එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ගුණවර්ධන), පිවිතුරු හෙළ උරුමය (උදය ගම්මන්පිල), ජාතික නිදහස් පෙරමුණ (විමල් වීරවංශ) හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (වාසුදේව නානායක්කාර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මැතිවරණයේදී අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට හැකි ‘එකම බලාපොරොත්තුව‘ ඔහු බව එම පක්ෂවල නායකයෝ කියති.
‘‘අපේ සටන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට එරෙහිව නොවේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස එම තනතුරට පත් කළ රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහිවයි‘‘ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද කීවේය.
පසුගිය පුර පසලොස්වක පෝදා තංගල්ලේ කාල්ටන් නිවසේ බණ කියැවූ රාජපක්ෂ මහතා එහිදී හමුවූ කාන්තාවක දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ විට පැවසූයේ තමා යළි දේශපාලනයට නොඒමට සිතා සිටියත් පාක්ෂිකයනට හිරිහැර වෙතොත් දේශපාලනයට එන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
අනේ මන්දා මහින්ද මහත්තයෝ! (නි)
මේ අය නැවතත් මේ එන්න හදන්නේ රටට ආදරේටද? (නි)
මහින්ද, ඔබට ලැබුණු සියලුම ඡන්ද නැවත ලැබේවි (නි)
හරි සතුටුයි. ලංකාවට සුදුසු එකම නායකයා ඔබයි (නි)
රට එක්සේසත් කළ ඔබතුමාටයි බහුතරයේ බහුතරය (නි)
නියමයි නියමයි... මෛත්‍රී, මහින්ද එක්ව කටයුතු කරනවානම් අපි තවත් සතුටුයි. (ර)
ඇහෙන් නොදැක කණෙන් අහන අය තවත් ඉන්නවා වගෙයි (නි)
මහින්ද මැතිඳුන් ඇතුළු සියලූම දෙනාට මමත් මගේ යහළු යෙහෙළියනුත් මේ රටේ සිට ජය ප්‍රාර්ථනා කරමි. (නි)
මේකට මහින්ද එකතුවුණාම සම්පූර්ණයි. රනිල්ට නම් සටනක් නැතිවෙයි. (නි)
ශ්‍රේෂ්ට මිනිසුන් බිහි වෙන්නේ පරාජයන් තුලින් තමයි. ඔබ තුමාගේ පෞර්ෂයට ලංවෙන්නවත් කව්රුවත් නැ, වැරදි ටික හදාගෙන ඉස්සරහට එන්න. ඔබට ජය.! (ර)
ආයෙත් ඇයි මේ තන්හාවට එන්න හදන්නේ? මිනිසුනේ තවමත් තේරෙන්නේ නැද්ද කරලා තියෙන හරිය (නදී)
ලංකාවේ මිනිසුන් ලක්ෂ 57කගේ එකම බලාපොරොත්තුව (නි)
2010 මැතිවරණයේදී සරත් පොන්සේකා මහතා කියක් ගත්තද ?(හේ)
ආයෙත් ඇයි මේ තන්හාවට එන්න හදන්නේ? මිනිසුනේ තවමත් තේරෙන්නේ නැද්ද ? (නදී)
රස දන්නා නිසා යළි එනවා. (නි)
පණ්ඩුල බය වුනාද? අම්මට කියල මතුරවපු තෙල් ටිකක් ඔලුවේ ගාවගෙන ඉතිපිසෝ ගාථාව කියල බුදිය ගන්න. එතකොට නරක හීන පේන එකක් නැහැ. අම්මප මහින්ද මහත්තයට තියෙන බය. (නදී)
මහින්ද හෝ මෛත්‍රිපාල හෝ කවුරු වුනත් කමක් නෑ, රටින් කොටසක් කොටින්ට දෙන්නේ නැත්නම්.(හේ)
පැරදීලා පලා ගියේ නැහැ. දුක දිලා පලායන්නේ නැහැ. සැබෑ නායකයා අපි ඔබ සමගයි (නදි)
පිවිතුරු යහපාල, රජයෙන් දෙන 5000 න් කාලා මුහුදට ආවඩනවද ? (නදී)
හිතේ සතුට කියන්න වචන නැහැ (නදී)
"මිනිසුනේ තවමත් තේරෙන්නේ නැද්ද කරලා තියෙන හරිය" කොයි හරිය ද? තවම බැරි වුණා හොයාගන්න නේද ? (නදී)
සරත් පොන්සේකා මහතාව 2010 දී අමාරුවේ දැම්මා වගේ මේ දේශපාලන කුජීතයෝ එකතුවෙලා මහින්දටත් යන එන මං නැතිකරන්න හදන්නේ. මහින්ද මහත්තයෝ තන්හාය ජායතී ශෝකෝ කියලයි බුදු බනේ තියෙන්නේ. නම්බුව , ආත්ම ගෞරවය රැකගෙන ගෙදරට වෙලා හිටියොත් නේද හොද? (නදී)
පුදුම පෙරේත කමක් තියෙන්නේ. චන්ද්‍රිකාවත් ඔහොම නෑ. (නදී)
ලක්ෂ 57ක බලාපොරොත්තුව (නි)
සල්ලි තියනවනේ අවුලක් නැහැ එන්න පොර පිටියට පොරකන්න (නදී)
ඔච්චරම ආස නම් ඇවිල්ලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා (නදී)
ඡන්දෙට එන්න නම වෙනස් කරමුද ? (නි)
පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති අරලගන්විලදී පැවසීය. පදවි, තනතුරු, පක්ෂ හා පුද්ගලයන් කවුදැයි නොබලා මෙම කොමිසම කටයුතු කරන බවත් රජයේ දේපළ, සම්පත් වැනසූ, සොරකම් කළ, වංචා කළ හා කොල්ලකෑ සියලු දෙනාම කොමිසම හමුවට පමුණුවන බවත් ජනපති කීවේය. (නදී)
ඔබ ස්වාධීනව, නිදහස්ව අනාගතය දකින්න (නි)
කරපු වැරදි මේ තරම් පෙනෙද්දීත් සමහරු අන්ධයෝ වගෙයි (නදී)
මොළය නැති අයට ඇත්ත තේරෙනකොට පෙරහර ගිහින් ඉවරයි.මම නම් ඒකට හවුල්කාරයෙක් වෙන්නේ නැහැ.වරදක් කළොත් අනිවාර්යයෙන් ස්වභාව ධර්මයා දඩුවම් දේවි. කරනවා නම් කරන්න බොහොම කල් තිබුනා (නි)
වැරදි ටික හදාගෙන ඉස්සරහට එන්න. මහජනතාව දැන්නම් එතරම් මෝඩ නැහැ. (නදී)
අනේ එන්න. තව කෝටි 10,000 ක් වාහන 2500ක් ගුවන් යානයක් රජ ගෙවල් සඳහා අපි බදු ගෙවන්නම්. අපිට ඕනේ ඇඟ පත විතරක් තියෙන නායකයෙක් නෙමේ මොලය කියන එක තියන නායකයෙක්. (නදී)
මහින්ද කියන නම ඇසුන පමණින් ඇතැමුන් බයවෙන තරම මෙතන අදහස් වලින්ම පෙනෙනවා. ඔබ නැවත එන්න. ජය පතමි. (නි)
කොච්චර දැගලුවත් අාපහු එන්න බැහැ. පුදුම පෙරේත කමක් නේ. (නදී)
මොනවාද ඔට්ටු මේ හතර දෙනාගේ දිනුම පැරදුම ගැන? (නි)
මොකද මේ කට්ටිය බයවෙලා දැන්මම. පොඩ්ඩක් ඉන්න. ජයවේවා. (නදි)
ඡන්දෙ දීපු අපි මහින්ද මහත්තයා ගැන බලාගන්නම්. අනෙක් කට්ටිය මේ දින සියයේ යහපාලනය ගැන බලන්න.මහින්ද මහත්තයා ඔච්චරටම වැරදි කරලා නම් දැන් මේ ඔප්පුකළ ඒවාට මිනිසුන්ට එතුමා එපාමවෙලා ඇතිනේ.එහෙම එපාවෙලා නම් එතුමා එනවාට කට්ටිය සතුටු වෙන්න ඕනෑනේ. (නි)
පැත්තකට වෙන්න නෙමෙයි අපි ඡන්ද ලක්ෂ 57ක් මෙතුමාට දුන්නේ. අපේ ඡන්දයට සාධාරණය ඉෂ්ට කරන්න මෙතුමා දේශපාලනයට එන්නම ඕනෑ. (නි)
මේ සේරම එක වෑන් එකකට පටවන්න පුළුවන්. දැන් ඉතින් මේ හතර දෙනාට යන එන මන් නැති නිසා මහින්දගේ කරේ එල්ලෙන්නේ. (නදී)
පුතාව රජ පුටුවේ තියන්න පුදුම ආසාවක් නේ. ඔය පක්ෂයේ වෙන කවුරුවත් නැද්ද මේ තාත්තල පුතාල ඇරෙන්න පිරිමියෙක් වගේ ඉස්සරහට එන්න පුළුවන්. (නදී)
දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.ඔබේ ජය නියතයි. (නි)
කට්ටියට තාම හිත හදා ගන්න බැහැ වගේ. (නදී)
හොද වැඩක්. අායෙත් එන්න. එ්ත් අනේ දුප්පතුන්ගේ සල්ලි හොරකන් කරන්න, අව නීතිය රජ කරන්න නම් එන්න එපා. රට බේරගත්තට පින්. (නදී)
මම ලංකාවේ ඉන්න දෙමල ජනතාව ගැන දොසක් කියනවා නොවෙයි. නමුත් සියළු දෙමල අය එක වගේ නැහැ (නි)
බන්දුල යහපාල බලන් ඉන්නේ අපුල්ලන දර පලන, කඩේ යන බෝයියාගේ වැඩේට ආයෙත් කවදා බහින්නද කියලා. (නදි)
මට තියෙන ප්‍ර්‍රශ්නය මොකක්ද මෙච්චරම නැවත බලයට එන්න තිබෙන උවමනාව කියලා (නි)
ඇවිත් පුතාලට රේස් යන්නයි රගර් විනිසුරුවන්ට හිතේ හැටියට සලකාගෙන අශ්වයෝ පදින්නයි, බාලිකා විදුහල් වලට කඩන් පනින්නයි අවස්ථාව ලබා දෙන්නකෝ (නදී)
‘‘අපේ සටන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට එරෙහිව නොවේ"... ඔව් කොහොමත් එතුමාට විරුද්ධව සටන් කරන්න හේතුවකුත් නැහැ. වැඩකුත් නැහැ. එතුමා පොළවේ පයගහලා ඉන්න අව්‍යජ මිනිහෙක්. (නි)
ලැජ්ජයි.නමුත් දුකයි (නි)
දයාල්, නම ඇසුන පමණින් ඇතැමුන් බයවෙන තරම මෙතන අදහස් වලින්ම පෙනෙනවා. (නි)
ලංකාවේ මිනිසුන් ලක්ෂ 57 කගේ එකම බලාපොරොත්තුව (නදී)
අනේ ඔව් යහපාලයෝ, බලයට කෑදර අසවලුන් ඇඟේ වැහුනාම ඉතින් මුළු රටේම පුරවැසියන්ට තෙල් සාත්තු කරගන්න වෙනවානේ. (නදී)
අච්චර වැදගත් තනතුරක් දරල විලි ලැජ්ජාවක් නැද්ද අම්බලම් පාලුවන්ගේ කරපිටින් ආයෙත් දේශපාලනයට එන්න. (නදී)
අනේ මහින්ද මහත්තයෝ ඉක්මනට ඇවිල්ලා මාව මේ මර උගුලෙන් බේර ගන්න (නදී)
