එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කථාව.
‘‘අපි අද මාතෘභූමියේ අනාගතය ගැන ඉතාම වැදගත් ලියවිල්ලක් ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරපු වෙලාවේ මට මතක් වුණේ 2005 අපි බලයට පත්වෙන කොට තිබුණු තත්ත්වය.
කුණු ගොඩවල් කොළඹ හැමතැනම. මිනිස්සු වහ බීලා මැරුණා.
මම පසුගිය දවස්වල බැලුවේ රටේ කෙලවරට පැය ගාණකදී යන්න පුළුවන්. මම ගියා. මම දැක්කා එජාපෙ නියෝජිතයොත් උදේ ගිහින් හම්බන්තොටට රැස්වීම් කරලා කොළඹ එනවා සාකච්ඡා පවත්වන්න. රෑට යනවා කුරුණෑගලට. හැබැයි එදා ගියා නම් හම්බන්තොටට දවසක් විතර ගිහින් තමයි ආපහු එන්න වෙන්නේ. මේක අමතකයි සමහර අයට. හාමුදුරුවනේ ඔබවහන්සේලා නිතර කියනවා අපේ අයට හුඟක් ඉක්මනින් දේවල් අමතක වෙනවා කියලා. හැබැයි මේ වසර 4 ක් තුළ අපිට රට වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අද සමහර උදවිය හා රනිල් අගමැතිතුමා අහනවා ඇයි මේ මහින්ද ආපහු එන්නේ. ජනතාව ඇවිල්ලා කරපු ආරාධනයට, මගේ නිවසට මාව බලන්න රට පුරා ඉඳන් ආපු වෙලාවේ ඔවුන්ගේ එකම ඉල්ලීම වුණේ ආපහු එන්න කියලා. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන කොට කාන්තාවකට පාරේ යන්න බැරිව ඉන්න වෙලාවක මංකොල්ල කෑම් වැඩිවෙලා උතුරට යන්න බියක් ඇතිවෙලා තියෙන යුගයක ආපහු එන්න කියලා කිව්වා.
මේ ගැමියා නාගරික සමාජය අපිව සොයාගෙන ආවා. අපි මේ වැඩපිළිවෙළ රටේ තියෙන වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි පොහොර සහනාධාරය දුන්නා. රබර්වල මිල බහින කොට අපි 300ට ගත්තා. නමුත් අද ගොවියාගේ වී ටික මිලට ගන්නේ නෑ. රබර් සීට් ගොඩගැහිලා. සුළු තේ වගාකරුවන් ලක්ෂ 4ක් ඉන්නවා. මම මහනුවර ඉන්න කොට තේ 42ට 45ට 47ට ගන්නවා. ජාවාරම්කාරයින්ගෙන් පවරාගෙන ගොඩගත්ත ආයතන අද විනාශ කරලා. ජනතාවට අඩුමිලට බඩු දෙන්න තිබ්බ සතොස විනාශ කරලා. ඇමැතිවරයෙක් කිව්වා රජයේ සේවකයෝ වැඩියි. ඉදිරි මාසවල පඩිගෙවාගන්නත් බෑ කිව්වා. ආපස්සට රට හැරෙව්වා අවුරුදු 25කට එහා කාලයක් මේ කට්ටිය රට ඒ තත්ත්වයට හැරෙව්වේ නැත්නම් අපිට එන්න වෙන්නේ නෑ ආපසු සැරයක්. අපි පාඩම් අතීතයෙන් ඉගෙන ගත්තා. අපි ඉවසන්න ඕන තැන ඉවසගෙන ඉන්නවා. හැබැයි රට වෙනුවෙන් යුද්ධ කරන්න ඕන තැන අපි යුද්ධ කරනවා. අපි අද අලුතින් හිතනවා. මේ පසුගිය මාස 6 අපිට වෙලාව දුන්නා හිතන්න.
අපි නවීන දේශයක් අභීත රටක් සුහද සමාජයක් ගොඩනගනවා. අපිත් එක්ක තියෙන වෛරය නිසාම නතර කළ සංවර්ධන ව්‍යාපෘති අපි ආයෙත් පටන් ගන්නවා. පහලොස් ලක්ෂයකට රැකියා නැතිවුණා. කොළඹ අද තියෙන තත්ත්වය නැති කරලා පිරිසිදු නගරයක් කිරීමේ වගකීම අපි භාරගන්නවා.
මට මතක් වෙනවා රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමැති කාලේ තරුණයන්ට කරපු දේ.
ඒ කාලේ නන්දා මාලනීගේ ගීතයක කියනවා
‘යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්‘
එදා අලුත් ලොවක් ගැන හිතපු තරුණයන්ට වුණේ මේකයි. මේක ලියපු සුනිල්ටත් රට හැරයන්න වුණා. එදා හිටපු තරණයන් හිටියානම් අනුර කුමාරගේ වයසේ අය බව ඒ අම්මලාට අද මතක් වෙනවා ඇති. ඒ අම්මලාගේ ළමයි බලාගන්න අපි සූදානම්.
