විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයනට බලපිටියේදී මැර තර්ජන එල්ල කර ඔවුන්ගේ වාහන පෙළට ප්‍රහාරයක් එල්ල කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම පිරිසකියි බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් සමරජීව මහතා මාධ්‍ය සාකච්ඡාවකදී කියයි.
මන්ත්‍රීවරයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයකු මැර පිරිසකට කන්න බොන්න දී සිදුකළ මේ ක්‍රියාවෙන් බලපිටියේ කීර්ති නාමයට විශාල කැළලක් වූ බවත්, ඕනෑම තරහකාරයකුට වුවත් මළගෙදරකදී හිරිහැර නොකිරීම අපේ මුල් බැසගත් චාරිත්‍රයක් බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා... ඔය එළිවෙන්නේ සාමාන්‍ය ජනතාව උසි ගන්නලා. (ස)
එතකොට..රනිල් මහත්තයා ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නෙවෙයිද?(නදී)
මේ තත්වය දැන් රටේ සෑම ප්‍රදේශයකම ඇත. කුඩා ළමුන් දූෂණය, පොලිසියට පහර දීම, මිනී මැරීම සහ නොයෙකුත් අපරාධ මෙලොව නුහුල්ලන අපාගතවන අපරාධ, ඔය තත්වය ඇතිවී ඇත්තේ සුදුස්සාට සුදුසු තැන නැතුව නූගත් මිනිසුන් දේශපාලනයට ඇවිත් තනතුරු දැරීම නෙවෙයිද? දහස් ගණන් උපාධි ඇති විවිද ක්ෂේත්‍රයන්ගෙන් ඉගෙනගත් මිනිසුන් ලංකාවේ රස්සාවක් නැතිව කුලී වැඩ කරන්නේ නැද්ද? වෙනත් රටවල් වල අනුන්ට බැල මෙහෙවරකම් නොකරයිද? එසේ ඉගෙන ගෙන පැමිණි අය රටකට සේවයක් නොකරයි කියා ඔබ සිතනවද? අපි පක්ෂයකට නොගිහින් මේ මනාප ක්‍රමය අහෝසි කොට විශ්ව විද්‍යාලවලින් එලියට එන සුදුසු අයට ඒ ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව සදහා වරම් නොදෙන්නේ මන්ද? ඔබ සියලු දෙන ලංකාවේ ඉගෙනීමට ඇති අපහසුව නොදන්නවාද? ජීවත් වෙන්න ඔබට පහසුද? යුද්ධය තිබෙද්ද්දී බෝම්බ බියට රැ අටෙන් පසු ගෙදර යන ඔබට අදත් රෑ අටෙන් පසුව ගෙදර යාමට බිය දැනෙන්නේ ඇයිද? අහිංසක ජනතාවනි, මේ ඔබේ අවධානය පිණිසයි. (නි)
මළගෙදරින් හරි ඡන්ද කඩමු, නේද? (ස)
මෙයාගේ මුණ බලන් කොහොම ගැහුවද මන්ද? පව් අනේ! (ස)
දැන් හරියට කරන්නේ ගහන එක විතරනේ. විපක්සේට ගහනවා, සිසුන්ට ගහනවා, විශ්‍රාමිකයින්ට ගහනවා, ආචාර්යවරුන්ට ගහනවා, හාමුදුරුවරුන්ට ගහනවා, යටිමඩි ගහනවා. හත්මුතු පරපුරටම හරියන්න හොඳට ගහනවා.(නදී)
ලකුණු දාගන්න මොකට ගියාද? (ස)
ඔහොමවත් බේරිලා ආපු එකම මදැයි (නි)
බටලන්ද කාලේ මළගෙවල් තියන්නවත් දුන්නද? (නදී)
බලපිටිය කියන්නේ ශ්‍රේෂ්ට ගිහි පැවිදි නායකයන් රටට තිලින කල ප්‍රදේශයක්. එවැනි ප්‍රදේශයක රටේ විපක්ෂ නායකට මල ගෙදරක යන්න දෙන්නේ නැත්නම්, එහෙම යන කොට හූ කියනවනම් එම ප්‍රදේශයයි හැල්ලු වන්නේ. එම නිසා මෙවැනි දේවල් වලට විරුද්ධව එම පළාතේ ජනතාව නැගී සිටින්න ඕන.(නදී)
මමත් එකඟයි "නන්ද" මේවගේ දේවල් ගැන පොලිසිය උනත් සොයා බලන්න ඕනි.(ස)
නරි බස් නොදොඩා, නීතිය සාමය යුක්තිය වෙනුවෙන් අවදිවෙව්, මෙය විකට නාට්‍යක් ලෙස නොබලනු මැනවි. (ස)
ගම කෑවා.(ස)
23 දෙනෙක් මෙරිලා. මිනිස්සු අවේගශීලී වෙලා ඉන්න වෙලාවක ඔයින් ගිය ඇති.(නදී)