සමහරුන්ගේ ගෙවල්වල දැන් සීනි තේ කොළ ටික ගන්නවත් සල්ලි නැතිව හිඳිලද කොහෙද ගෙදර ගිය නායකයව ඉස්සරහට දාලා බලයට එන්න හදන්නේ. (නදී)
උගත්කමක් නැති අට පාස් අයට ඉතින් දේශපාලනයෙන් ගොඩ යන්න තිබෙන එකම මාර්ගය ඔච්චරයි. (නදී)
තවත් මේ රටේ මිනිස්සු රවට්ටන්න බැහැ (නදී)
මහින්ද මහත්මාට සමාන කළහැකි රටට ආදරය කරන නායකයෙක් ලංකාවේ නැත.මහින්ද මහත්මාට අපේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා.(දිල්)
ජනතාවට සේවය කරන්න මේ අය හරියට මහන්සි වෙනවා. කරපු හරිය ඉදිරියට බලා ගන්න පුළුවන් (නදී)
යන එන මන් නැති අය මහින්දගේ කරෙන් ගොඩ එන්න හදන්නේ. මේක හරි කුජිත දේශපාලන තත්වයක් (නදී)
රනිල් ගේ අගමැති පට්ටම නෙවෙයි තම තමන්ගේ ආසනය වත් රැක ගන්න පුලුවන්ද කියල බලන්න.(නදී)
ලැජ්ජා කියල නාමයක් නැද්ද? පෙරේතකමේ සීමාවක් නැහැ. (නදී)
තව මදිද අප්පා (නදි)
අනේ ඇත්තට ලැජ්ජාවක් තියන වෙන කෙනෙක් නම් අර පාස් පෝට් ප්‍රශ්නෙට පසුව වත් මිනිස්සුන්ගේ මුණ නොබලා පැත්තකට වෙලා ඉන්නවනේ. දෝෂාභියෝග ගේන්න ඕන මෙන්න මේ වගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට වංචා කල අයට විරුද්ධව. (නදී)
පිවිතුරුට දත් ගෙවෙනකම් දත් මිටි කකා ඔය සිතිවිලි ඉෂ්ඨ සිද්ද වෙනකම් තවත් කල්ප කාලාන්තරයක් බලන් ඉන්න වේවි. (නදී)
මේ වගේ සමාජවාදියෝ නම් පොල් පිත්තක් ගත්තම සීයක් විතර කපන්න පුළුවනි.(නදී)
මේ දිනවල ශ්‍රී ලංකාව තුල ''මහින්ද භීතිකාව'' නම් මානසික රෝගය දැඩි ලෙස උත්සන්න වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි . රෝග ලක්ෂණ ..ඕනෑම දෙයකට ප්‍රතිචාර ලෙස හොරාෑවෝ හොරා කෑවෝ යැයි සිහි විකල්ලෙන් කැ ගැසීම ( මෙය පට්ට පල් බොරුවක් බව හෙළි වී ඇති නිසා කිසිවෙකු දැන් මෙය ගනන් ගන්නේ නැත ) 2.මහින්ද ඡන්ද දායකයෙකු දුටු විට ''ජාතිවාදියෝ '' යැයි කියමින් සපා කැමට කඩාපැනීම .3. මහින්ද යන නම ඇසෙන විටදී හැදී වාතෙහි මුත්‍ර පිටවීම .ඔබටත් මෙවැනි මානසික රෝගීන් හමුවී ඇත්නම් වහාම ඔවුන් ලගම පිහිටි මානසික රෝහල වෙත ඇතුලත් කරන්න බලන්න මෙතනත් ඉන්නවද කියල .( අන්තර් ජලයෙන් උපුටාගන්නා ලදී ) (ස)
මම රනිල්ගේ පාර්ශ්වයේ කෙනෙක් නොවුනත් රනිල් හත්මුතු පරම්පරාවක් නිවන් දක්වල නැහැ. මෙගා ඩීල් කරලා නැහැ. රට චීනෙට විකුනම් කාල නැහැ. මහා බන්ධාගාරයේ රත්තරන් අතුරුදහන් කරලා නැහැ. ලම්බෝගිනි 7-8 ක් තමුන්ගේ අයට කියල ගුවනින් ගෙනත් දීල නැහැ. එතුමා හොද බුද්දිමත්, උගත් , වැදගත් කෙනෙක් කියලනම් ලජ්ජා නැතිව කටක් ඇරලා බය නැතිව කියන්න පුළුවනි. (නදී)
වාසි පැත්තට කත් අදින්න මේ හතර දෙනා ලෝක ප්‍රසිද්ධයි. දැන් වයසේ හැටියට බණ පදයක් අහගෙන ගෙදරට වෙලා ඉන්න. (ස)
මහින්ද මහත්තය රටේ නායකත්වයට පත් කලේ ජනතාවයි. එතුමා රට නිදහස් කරගෙන රටේ සංවර්ධනය ඉදිරියට අර ගෙන ගියා. මිනිස්සුන්ට මතකයි. අද නැගෙන චෝදනා සීමාව ඉක්මවා ගිහින්. එ්ත් නැගෙන හැම චෝදනාවක්ම පිළිගන්න අපි සුදානම් නැහැ කොහොම උනත් එතුමාට සහයෝගය දෙන්න අපි ලැහැස්තියි. නිවැරදි කර ගත යුතු බොහෝ තැන් ගැන එතුමාට අවබෝදයක් ඇතිවෙයි කියලා විශ්වාස කරනවා. ඉදිරි ගමනට සුබ පතමි. (නදී)
පිවිතුරු, ඔය ලක්ෂ 57 දෙන්න මොන තරම් දන්සල් දුන්නද?මොන තරම් ගහක් ගලක් ගානේ වැදගෙන ඉන්න ෆොටෝ දැම්මද? මොන තරම් සිල් රෙදි, මහන මැසින්, බිත්ති ඔරලෝසු,පිගන් බෙදුවද?ඒ අපේ මුදල් වලින් මහජන මුදල් වලින්. (නදී)
කවුරුත් කියන නිසා ආයෙත් බලයට ආවත් කමක් නැහැ අර උගත්කමක් තියා චාරයක් ඇති කටක් වත් නැති රටම එපා වුන කට්ටියගේ කර උඩින් එන්නේ නැතිව. (ස)
දෙපතුල් ලෙව කන මේ වගේ සමාජවාදියෝ දැක්කම තුක් නොදකින් කියල හිතෙනවා.(නදී)