ගමේ රටේ තරුණයෝ ආයුධ අතට ගන්න පෙළඹෙන කාරණා අපි අහෝසි කළා. අද ආපසු මේ මාස 5 බලන්න ශිෂ්‍යයින්ගේ මහපොළ අඩු කරලා. ප්‍රමාද කරලා. තරුණයෝ පරණ පුරුද්දට අරලිය ගහ මන්දිරයට පෙළපාළි ආවා. ආණ්ඩුවෙන් ඔළු පැළුවා. ඉස්පිරිතාලෙට නෙමෙයි යැව්වේ හිරගෙදරට. මාස 5ට මෙහෙමනම් අවුරුදු 5 ට කොහොම වෙයිද
වයස 18 ට වැඩි හැම තරුණයෙක්ටම ඉගෙන ගන්න රුපියල් 50,000 ගානේ දෙනවා. විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනකොට ඒ ළමයිට සූදානම් වෙන්න අපි තීන්දු කළා රුපියල් 10,000ක් දීලා මහපොළ 6000ක් දක්වා වැඩි කරන්න.
උසස් පෙළ සමත් වෙලා සරසවි යන්න බැරි අයට ඉගෙනගන්න ආධාර කරන්න වැඩපිළිවෙළක් හදනවා. අපට ඕනේ මානව සම්පත් දියුණු කරන්න. පරිගණක ඥානය අපිටත් දුන්නා ජනවාරි 8 වැනිදා ෆේස්බුක් හරහා. මේකේ ඉක්මනින් බොරු ප්‍රචාර ගෙන ගියා. ඔවුන් අවබෝධ කරගන්න ටික දවසක් යයි. ඒ නිසා අපි හැම නිවසකම බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම් දීලා හැම කෙනාටම ඔන්ලයින් වෙළඳපළට ඇතුළු වෙන්න අවස්ථාව දෙනවා. දැන් වයිෆයි ඇරලා වහනකොට ගිහිල්ලා.
අපි මේ අවුරුදු 4ක් ඇතුළත පාර, විදුලිය ආදී රටේ යටිතල පහසුකම් හැදුවා.
අපේ රටේ රජයේ සේවකයා පළවැනි වතාවට ලක්ෂපතියෙක් වෙනවා. අපි රජයේ සේවකයා ගැන විතරක් නෙමෙයි අපි පෞද්ගලික අංශයේ සේවකයාටත් රුපියල් 3000ක වැටුප් වැඩිකිරීමක් කරනවා. අද මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව අසරණ වෙලා. අපි ව්‍යාපාරකයින්ට අවශ්‍ය දිරිදීම් දීලා ඒ අය නගා සිටුවනවා.
මුස්ලිම් පල්ලි ටික අපි හැදුවා. කතෝලික පල්ලි හැදුවා. පසුගිය කාලේ දෙමළ ජනතාව තුළත් මුස්ලිම් අයත් අතරේ භීතියක් පැතිරෙව්වා. එතැන තිබෙන කුමන්ත්‍රණය අද මුස්ලිම් ජනතාව පිළිඅරන් තියෙනවා. මේවා ගැන කැබිනට් මණ්ඩලයේ කථා කළ අය රනිල්ගේ ඔඩොක්කුවට පැනලා ඔවුන්ව බදාගෙන ඉන්නවා. එජාපය කවදාවත් මේ රටේ සුළු ජාතීන්ට කරපු දෙයක් නෑ. ඒක නිසා මේ පිළිබඳව ඔබ අවබෝධයෙන් ඉන්න. අද මේවා ගැන මුස්ලිම් දෙමළ ජනතාව අවබෝධ කරගෙන සිටීම වැදගත්. කිසිම ජාතියකට ආගමකට බියක් ඇති වෙන්න අපි ඉඩතියන්නේ නෑ. මහජන නියෝජිතයෙක් අමු අමුවේ මහ පාර මැද දනගස්වලා පටන්ගත්ත නීතිය අතට ගැනීම අද දිගටම කරගෙන යනවා. නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධිපත්‍ය රකින්න ඕන සියලු දේ අපි කරනවා. අපි යහපත් විදේශ සබඳතා නැවත ගොඩනගනවා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරලා අපි නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රජය ගෙනත් මග ඇරපු නව මැතිවරණ ක්‍රම අපි ඇති කරනවා.
