බිල් ගේට් සම්මානෙන් ඔප්පු වුණා (ම)
මහින්ද මහත්තයා ජනපතිවරණය කාලේ කිව්වේ ඔය කියන සෙල්ෆි ගහන්න පුළුවන් කියලා වෙන්න ඇති නේද? (නි)
රනිල් කියන්නේ ප්‍රතිපත්තිගරුක ශ්‍රේෂ්ට නායකයෙක්. (ම)
සිංහල බෞධයන්ගේ නායකයා (ම)
රුවන් ජාතිවාදය අවුස්සන්න එපා. එ්ක හරිම බයානක තත්වයක් (නදී)
මහින්ද හොද නළුවෙක්, රගපෑමට කොහොමත් දක්ෂයි.(අ)
රනිල් ඔබයි අපේ පැතුම (නදී)
ජ වී ප යත් සෙල්ෆි ගැහුවොත් රටට හරියන එකෙක් වත් හොයන එක බොරු.(නදී)
මහින්ද කියන්නේ ලස්සන මනුස්සයෙක්. ඒ නිසා එයත් එක්ක සෙල්ෆි ගහන්න කට්ටිය ඕනෑතරම් (නි)
පව් දෙවියනේ, අර දහ අට පාලියේ ඉන්න ලජ්ජා යකා වගේ මේ විදියට හිනා වෙලා ඉන්නවා දැක්කම මට නම් පුදුම දුකක් දැනෙනවා.ලෝකයේ දරුනම ත්‍රස්තවාදයක් නැති කල ලෝක පුජිත නායකයෙක් බලයට තියෙන ආසාව නිසා ඇද වැටුණු වැටිල්ල.(නදී)
අකුරැස්සේ සිද්දිය නම් අනුමත කරන්න බැහැ (ම)
රුවන්,සියල්ලටම කලින් "සිංහල බෞද්ධයා" කවුද කියලා නිර්වචනය කරන්න. (නි)
මෙන්න සිංහල බෞද්ධයන්ගේ නායකයා (නි)
රනිල්ගේ ඇති අමුතු උගත්කම සහ වැදගත්කම මට කවුරු හරි පැහැදිලි කරනවද ? මතක තියා ගන්න, මේ රටේ ඉතිහාසේ ඇතුලේ රට ඉදිරියට ගෙන ගියපු කිසි කෙනෙක් ඔය කියන මහා උගත්තු නෙමේ. හැබැයි ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්ත අය. ඩි ඇස් සේනානායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ දෙන්නම මහා ලොකු උගත්තු නෙමේ. ඒ උනාට අදටත් මිනිස්සු අතිශය ගෞරව කරන අය.(නදී)
රට දෙකට කැඩීමට උත්සහ කිරීම උගත් කමද.(ම)
අවුරුදු නවයක්ම රට උකස් කළා පිටරටට. දැන් ආයෙත් පාරක් ඡන්ද හිඟා කනවා. (නදී)