නැවත බලයට එන්න අවස්ථාව දීල පසුව එන මැතිවරණයකදී ජනතාවට කියන්න ඔහු දුෂිතයෙක් කියලා. මහින්ද , මෛත්‍රී , චන්ද්‍රිකා, රාජිත , චම්පික සහ රතන හාමුදුරුවෝ කරන්නේ දේශපාලන රග පෑමක්. ජනතාව පසුගිය 8 වෙනිදත් රැවටීමට ලක් උනා . ඒ සියලු දෙනාම එකම වේදිකාවට නගින්නට සුදානම් .නමුත් මෛත්‍රී වෙනුවෙන් ගමේ කතා කරපු කෙනාට අද මොකද වෙන්නේ.(ස)
ඡන්දේ දවසට බලමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
නලින් මිනිසුන්ට කාට වුනත් නොදැන අපහාස කරන්න එපා. මහින්ද මහත්තයට ඕනෑවටත් වඩා සුදුසුකම් දේශපාලනයට තියනවා.එතුමා උගත් බුද්ධිමත් කෙනෙක්.අද රටේ කවුරුත් පය ගහලා නිදහසේ රට වටේම යන්නේ ඔහුගේ උගත් කමයි,නොසැලෙන ශක්තිය නිසයි .(හේ)
වටේ ඉන්න අය තව හොරා කන්න වෙන්න ඇති. (නදී)
තවමත් පුරෝහිත තනතුරේ තියන් ඉන්න අය ගැන බලන්න (නදී)
ඔබට ජයශ්‍රී මාගේ ජනපති තුමනි ! (නදී)
ලක්ෂ 58 ජන මතය ලබන පාර වෙනස් වෙයිද?(හේ)
දිය යටින් ගින්දර ගෙනියන අය ගැන නම් විශ්වාස කරන්න බෑ (දිල්)
තමන්ගේ පුතාව අනුප්‍රප්තිකයා කරන්න පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට කට අරින්නත් බැරි තත්වයක් ඇති කළ , නායකයෙකු ගැන අපිට නම් විශ්වාසයක් තියන්න බැහැ, (දිල්)
මොන පිස්සුද , එහෙම තීරණයකින් ගෙදර ගියා නම් ජනෙල් වලින් එල්ලීගෙන මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න්න ඕනද ? එක එක දවසට තමන් ඉන්න බව අඟවන්න මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරන්න ඕනද ? මිට කලින් ඔය තනතුරේ වැඩ කරලා ගෙදර ගිය කාටවත් මෙහෙම සංදර්ශන පවත්වන්න උවමනා වුනේ නැහැ. (ස)
සමහරුන්ට නම් සමහරු නැතිවම බෑ වගේ (දිල්)
යථාර්ය පිළිබද අවබෝධ කර ගත යුතුයි නැතිනම් දියුණු වෙන්න බෑ (දිල්)
විරවංශ,වාසුදේව,දිනේෂ්,ගම්මන්පිල,මේ හතරදෙනාම දේශපාලන අනාථයෝ මෙයාල දන්නවා ලබන මැතිවරණයේදී සන්දානයෙන් නාමයෝජනා ලබෙන්නැති බව එමනිසා සාටකයේ එල්ලිලා එයාලගේ ගමන යන්නයි උත්සාහය. (ස)
මහජනතාව දැන් නම් මෝඩ නැ නිසි තීරණ ගනීවි (දිල්)
ප්‍රශ්නය තියෙන්නේ එන්න කියලා ආරාධනා කරන්නේ ත්‍රී වීල් පක්ෂ වලින්, එත් ශ්‍රී ල නි පෙන් එහෙම ආරාධනාවක් නෑ. (දිල්)
දැන් එතකොට මෙතන තියන ප්‍රශ්නය රනිල් පරද්දන එක. එහෙම නැතිව රටේ අවශ්‍යතාවක් නෙවෙයි. මේ අරමුණෙන්ම පැහැදිලියි මේ නාඩගම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවකට මිසක් වෙනත් යහපත් අරමුණක් ඇතිව නෙවෙයි කියලා. මේ බංකොලොත් කාරයන් ගේ එකම බලාපොරොත්තුව රනිල් පරාද කරන එක නම් අපි තරඟයක් ලැස්ති කරන්නම්කො මිටර් සියය දුවන්න. පසුගිය ආණ්ඩුවේ ඉන්නකන් රට වෙනුවෙන් මෙලෝ දෙයක් කලේ නැති ඇමති ගොල්ලන්ට ඒකවත් කර ගන්න පුලුවන්ද බලන්න. (ස)
නියමයි නියමයි ඔබ තුමා බලයට ඇවිත් ඉතුරු හොටල්යෙත් වැඩ ඉවර කරලා අපිටත් හයිබ්‍රිඩ් එකක් වත් ගන්න ටැක්ස් අඩු කලොත් පින් පළාතේම තියෙන දැවැන්ත ගොඩ නැගිල්ල අභිමානයෙන් ලෙළ දෙනවා අපිට ආඩම්බර හිතෙනවා ජනපති තුමනි (ස)
අපේ එකම බලාපොරොත්තුව ඔබතුමා විතරයි,අනේ ජනාධිපති තුමනි නැවත එන්න. (ස)
මිනිස්සු රවට්ටන්න බැහැ ලැජ්ජාවක් නැද්ද ආයෙත් දේශපාලනයට එන්න පැත්තකට වෙන්න තවමත් තේරෙන්නේ නැද්ද කරලා තියෙන හරිය. ඔබතුමා ආත්ම ගෞරවය රැකගෙන ගෙදරට වෙලා හිටියොත් නේද හොද? මහත්තයා (නදී)
තණ්හාය ජාති ශෝකෝ විමලෝ ,තණ්හාය ජාති භයන් විමලෝ (ස)
පිවිතුරු යහපාලගේ අපවිත්‍ර අයහපත් සිතිවිලි පිළිඹඳව අපි කලබල නැහැ. දැන් ඒවා ක්‍රියාවේ යොදවන්න බැරි නිසා. (නදී)
තණ්හාය ජාති ශෝකෝ විමලෝ ,තණ්හාය ජාති භයන් විමලෝ (ස)
කනිෂ්කගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නදී)
