බලපිටියේ ධීවරයන්ගේ මළ ගවලට ගිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බාධා කිරීම හෙලා දකින බවත් එවැනි සංස්කෘතියක් අපට නුහුරු බවත් විශේෂයෙන්ම මළ ගෙවලට එන අයට එසේ නොකිරීමේ පුරුද්දක් අපට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා බලපිටියේදී අද ප්‍රකාශ කළේය.
මුහුදු ගොස් මියගිය ධීවරයන් 32 ගේ මළ ගෙවලට ඔහු අදත් හෙටත් යයි. එක් පවුලකට රුපයිල් 10,000 ක පරිත්‍යාගයක් ද කරන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ප්‍රකාශයක්. ඒ වගේම හොඳ දෙයක් මුදලින් ආධාරයක් දෙන එක. (නි)
මහත්තයෝ ඔබ තුමා හරියටම හරි (දී)
කතාවේ තව ඉතුරු ටිකක් නැද්ද? තියෙනවා නම් කියන්නකෝ (නි)
ඉබින්න බැරි අත.(නදී)
ඉස්සර නම් මළ ගෙවල් වලට තරහකාරයෙක් ගියත් පන්නන්නේ නැහැ. මම දන්නා විදියට මෙවැනි ආපදාවන් සිදුවූ අවස්ථා වලදී කිසිම දේශපාලනඥයෙක් අවස්ථාවාදීව කටයුතු කරන්නේ නැහැ. විකෘති මනස් ඇති පාදඩ සමාජයක් සීග්‍රයෙන් රටේ ඇතිවෙමින් පවතිනවා. කණගාටුයි! (නි)
කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්.ඒත් "ඇත්ත" කියලා දෙකක් තියෙන්න බැහැනෙ.1983 දි ඇත්තට ම සිදුවුනු දේවල්වත් අද වයස අවුරුදු 40ක කෙනෙක් හරියට දන්නෙ නැහැ.ඒ එදා ඔවුන් හිටියෙ පහේ පන්තියෙ නිසයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැළපෙන පරිදි සකස්කර ගතයුතුයි. (නි)
සජිත් නම් කිව්වේ ආණ්ඩුව මියගිය ධීවරයෙකුට ලක්‍ෂ 100ක් දෙන්න ඕනෑ කියලා. ඒත් ධීවරයෝ මුහුදේ ගිලෙනකොට උඩ බලාගෙන හිටපු සමහරුන්ට වඩා නම් සජිත්ගේ ව්‍යායාමය උතුම් (නි)
කොහොම හරි ලකුණු ටික දාගන්න.(නදී)
දුකකකට පත් වූ අවස්තාවක , අසරණ වූ පවුලක් වෙනුවෙන් ,එම නිවෙසකට ගොඩ වැදී ,සංවේගය පල කිරීම ,හැකි පමණින් ආධාර කිරීම ,කෝටියක් වටිනා දෙයක්. පක්ෂ,විපක්ෂ සියලුම දේශපාලඥයන්ට ආදර්ශයක්! (නි)
දිය කිරි වලට බළල්ලු සාක්කිලු. සජිත්ට පුරුදු නැති ගොඩක් දේවල් සජිත් ගේ පියාණන් කරා.(නදී)
දේශපාලකයෝ කියන්නේ බොර දියේ මාලු බාන ජාතියක්. ගංගාවක් මුහුදක් නැතුවත් අමුඩ ගහන් ජනතාව රවටන ජාතියක්. මේ ආණ්ඩුව පෙරලා මොවුන් ආවත් මේ ටිකම තමා. මේ අයත් රට පාලනය කරනේ කාලයක්. අතීතය අමතක වීම අපේ ජනතාවට පුදුමයක් නෙමේ. කොටි නායක ප්‍රබාකරන් කිව්වේ සිංහලයාට ඕන දෙයක් මතක දවස් හයක් පමණයි. සත් වෙනි දවසේ සියල්ල අමතකය කියා.(නදී)
සජිත් එහෙම බලයේ සිටියා නම් මේ කතාව කියන්නේ එදාට සිටින විපක්ෂය වෙන්න පුළුවන්. (නි)
පන්සල් වලට බෙදන 50,000/= මේ පවුල් වලට දෙන්නකෝ.... (නි)
සජිත් ප්‍රේමදාස, ටිකකට කලින් කෝටියක් දෙන්න ඕනෙ කියලා කිව්වා නේද ?(නදී)
මල ගෙවල්වලට ගිහින් දේශපාලනය ගැන කතාකරන් එක හොද නැහැ. රනිල් මහත්තයා එහෙම කරයි කියලා තමයි ජනතාවට තරහා ගිහින් තියෙන්නේ.(නදී)
ඔබ තුමාලා රට කරවන කලේ හරියට වැඩ කරලා තිබුනම් අද ඔහොම වෙනවද?මැරෙන් නැහැ කියලා හිතාගෙන හදපු ව්‍යවස්ථාව නිසා අද මුළුරටම අනතුරක?(අ)
අන්න හරි පක්ෂයක් හැටියට අපි එකට ඉන්න ඕනේ
සජිත් ඔබේ ප්‍රකාශය ශ්‍රේෂ්ටයි. දීමනාවත් ශ්‍රේෂ්ටයි. මෙය විරුද්ධවාදීන්ට කනේ පාරක්ද වෙයි. එහෙම තමයි වැඩකරන්න ඕන. ස්තුතියි.(අ)
සජිත්, ඔබේ ක්‍රියාවට අපි ගරු කරන්නෙමු. මන්ත්‍රීවරු 225 සිටියත් ඇමතිවරු 100 කට වැඩි ප්‍රමාණයක් සිටියත් මේ අවස්ථාවේ ධීවරයන් වෙනුවෙන් කලේ මොනවද.(නදී)
කපන්න බැරි අත ඉඹ්නවාද?(නදී)
දෙයියෝ සාක්කි
මොකෝ දන්නේ නැහැ මෙයාගේ අනුකම්පාව?බලපිටියේ මිනිස්සුත් කපටියි හොදේ. (නි)