රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ලේකම් ගැන පාර්ලිමෙන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට එරෙහිව පෙත්සමක් අත්සන් කර ජිනීවා මානව හිමිකම් කොමිසමටද,අගමැති කාර්යාලයටද ඉදිරිපත් කරන බව එම සංගමය කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාව අද (13) පෙරවරුවේ රැස්වී ගත් තීරණයක් අනුව සංගමයේ සියළු ශාඛා සමිති මේ පෙත්සමට අත්සන් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දොස්තරලානේ. නිකන් දෙන දේ බලන් ලබාගන්න බලන්නේ. රජයේ රෝහල් වල වැඩ කරන දොස්තරලාට චැනල් සර්විස් තහනම් කරන්න ඕනෑ. (නි)
රජයෙන් කෙරෙන්න ඕන ඒවා නම් අකුරටම මෙයාලට ඕන.එ්ත් මෙයාලගෙන් කෙරෙන්න ඕඅන ඒවා හරියට කරනවද? රටට හෙන ගැහුවත් කමක් නෑ. මෙයාලගේ ඉල්ලීම් ඉටු කරනවානම්. (බ)
අමල් හරියටම හරි. (ම)
මානව හිමිකම් කඩකරන්න වලි ඔය මහා ලොකු දොස්තරලානේ. අගමැතිගේ ප්‍රකාශය හරි. (බ)
ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ මේ කාර් පර්මිට් ක්‍රමය මේ රටට හදුන්වල දීපු අයට. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉහල වැටුප් ලබමින් චැනෙල් සේවා මගින් ලක්ෂ ගණන් මුදල් හම්බ කරමින් පොඩ්ඩ බැරි වෙන කොට වර්ජන කරමින් වෛද්‍යවරුන් මොකක්ද මේ කරන බාල වැඩ. (බ)
ඕනෑ කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. මම හිතන්නේ නැහැ අගමැතිතුමා කියපු කතාවෙන් මානව හිමිකම් කඩවීමක් වුණා කියලා. අපහුතාවයක් නම් වෙන්න ඇති. (නි)
එතකොට ලෙඩුන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ කවුද? (නි)
වෛද්‍ය වෘත්තිය යනු යනු මේ රටේ සේවාවලින් ප්‍රමුඛත්වය ගෙන ඇති උසස් සේවාවකි.රටේ ව්‍යවස්ථාදායකයේ හමුවේ තනතුරේ උත්තරී භාවය උදෙසා ඔබලා විසින් ගනු ලැබූ තීරණය ඉතාම උතුම්ය. (ම)
ජනතාවනි ඔබට මාගේ ආචාරය !!!!! (ම)
මොවුන්ට ඇත්තටම වෙන වැඩක් නැද්ද? (නි)
රනිල් මහතා හරි (නි)
මහජන මුදල්වලින් ඉගෙනගෙන ලෙඩුන් ඇපයට තබාගෙන තම ඉල්ලීම් ඉටුකර ගන්නා දොස්තරලට දෙවිවරුන් කියන මිනිසුන් ඉන්නේ මොන රටේද? (ම)
හොඳ වැඩක් (නි)
බලමුකෝ දැන් මෙයාල හෙට වැඩ වර්ජනයක් කරනවනේ... හැබැයි ලස්සනට චැනල් එකට යයි සවස 4 වෙනකොට.... මිනිස්ස්සු ගිහිල්ල අල්ලන් ගහන්න ඕනේ එතකොට මෙයාලට.... මම කියන්නේ කාර් පමිට් එක දීලා චැනල් කරන දොස්තරලගේ ගාස්තුවෙන් බද්දක් ගන්න ඕනේ... ඒවගේම චැනල් ගාස්තුවලට පාලනයක් ආණ්ඩුවෙන් කරන්න ඕනේ....(අ)
මේ අයගේ බෙහෙත් කඩවලින් හරියට රටට ටැක්ස් වත් ගෙවන්නේ නෑ. මේවා ඔක්කොම නවත්තලා රස්සාව විතරක් කරන්න ක්‍රමයක් හදන්න. (අ)
දොස්තර මාෆියාව නැති කළ යුතුයි. සියලු රට වැසියන් මේ මාෆියාවට එරෙහි විය යුතුයි. (අ)
දොස්තර මාෆියාවට හොඳ බේතක් දෙන එක යුගයේ අවශ්‍යතාවයක් (නි)
දේශපාලන බේදයකින් තොරව මට පෙනෙන ලෙස රනිල් කියපු දේ තිත්ත වුණත් ඇත්තයි. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නයකට මෙයාලා කවදාවත් ප්‍රකාශයක්වත් කර තිබෙනවද? තමන්ගේ වාසියටයි හැමදේම (නි)
දහසකුත් ප්‍රශ්න රටේ බහුතරයකට පවතින මොහොතක මෙම සංගමයේ හැසිරීම කොහෙත්ම සාධාරණ නැත. සේවක අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනකට වඩා දේශපාලන හස්තයක පළිගැනීමේ අවශතාවයක් ඉටුකරමින් සිටින බවක් පෙනෙන්නට ඇත. සේවය සේවයක් නම් එය දේශපාලකයන්ගේ සිට නගර සභා කම්කරුවන් දක්වාම සේවකයන් වියයුතුය. විශේෂ වරප්‍රසාද හිමිවිය යුත්තේ රටේ සිටින අංගවිකල මන්දබුද්ධික පුරවැසියන්ට පමණි. (නි)
උපන්දා සිට හැම දෙයක්ම නොමිලයේ ආණ්ඩුවෙන් බලපොරොත්තුවෙන, පොදු මුදල් වලින් ඉගෙනගෙන රැකියාවක් ලැබීමෙන් පසුත් අර පර්මිට් මේ පර්මිට් ආණ්ඩුවෙන්ම බලපොරොත්තුවෙන, දුප්පත් ලෙඩෙකුට නොමිලයේ ප්‍රතිකාර නොකරන මෙම වෙදුන් ජනතාවගෙන් ගුටිකන දිනය ඉතා ළඟය. මිනිසුන්ගේ ඉවසීමේත් සීමාවක් තිබෙන බව දැනගත යුතයි. (නි)
මම නම් කියන්නේ අගමැතිතුමා දොස්තරලා ගැන කියපු කතාව සම්පුර්ණ ඇත්තක්. ජනතාව අගමැතිතුමාගේ පැත්තේ ඉන්නේ. (නි)
එතකොට මහජන මුදලින් ඉගෙනගෙන දවසකට පැය කීපයක් රෝහලේ වැඩකරලා චැනල් සර්විස් වල ලක්ෂ ගණන් මුදල් උපයන දොස්තරලා ගැන කවුද ජිනීවා මානව හිමිකම් යන්නේ? මෙයාලා කරන්නේ ඌරාගෙ මාළු උගේ ඇඟ උඩ තියලා කපනවා වගේ වැඩක් (නි)