තණ්හාය ජාති ශෝකෝ විමලෝ ,තණ්හාය ජාති භයන් විමලෝ (ස)
අපි උම්බලකඩ අඹරල තම්බල හොදි බොනවා කොත්තමල්ලි සුප් බොනවා මැල්ලුම් කනවා මහින්ද හැම් බේ කන් කනවා (ස)
මේක ඈවිල්ල ජනපදනමක් නෑති කණ්ඩායමක් තමන්ගේ ජාම බෙරගන්න කරන ප්‍රොඩාකාරි රෑවටිමක්,ඔවුන්ට ස්වාඩිනව තරග කරලා ස්ථාවරයක් හදාගන්න අමාරු නිසයි මෙහෙම සන්දාන හදාගෙන එන්නේ, එහෙම නෑතිව ජනතාවට ආදරෙට නෙවි, කොහොමත් මෙයාලට අයෙත් මිනිස්සු අහුවෙන්නේ නෑහෑ (ස)
තිබුන වැරදි හදාගෙන නැවත එන්න. අපි තවමත් ඔබව පිලිගන්නවා. (නදී)
මේ හතරදෙනා මෙලෝ රහක් නැති අය. නියම ශ්‍රිලංකා කාරයෝ මහින්දට කැමති නැහැ. (නදී)
මේ වගේ මෝඩ විදියට හිතන මිනිස්සු මෙච්චර පිරිසක් ඉද්දී මට නම් තාමත් පුදුම මහින්ද පැරදුනේ කොහොමද කියලා. ඔහු පැරදුනේ දෙමල ඡන්ද වලිනුයි, මුස්ලිම් ඡන්ද වලිනුයි නෙවෙයි. මොලයක් කියල දෙයක් තිබ්බ සිංහල බෞද්ධ ඡන්ද වලින්. ඒ මොලේ තියෙන මිනිස්සු ටික තාම මැරිලා නැහැ කියල මතක තියාගන්න. (නදී)
මේ වගේ පරාජික වුවෙකු ගැන තවත් බලාපොරොත්තු තබන කෙනකු වෙතොත් ඔහු කිසිදු උතුම් ප්‍රතිපත්තියක් පෙරදැරි කරගත් අයකු නොවේ. (ස)
මහින්ද රාජපක්ෂ සැබෑ ජනතා හිතවාදී නායකයාණෙනි, සැමදා අපි ඔබ සමගයි. (නදී)
ලජාවක් තියෙන වනම් එන්න කලින් දහස්වාරයක් හිතල කියන්න මම නිර්දෝෂි කියල (ස)
මේ හතර දෙනාට එල්ලිලා ඉන්න කවුරු හරි ඉන්න ඕනනේ (ස)
තනතුරට පෙරේතකම නිසා නැවත නැවත දේශපාලනයට එනවා කියන තර්කය ඉදිරිපත් කරන අයට කියන්න තියෙන්නේ, ඔය තර්කය රනිල් ටත් අදාලයි කියලයි (ස)
රට කන එකේ රසේ දන්නේ කාපු එවුන්ම නේ. දේශපාලන වශයෙන් යන එන මන් නැතුව අන්ද මන්දවෙච්ච බංකොලොත්කාරයෝ කට ඇරගන බලන් ඉන්නවා. ඡන්ද හම්බවෙයි ගොඩක්! (ස)
බන්දුල පෙරේරා තරම් ලජ්ජා නැති අන්තේවාසිකයෙක් මේ තුන් ලෝකෙම නැහැ. ලියනවා නම් එක නමකින් කොන්ද පණ ඇතිව ලියන්නකෝ. පිවිතුරු කියාවි, යහපාල කියාවි, වයිකෝ කියාවි, ඒ මදිවට වෙලාවකට ඇසිලිනුත් වෙනවා. (නදී)
තමන්ගේ පක්ෂයට ද්‍රෝහී වෙලා තමන්ට පිටිපස්සෙන් පිහියෙන් අැනල යු අන් පි එකට කරන්නේ කොහොමද කියල හිතන්නවත් බැරිව හිටපු තමන් ශක්තිමත්ව නිර්මාණය කල තමන්ගේ පක්ෂයේ බලය කුමන්ත්‍රණ කරලා බිදලා තමන් දරා ගෙන හිටපු දේශපාලන බල අධිකාරිය විනාස කරලා සතුරන්ට තමන්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු බලයත් ඡන්දයක් නැතුවම පාවල දීපු තමන්ගේ පාක්ෂිකයින් ට යු එන් පි මැරයන් අතින් ගුටිකන්න පාර කැපුවා විතරක් නෙමෙයි පක්ෂයේ සභාපතිකමත් මංකොල්ලකාපු මේ යහපාලන නඩේට දිනුම දීල චිත්තයක් ඇදන් පැත්තකට වෙන්න නෙමෙයි අපි ඡන්ද ලක්ෂ 57ක් මෙතුමාට දුන්නේ.. අපේ ඡන්දයට සාධාරණය ඉෂ්ට කරන්න මෙතුමා දේශපාලනයට එන්නම ඕන..ගේමට ගේම දෙන්න ඕන..මුදිතට කවුද මෑණියන්ද ඔය නම දැම්මේ..(ස)
වාසුදේව මහතාගේ සමාජවාදය පේන්නේ ගෙවල් පැත්තෙන්. එක පුතෙක් ඇමෙරිකාවේ පදිංචිය. ළමයි ඉගෙන ගත්තෙත් එහෙ කියලා ආරංචියි. ඔය දෙකට දෙවාරම් ප්‍රතිපත්ති ගැන කාටද විශ්වාස කරන්න පුලුවන් ? මේ වැඩෙත් එච්චරයි. (නදී)
ඔබතුමාට ජය වේවා (දිල්)
ප්‍රශ්නයක් නෑ යුද්දේ ඉවර කලානේ (දිල්)
එක්සත් ජාතික පක්ෂයේ හොඳ කළ උදාවෙලා වගේ (දිල්)
මේ රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් ඔබට මේ රටේ සැමදාමත් නායකයා (දිල්)
අපිත් කැමතියි දැන්නම් ඒකට (නදී)
පිවිතුරු එක එක මහත්තුරු ගැන බලලා වැඩක් නැහැ. රට ගැනයි බලා ගන්න ඕනේ. අපි මෙතෙක් කල් කළේ අපි කැමති එක එක මහත්තුරු ගැන බලලා එයාලා රජසැප විදින හැටි බලාගෙන හිටිය එක විතරයි. ඒ ක්‍රමය අදට ගැලපෙන්නෙ නැහැ.(නදී)
නැවත දේශපාලනයට නෑවිත් හිටියනම් නේද හොද?(දිල්)