මේ වැඩේ කරපු අය අත්අඩංගුවට ඕනේ. දේශපාලන මැර කම් ලංකාවෙන් තුරන් කරමු.(නදී)
බලපිටිය, අම්බලගොඩ නගර ශ්‍රේෂ්ට උගතුන්, විරුවන් බිහි කල දකුණේ නගර දෙකක්. මේ කර අමන වැඩේ ට වගකියන්න ඕනේ මන්ද බුධික දේසපාලන ගැත්තන්. පිටින් ආපු අය ගම විනාස කරා.(ස)
නන්ද, නින්දෙන්ද නැගිට්ටේ? මමත් බලපිටියේ, ඔයා ඔය කියන ශ්‍රේෂ්ට ගිහි පැවිදි නායකයන් බිහිකළ බලපිටිය එම කාලයේ එකම සොහොන්පිටියක් කලා. දැන් බොරුවට ලකුණු දා ගන්න එනවා. කළකම් පලදෙනවා කියන්නේ මේවට තමයි.(නදී)
නීතිය වළලාපු අයට මොන "නීතිය සාමය යුක්තියද" බොලව්? (ස)
මන් හිතන්නේ හැමෝටම අතීතය අමතක වෙලා වගෙයි. (නි)
අප අසරණව මහ පොළවෙහි වෙසෙන කල සිහියට නැගී ජීවත් වන දිලිදු පැල මැතිදුනි රනිල් අප හදවත් පුබුදු කල සැනසුම සදනු ඇත ජන හද මැදුරු තුල .(නදෟ)
මේවට වග කියන්න ඕනෑ බලපිටියට පිටින් ඇවිත් දේශපාලනය කරන සමහර නුගත් සල්ලිකාරයෝ (නි)
අපි නම් අසුගණන් වල ඉදලම ඡන්දෙ දුන්නේ මැරකම් අඩුකිරීමේ ප්‍රාර්ථනාවෙනුයි (නි)
සියලුම දේශපාලකයින් නන්දා මාලිනි ගයන ....'පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ....' යන ගීයට අවධානය යොමු කලොත් හොඳා. (නි)
ඔය වැඩේට අම්බලන්ගොඩ එහෙම නම් ගාවගන්න එපා ඔන්න. අම්බලන්ගොඩ ඉන්නේ උගත් ජනතාවක් ,අපිට ජාතික පාසල් දෙකක්ම තිබෙනවා. අම්බලන්ගොඩ පොලිසේපතිවරයෙක්,ගුවන් හමුදාපතිවරයෙක් , යුධ හමුදාපතිවරෙයෙක් බිහි කරපු නගරයක්. අම්බලන්ගොඩ අපි අපේ ගමට ශෝකය පලකරන්න එන මිනිසුන්ට ගහන්නේ නැහැ. අම්බලන්ගොඩ ඉන්න දේශපාලකයෝ මැර දේශපාලනය කරන්නේ නැහැ , ඔවුන් දන්නවා අම්බලන්ගොඩ ජනතාව මැරයන්ට ඡන්දය නොදෙන බව (නි)
බලපිටිය කියන්නේ මැරයන්ගේ ලෝකයක් වගේ වෙලා. අනෙක ගඟෙන් එහා පැත්තෙනේ. (නි)
බලපිටියටත් කීර්ති නාම තියෙනවද? (නි)
අජිත් ඒ ගොල්ලෝ ගහනවා අපි බලා ගෙන ඉන්නවා නේද?(නදී)
අජිත්, ඔබගේ කතාව නම් හරියටම හරි. (නි)
මළ ගෙවල් වල ගිහිනුත් ඉවරයි නේද? කොහෙද දැන් මේ ගෝරි නැති තැනක් තියෙන්නේ. මට කියන්නකෝ යන්න. (නි)
සරා, ගෝරි නැති තැනකට නම් යන්න බලන්නේ, අරලිය ගහ මන්දිරේ පැත්තට තමා යන්න තියෙන්නේ. එතන ගෝරි තියෙන බවට තවම නම් ආරංචි නැහැ. (නදී)
උප සභාපති තුමාට කොන්දක් ඇති බව පැහැදිලියි.(නදී)
සුසාන භූමියට පෙට්ටියකින් ගියොත් නිදහසේ ඉන්න පුළුවන් සරා.(නදී)
දකුණේ පාතාලේ රජදහන එදා ඉඳලම බළපිටිය තමයි.(නදී)
අපේ රටට ප්‍රබල විපක්ෂයක් නැති එක ගැන අපේ විපක්ෂ නායකතුමා වග කිව යුතුයි.(නදී)
කොන්දක් ඇතුව කතා කිරීමට තරම් මෙවන් යුගයක හැකියාවක් තිබීම ගැන අපිට ආඩම්බරයි. ඔබවන් අය ජයෙන් ජයම වේවා ! (නි)
සියට සියක් හරි මිනිස්සු ලංකාවේ දේශපාලනයේ නැහැ. ඒත් නරි වගේ වැඩකරන්න හොද නැහැ. මොකද හැම නිව්ස් එකක්ම ලෝකෙටම යනවා?(නදී)
ලෝක විනාසේ ළඟම එනවා වගෙයි.. (ස)
දර්ශණ බලන්නේ නිල් කන්නාඩි දාගෙන. කරුණාකර දේශපාලන මැරයින්ට උඩගෙඩි දෙන්න එපා.(නදී)
උප සභාපති තුමනි, ගොඩක් ස්තුතියි මොකද මේ ප්‍රහාරය කළේ පක්ෂෙම කටිටියක් කියන්න සමහර අය උත්සහ කළා. දැන් ඇත්ත නැත්ත පැහැදිලියිනේ.(නදී)