අපි 94 බලයට පත්වුණාම ඒ කාලෙ බාර් වලට බලපත්‍ර දුන්නා.මේ එක්සත් ජාතික පක්ෂයෙ කෙටි කාලය තුළ බාර් ලයිසන් 400 ක් විතර දීල තියනවා. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ එකම බාර් ලයිසන් එකක්වත් දුන්නේ නැති බව එස්. බී. දිසානායක මහතා උඩුනුවර පැවැති උත්සවයකදි පැවැසීය.
‘මේ එතනෝල් බලපත්‍ර දීලා ඒකෙන් සුවඳ විලවුන් හදන්න, ඖෂධයක් හදන්න, ඕඩිකොලෝන් හදන්න හරි බලපත්‍රයක් දුන්නම ඒකට විශාල අඩු බද්දක් ගහන්නේ. ඒක ගෙනල්ල අනික් පැත්තට හොර අරක්කු කාරයන්ට වික්කොත් සියයට 300 ක 400 ක ලාභයක් ගන්න පුළුවන්. තවත් පරණ වාහන ගෙන්වන්න බලපත්‍ර තුන් හාරදාහක් දීලා තියනවා. මේ සියල්ලම මුදල් හම්බ කරන මහා වංචනික නීති විරෝධී ක්‍රියා. මේ නිසයි අපි මහින්ද මෛත්‍රී එකතු කරලා අපේ පක්ෂය එකතු කරලා අපේ සන්ධානය එකතු කරලා අද මැතිවරණයකට මුහුන දෙන්නේ. මම එක කාරණයක් කියනවා. අපි කීයටවත් රනිල් වික්‍රමසිංහට මේ රටේ ආණ්ඩුවක් හදන්න දෙන්නෙ නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ මහින්ද මෛත්‍රිගෙ සන්ධානය‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හැදෙන අනාගත පරපුරක දරුවන්ටත් නරක ආදර්ශයක්. (නි)
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් හැදුවොත් මුලින්ම ඔහුගේ ඔඩොක්කුවට පනින්නේ කවුද කියලා අපි දන්නවා (නි)
ඔයාලට ඒකට ඉඩක් නැහැ. ඒක තීරණය කරන්නේ අපි (නි)
මහින්ද - මෛත්‍රී සන්ධානය... හොඳයි හොඳයි (නි)
ඔය කටෙන්මද ඔය කියන්නේ? (නි)
ඒක මහජනතාව බලාගනීවි (නි)
මෙහෙම කිවුවට අන්තිමේදී වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා (නි)
බක! බක! බක ! (නදී)
කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් හැටියටයි දැන්නම් අපිට හිතෙන්නේ. තැනේ හැටියට ඇණේ ගහගෙන මොනවාහරි කියලා ඔලුව දාගන්න බලන්නේ. මෙතුමාට ඔහුගේ උපන් ගමෙන්වත් හරියට ඡන්ද ලැබුනද?(නි)
18 වෙනිදා එළිවෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙන හැටි අපිට බලන්න පුළුවන් (නි)
ඒක අපි 18 වෙනිදට බලමුකෝ (නි)
මේ අයට පිස්සුද මන්දා (නදී)
ආණ්ඩු හදන්නේ රනිල්වත් මහින්දවත් නෙවෙයි එ්ක තියෙන්නේ ජනතාව අතේ (නදී)
තමන් කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා තමන්ම දන්නේ නැහැ.ඔය බොරු වලට මිනිස්සු සිය පාරක් අහුවෙලා තියෙන්නේ. (නි)
අපි බලමු 17 ජනතාවගේ මතය කොහොමද කියලා (නි)
ඔබතුමාටත් මතක නැතිවෙලා වගේ (නි)
18 වෙනිදා උදේට නැගිටලා බලන්න තමුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. (නි)
ඒක හීනයක්.ඔයාලා වගේ පනින අය කියන ඒවා ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. (නි)
අපි බලමු 18 කොහොමද කියලා ජනතාවගේ ප්‍රතිචාරය (නි)
මනාප දීමේදී ප්‍රවේශම් වෙමු. (නි)
මෙතුමා මෙහෙම කතා කරන්නේ කොහොමද? (නි)
ඔය කියන දේවල් කවුද දැන් අහන්නේ? (නි)
එක කාලයක චන්ද්‍රිකා මැතිනියගේ රජයෙන් වෙන්වී , රනිල් සමග ආණ්ඩු කරපු එස් බි දිසානායක , පසුව සන්දානයට එක්වී ඇමති කමක් ලබා ගත්තා. රනිල් ගේ ආණ්ඩුවක් ආවොත් මෙයා තමා පළමුවෙන් පැනලා රනිල් ගාවට යන්නේ (නදී)
අපි දෙන්නම්කෝ නියම තීන්දුව (නි)
එස් බී මහත්තයා කට වහගෙන හිටියා නම් හොඳයි. නැත්නම් ආයිත් සරත් එන් සිල්වා ඔයාව මහ උළුගෙදර යවයි. ඔයා ඉතින් පහුගිය කාලේ සටන් විරාම ගිවිසුම් ගැහුවනේ විශ්ව විද්‍යාල එක්ක. හැබැයි ඉතින් රනිල් ආයිත් ලබන 17 පස්සේ අගමැති වෙන එක ඔයාට තියා වයිමටවත් නතර කරන්න බැහැ. ඔයා යුන්පි එකට පැන්නා ඊලගට මහින්දගේ ඔඩොක්කුවට පැන්නා. ඊලග මෛත්‍රි ලගට පැන්නා. ඊලගට ඔයාට ආයිත් පනින්න වෙන්නේ රනිල් ලඟට තමයි. (නදී)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
අනේ ඇත්තමයි ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි? චන්ද්‍රිකාට බැනලා පස්සේ බැන්නේ නැහැ කියනවා. මහින්ද ඡන්දෙ ඉල්ලන්න එන එකත් මෙයා විවේචනය කළානේ පසුගිය කාලේ. ඉතින් මේ අය ගැන කතාකරලා වැඩක් නැහැ. මම කියන්නේ ඡන්දෙ දෙන මිනිස්සු මේ වගේ අය ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. ඒක අපි හැමෝගෙම යුතුකමක්. (නි)