කෝටි ගණන් වියදම් කරලා ,ජනතාවට තෑගි බෙදල, දන්සල් දාල, රජයේ නිලධාරීන්, යාන වාහන ඇතුළු උපරිම බලය යොදලත් පැරදිච්ච මහින්ද මහත්තය ආයෙමත් දිනවන එක හීනයක්. ඔය පක්ෂේ දුශිතයින්ගෙන් තොර කට්ටියක් සිරිපාල මහත්තයගේ ප්‍රධානත්වයෙන් තරඟ කරන බව අමතක උනාද? අනිත් එක වාසු, විමල්, ගම්මන්පිල,දිනේෂ් මහත්තයලට ඡන්ද කීයක් ගන්න පුලුවන්ද? ඒවා දැන් දියවෙලා ගිහින් ත්‍රී වීල් පක්ෂ වෙලා. සමහර පක්ෂ ඇහුවෙත් අදයි. මහින්ද මහත්තයගේ ඉතුරු ටිකත් කුජිත කරලා දාන්නයි මේ දෙතුන් දෙනා හදන්නේ. මේ ඡන්දෙදි නිමල් සිරිපාල මහත්තය අගමැති වෙන එක ස්ථිරයි. ඕන් කිව්වා. (නදී)
නිමල් සිරිපාල සිල්වාට එන පාරත් අගමැති වෙන්න බැරිවෙන බැරිවෙයි වගේ (නදී)
පිවිතුරු බන්දුල පෙරේරාට ජයවේවා !(දිල්)
ලක්ෂ 57 ගැන කියන්නේ වෙනදා විපක්ෂයේ අය ගත්ත ඡන්ද අමතකද.ඒවාට සාදාරණය ඉෂ්ට කළාද.තව ටික දිනකින් මේ 57 ,25 ට බහිනවා.(දිල්)
කටුනායක ගුවන් තොටුපොලෙන් දවස ගානේ අල්ල ගත්තු රත්තරන් ටොන් දහස් ගානට,ත්‍රස්තවාදීන්ගෙන් අල්ල ගත්තු රත්තරන් ටොන් දහස් ගානට සහ විදේශ මුදල් කෝටි ප්‍රකෝටි ගානට මොකද වුනේ කියල දැන ගන්න රටේම මිනිසුන් බලන් ඉන්නවා.(නදී)
ලෝකයේ ඕන රටක පරජිතයට කීයක් හරි ඡන්ද එනවා.එක තම ස්වාභාවය .(දිල්)
අවරුදු 8-10 යක් අපිව සහ රටම කාල දැන් අයෙත් අපේ බඩ බොකුම කන්න එන්න හදනවා.(නදී)
අපි පත් කරමු මහින්ද අගමැති ලෙස. ජනාදිපති ලෙස බැසිල් පත් කරමු (නදී)
දැන් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වැඩේට හවුල් නැද්ද? (දිල්)
බුදු අම්මෝ එන්න එපෝ කාපු ටික මදිද ? (නදී)
තණ්හාය ජායති සෝකෝ මහේන්ද්‍ර කිව්වලු (නදී)
මහින්ද මහත්තයට මිනිසුන්ගේ ඇති අසාරය දයාව පැහැදිලිව පෙනෙනවා එතුමා බලන යන ජන කොට්ටශයෙන් එතුමාව හිතාමතාම අපකීර්තියට ලක් කලේ කටින් කට බොරු ප්‍රචාර යවලා. දිවි හිමිහෙයෙන් එතුමා වෙන්වුවෙන් පෙනී සිටින ජනතාව ඕනෑවටත් වැඩ ඉන්නවා.(හේ)
මෙයාට පුලුවන්ද රනිල් පරාද කරන්න ඒ කාලේ ඉවරයි (නදී)
අපිත් ඉන්නවනේ බලමුකෝ (නදී)
මොලයක් කියල දෙයක් තිබෙන කෙනෙකුට හෝ කියවල සත්‍ය තේරුම් ගැනීමට ,ලංකාදීපය විසින් පළ කළ "ටියුනිසියාව විනාශය කළ බෙල් අලි පවුල"ගැන පළකළ ලිපිය සහ "දුෂණ සෙවීම ඉබි ගමනින්"කියල ලිපි ඉදිරියෙන්ම තියන්න. රට වෙනුවෙන් ඒ යුතුකම කරන්න (නදී)
මහින්ද මහතා පාර්ලිමේන්තුවට සිටිය යුතු උසස් නායකයෙක්. රට බෙදීම නතර කළ හැක්කේ මහින්ද මහතාට පමණි . ජයවේවා. ඔබ අපේ නායකයා .(හේ)
හොද වෙලාවට ලිබියාවේ ගඩාෆිව ඒ රටේ දේශ ප්‍රේමීන් විසින් පය 24 යන්නත් කලින් ඝාතනය කරලා ඉවරයක්ම කලේ. නැතිනම් සමාජවාදියෝ කියල කියා ගන්න ඒකාධිපතියාගේ බැල මෙහෙවර කරන මිනිසුන් විසින් නැවත ගඩාෆිව එතනට ගේන්න හදනවා. හරියට අපේ රටේ වගේ. (නදී)
"මෙම යානා 2 ට අමතරව එම්.අයි 17 වර්ගයට අයත් හෙලිකොප්ටර 17 ක් පසුගිය රජය විශේෂ ණය පහසුකමක් යටතේ රුසියාවෙන් මිලයට ගෙන තිබේ. පහත දැක්වෙන්නේ එම යානා වල විස්තරය. එම්.අයි 17 එස් එච් වර්ගයට අයත් හෙලිකොප්ටර 4 යි. එකක මිල රුපියල් බිලියන 1.69 යි. අමතර උපකරණ සදහා එක් යානයකට වැයව ඇති මිල රුපියල් ලක්ෂ 3790 යි. එම්.අයි 17 වර්ගයට අයත් ආසන 22 හෙලිකොප්ටර 2 යි. එකක මිල රුපියල් බිලියන 1.6 යි. අමතර උපකරණ සදහා එක් යානයකට වැයව ඇති මුදල රුපියල් ලක්ෂ 2620 යි. එම්.අයි 17 ඊ වර්ගයට අයත් ආසන 26 හෙලිකොප්ටර 6 යි. එකක මිල රුපියල් බිලියන 1.6 යි. අමතර උපකරණ සදහා එක් යානයකට වැයව ඇති මුදල රුපියල් ලක්ෂ 8570 යි." හැමදාම සුනාමි එනවා කියලද? හැමදාම යුද්ද එනවා කියලද? කරුණ කරලා ජෙනරල් ෆොන්සේකාගේ නායකත්වයෙන් පරීක්ෂණ කරලා ඩොලර් ත්‍රිලියන කියක් ගසා කාලද කියල හොයන්න. දැඩි දඩුවම් දෙන්න. (නදී)
රට තව කන්නද ? (නදී)
අපෝ මෙයා ආයේමත් එන්නද හදන්නේ. රට විනාශවීම නම් දිගටම පවතීවී. කුඞු, එනතෝල්කාරයන්ට, දුෂිතයින්ට, දේශපාලුවන්ට නම් හොඳ කාලයක් නැවතත් උදාවේවී. නීතීය බල්ලට යාවී. ජාත්‍යන්තරයෙන් ශ්‍රීලංකාව දිගටම කොන්වේවී. රට විනාශ කරපු බංකොලොත් වෙච්ච දේශපාලුවන්ට ශාපකරනවා හැර අප වෙන මොනවා කරන්නද? (නදී)
රට බේරාගත්, රට සංවර්ධනය කරපු නායකයාට එල්ල කරන චෝදනා වල හරි වැරදි ජනතාවට දැන ගැනීමට රාජපක්ෂ මහතා අගමැති කල යුතු නොවේද ? (අ)
බොරුව රජයන රටකට, මිනිසුන් රවටා මිනිසුන් පාගන රටකට, ගුණමකු මිනිසුන් බහුල රටකට, රජෙක් අවැසි නොවන රටකට ඔබගේ නායකත්වය අවැසි නොවන බැවින් යහපත් දේශයක මතුමත්තේවත් උපදින්නට පතමින් මේ ජරාජීර්ණ දේශපාලනයෙන් සමුගන්න. ඔබ රටට අවශ්‍යයි මිනිසුන් එක හඬින් ඉල්ලන දිනය වැඩි ඈතක නොවන බව කියමි. (හේ)
ඔබ අගමැති වෙනවා මයි (අ)
බොරදිෙය් මාලු බාෙන්න සැරෙසනමේ මිනිසුන්ට අසු වෙන්න ඒපා රට බේරාගත් ගෞවරය හෝ අනාගතෙය් රැක ගන්න නමි බුද්දිමත්ම කටයුතු කරන්න (අ)
ආයේ එන්න ලැජ්ජ නැද්ද?(හේ)
මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ 58ක ජනතාව දැරූ දේශපාලන ස්ථාවරය ජයග‍්‍රහණය කරවීමට දිවි හිමියෙන් කැපවෙනවා - (අ)
දේශපාලන පිටියේ අනාථයන් වී සිටින මේ පක්ෂවලට මිට වඩා සුදුසු දෙයක් නැත. මේ පක්ෂවල දේශපාලන ප්‍රතිපත්තිය දන්නේ ජනතාව නොව ඔවුන්ම පමණි. ජනතාව ප්‍රතික්ෂේප කළ නායකත්වයක්ම නැවත ජනතාවට ලබාදීමට ගන්නා උත්සාහයකි. මේ නිසා නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වගේ අය සැමදා සිටිය යුත්තේ නායකයන්ට වන්දිභට්ට කම් කිරීමටත්, දර දිය ඇදීමටත් පමණක්ද? නව නායකත්වයක් නව ක්‍රියාකාරිත්වයක් පක්ෂයට අවශ්‍ය නොවන්නේද? (අ)
රනිල් ජනරාල් සරත් ෆොන්සේකාට පුටුව දෙන්න. ජය සිකුරුයි.(හේ)
අනේ මම නම් මහින්දට ඡන්දේ දෙන්නේ නැහැ . (හේ)
මාදොලුවාගේ සොභිත නායක හිමියනි , රතන හිමියනි ගරුතර ස්වමින් වහන්ස ! නිහඩ්ව සිටි කාලය අවසන් කරනු මැනවි.යළිත් අප රටට ඔබ්ගෙ නයකත්වය අවශ්‍ය වේ (අ)
ඡන්දෙට පස්සේ තමයි හොර ,බොරු ,වංචා එළියට, මහජනයාට ආවේ .(හේ)
මේකෙන් වෙන්නේ හිටපු විධායක ජනාධිපති නිකම්ම අගමැති කෙනෙක් වෙන එක (අ)
මහින්ද දිනුවේ සිංහල ඡන්ද වලින්. මෛත්‍රී දිනුවේ එහෙම නෙමෙයි (නදී)
යහපාලනෙට රැවටිලා නේ දැන් ඉන්නේ, විදේශ ඇමති එනවා යනවා ආයේ එනවා ආයේ යනවා විදේශ සවාරි . දින 100 ඉවරවෙන කොට බිල කොහොමට වේවිද රටට හෙළි කරන්න හොඳේ. (අ)
අනේ අම්මෝ මගේ පපුවට දැනුයි ලේ ටිකක් ඉනුවේ (නදි)
අපරාදේ මෙහෙම දෙයකට එන්නේ ඡන්ද ලක්ෂ පනස් හතෙන් භාගයක්වත් ගන්න ලැබෙන්නේ නැහැ (අ)
නුගත් කම නොවෙයි බුද්දිය ඕනේ. ලෝකයට එඩිතරකම හැකියාව පෙන්නුවේ මහින්ද. (නදී)
දැන් රටේ යහ පාලනය තියෙනවාද ? අපරාදේ මිනිස්සු ටොකු ඇන්නා වැඩියි (නදී)
අපි එකෙන්ම ඔබ සමගයි (නදී)
යහපාලන කාරයෝ කියන කියන පච අතේ පත්තු වෙනවා (නදි)
1983 සිට 2009 දක්වා අඛණ්ඩව යුද වැදී රට ජාතිය බේරාගත්, තුන්වරක් මාර පරාජය කළ, මැරෙන්න බයනැති, එඩිතර, හොද කොන්දක් ඇති සෙන්පතියානන්ට ප්‍රතිචාර දැක්වීමට ගම් දනව් වල වැසියන් පෙළ ගැසී බලා සිටි (නදී)
ආයෙත් ආවොත් රට ඉවරයි (නදී)
ලංකා මාතාවගේ පිනට උපන් දකුණේ පුත්‍රයෙකි ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා (දිල්)
ඔබතුමාට අපගේ ප්‍රණාමය සහ සහයෝගය හැමදාමත් තියෙනවා. සිංහල මිනිහාගේ එකම වැරැද්ද මුල අමතකවීම. රට එක්සේසත් කළ නායකයට ගරු කරනු! (නි)
කවුරු කවුරුත් ගැන රටේ ජනතාව හොඳටම දැනුවත්. (නි)
මට නම් ලැජ්ජා හිතෙනවා. (නි)
ලක්ෂ 57 ක ජනතාව වෙනුවෙන් ඔබතුමා තීරණයක් ගත යුතුයි. අපිට ශරීරය කෙට්ටුද මහතද අවශ්‍ය නැහැ රට වෙනුවෙන් එඩිතර තීරණ ගත හැකි නායකයෙකුයි අවශ්‍ය .(දිල්)
ඔබ ගෙදර නැති අඩුව දැනෙනවා අප්පච්චි! පැරදුනේ සිංහල අපි. (නි)
ආවට නම් අපිට කමක් නැහැ (නි)
මින් මතුවට පාර්ලිමේන්තුවට එන්න බැරි හතර දෙනාටම යන එන මං නැති නිසා වෙනමම උපායක් යොදන්න වගේයි ලෑස්තිය .(දිල්)
නැවත එන්නද හදන්නේ? (නි)
පාක්ෂිකයන්ට හිරිහැර වෙතොත් ඔහු දේශපාලනයට එන බව නේද පැවසුවේ? (නි)
එන්න. මේ සැරේ හොඳට අපි දෙන්නම් (නි)
මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නේ නැත්නම් ඒ මනුස්සයට බයත් නැත්නම් එයා ආවත් නැතත් මොකක්ද කට්ටියට තිබෙන ඔච්චර ඇඟපත දවන අමාරුව? ඡන්ද දුන් අපි මහින්ද මහත්තයා ගැන බලාගන්නම්.කට්ටිය මේ දින සියයේ යහපාලනය ගැන බලාගන්න. (නි)
කට්ටිය එකතුවෙලා පහුගිය කාලේ කාපු හොරා කෑම මොන තරම් රසවැටිලද කිව්වොත් ගෙදර ඉන්නම හිතෙන්නේ නැහැ (නදී)
මේ කල්ලියට ඉතාම පැහැදිලිව පෙන්නා දෙන්න කැමතියි ජනපති යෝජනාවක් ගෙනත් තිබෙනවා කිසිම දුෂකයෙකුට තරඟ කිරීමට ටිකට් එක නොදීමේ ක්‍රියා පටි පාටියක්. ඉතින් කොහොමද ඔබලා මොහුව ඉදිරිපත් කරන්නේ? ඊට විරුද්දව කටයුතු සිද්ද උනොත් ජනපතිගේ යහපාලනය හෑල්ලුවට පත් වෙනවා.(නදී)
මෙය තමයි මෛත්‍රී යුගය. මෙයා දිනුවානම් මෛත්‍රීට අබ සරණයි (නදී)
අපි ඔබ සමගයි (නදී)
අනේ සංජිවනි , බොරුවයි මිනිස්සුන් පෑගෙන එක ගැනයි නම් අපිට කියන්න එන්න එපා.(දිල්)
අපි මොහු දේශපාලනයට ගෙනවිත් නැවත බලය ලබාදීමට තදින් විරුද්ධ වෙමු.හේතුව ඔවුන් කළ දුෂණ නිසයි. (නි)
කවුද බලමු මේ එකතුවෙලා ඉන්න කට්ටිය? (නි)
ආයෙත් අළුතින් හිතන්න පුලුවන් ඡන්දය දිනුවොත්. නමුත් ලංකාවේ මහජනයා දැන් හරිම බුද්ධිමත්. (නි)
එන්න එන්න... අපිත් මේ එනතුරු තමයි බලාගෙන ඉන්නේ. කළගුණ සළකන්න. (නි)
මේ සැරේ ඡන්දෙ ඉල්ලුවොත් අන්ත පරාදයි. චන්ඩිකම් කරන්න ආවොත් වෙන්නේ ගඩාපිට උන දේ (නදී)
නලින් මහින්ද මහත්තය ගැන නොවේ නේද කිව්වේ ? මොකද එතුමාගේ උගත් කම ගැනත් කොඳු නාරටිය ගැනත් ලංකාවට වඩා ඔබාමාලත් දයස්පෝරාවත් දන්නවා. එ් නිසා තමා මේ ටික කරන්න වලි කෑවේ. සමහරු දරුවෝ ඉබින්න ගන්නේ නෑ කිව්වේ දරු කැක්කුමක් දන්නේ නැති නිසා. එ්කනේ සූරියකන්ද, බටලන්ද වගේ තැන්වල දරුවෝ බුරුතුපිටින් රෝස් උනේ, වැලලුනේ. යහ පාලනයක් නම් කව්රු කව්රුත් එකතුවෙලා ගියාම ගොඩක් හොද දේවල් කරන්න පුළුවන්. හිටපු සමහර කේවට්ටයෝ ඉවත් කලානම් හැමදේම හොඳ වේවී (නදී)
යහ පාලනේට එකතු උනොත් ඕන කෙනෙක් සුදනෝ. අනිත් අයට තමා කෑදර කම, තණ්හාව, 8 පාස් එකී නොකී සියලු සුදුසුකම් හොයන්නේ. (නදී)
කොච්චර කෑ ගැහුවත් දැන් ඉතින් ගොඩ ගන්න බැරියෝ (නදී)
තවත් චාටර් වෙන්ඩද හදන්නේ. (අ)
අර්ජුන, කොමිසම ඉදිරියට මිනිස්සු ගෙනියනවට වඩා වැදගත් වෙන්නේ සංවර්දනය කර කඩිනමින් රට ගෙන යන එක.(නදී)
ඔව් අනිවාර්යෙන්ම එන්න. මේ අනාථයෝ හතර දෙනාව කොහොම හරි ගොඩගන්න. ශ්‍රී ලංකා අනාථයන්ගේ පෙරමුණ කියල පක්ෂයක් කොටළුවා ලකුණින් හදල දෙයි. එ්කෙන් ඡන්දෙ ඉල්ලන්න. අගමැති වෙන්න. (නදී)
ඔව් තව පාරක් රට කන්න වඩිනු මැනවි පාන් ගෙඩිය 100ට ගියත් කමක්නෑ පෙට්ල් 1000ට ගියත් කමක් නෑ ඔබතුමා හා පවුලේ සැප විහරණය වෙනුවෙන් අපි හැමදාම බදු ගෙවන්නන්. මෙහෙමත් මෝඩ මිනිස්සු. (නදී)
රනිල් ලස්සනට ගේම දෙයි රාජපක්ෂ ගැන් එකට (නදී)
අය වැය විවාදෙදි කරුණා අම්මාන් කියපු ටික ඇහුවා නම් ඒ ජා ප යේ යහපාලනය ගැන අදහසක් ගන්න තිබුනා. මිල අඩු කරපුවා කාල ඉවර වෙද්දී තමන්ට රටක් ඉතුරු වෙලා තියෙයිද කියන එකයි ප්‍රශ්නේ.(නදී)