අද අපිට එරෙහිව සටන් කරන රනිල් එක ජයග්‍රහණයක් රටට ගෙනත් තියෙනවාද කියලා අපි අහනවා. මේ රට ගොඩනගන්න පුළුවන් වෛරයෙන් නෙමෙයි. සුහදශීලි සමාජයක් ගොඩනැගිය යුතුයි. මේ රටේ ජනතාව පණ ඇති සාර්ථකත්වය සොයායන රටක් හදන්න අපි අලුතින් පටන් ගනිමු. අභීත පණ ඇති රටක් අපි අනිවාර්යයෙන්ම ගොඩ නගනවා. ඔබ සැමට සුබ අනාගතයක්!‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයා දිනනවා (ම)
ඔබ කීයූ දේ 100%ක්ම නිවැරදියි. ඔබ නැවතත් අපේ රටේ නායකයා විය යුතුයි. (නදී)
හැම අතින්ම අංග සම්පුර්ණ කතාවක්. රටේ ඒකීය භාවය,ආරක්ෂාව,නගරයේ පිරිසිදු කම ඉතාම වැදගත්. ඔබට ජය පතනවා. ඔබේ ජය රටේ ජයයි. (නදී)
දුසිතයන් ආරක්ෂා කර ගැනීමට ඔබේ නායකත්වය ඕනා. (නදී)
තාලය වැරදියට කීමෙන් වස් කවියක් වෙලා ආපසු කැරකේ (නදී)
අපි හැමෝටම නිදහසේ ජීවත්වෙන්න යුද්දේ දිනලා දීපු එකම මදිද? ගිය අවුරුදු 4 ට මේ රටේ මොන තරම් සංවර්ධනයක් උනාද? පසුගිය මාස 7 ට මොනවද උනේ? (නදී)
රනිල්ගේ මොන අඩු පාඩුකම් තිබුනත් අඩු ගානේ මානසික තත්වය හොඳයිනේ. අපිට හොස්ස ලඟින් මැස්සා යන දේශපාලක විප්‍රකාර බලා ඇති වෙලා. (නදී)
සන්ධානයේ මළගම ප්‍රකාශනයේ අවමගුල් කවිය (නදී)
දැන් ජනාදිපතිවරණය කාලේ කට්ටිය බන්දුලලා කිව්වා 10000 කින් පඩි වැඩි කරන්න බැහැ ආණ්ඩුවට අාදායම් නැහැ කියලා. එහෙම කිව්ව එයාල කොහොමද දැන් 35000 ක් කරන්නේ (නදී)
පැරදුණත් දින්නත් මහින්ද තමා ශ්‍රී ලංකාවේ විරයා , එක දෙයක් නිසා අපිට නිවහල් ස්වෛරී රටක් ලබාදුන් නිසා , අපි එකට ගරු කරමු (ම)
දිනන්නේ නැති බව දන්නා හින්ද ඕන දෙයක් කියන්න පුළුවන්, එක වෙලාවක කියනව ආර්ථිකය විනාශ වෙලා කියල, එහෙමනම් මෙහෙම නිකන් සල්ලි දෙන්නේ කොහොමද, මෙයා හිතන තරම් මින්ස්සු මෝඩ නෑ (නදී)
ජය වේවා අපේ අප්පච්චි (ම)
ඔබට ජය වේවා. ඔබේ නායකත්වය රටට නැවත අවශ්‍යයි. (නදී)
ඔබට ජය නියතයි (නදී)
රටට අවශ්‍ය තිරසාර සන්වර්දනයක්. රජය පාඩු ලබාගෙන සහන ලබා දෙන එක නොවේ. එහෙම දුන්නත් එ් දෙන්නෙත් ජනතාවගේම සල්ලි. (නදී)
මේ කියන ආකාරයට සල්ලි බෙදන්න ආණ්ඩුවට ආදායම ඇතිද?, මේ කියන පොරොන්දු අනුව පෙනේනේ අපේ මිනිස්සුන්ව තමිල්නාඩුවේ මිනිස්සුන්ගේ තත්වයට පත් කරලා වගේ, තමිල්නාඩු ඡන්දෙදි දෙන පොරොන්දුත් මේ වගේමයි (බ)
ඔය අපූරු කවිය ලියු උතුමා හා නන්දා මාලනියගෙන් මේ ගෑන ඇසූවා නම් අහගන්න හැකි වෙයි, 89, අදද? හෙටද? කියලා (බ)
ලජ්ජා නැතිව බොරු කියන හැටි (බ)
යුද්දය දිනන දැව(නදී)
පරාජය ළං වෙනකොට සින්දු මතක් වෙනවා (බ)
සරත්, ඔයාගේ වාසගමක් රාජපක්ෂද ? (නදී)
මෙතුමා පරද කරන්න බලන් ඉන්න කට්ටියට තරු පෙනේවි (බ)
සඳා ඔයාගෙත් වාසගම රාජපක්ෂද ? (නදී)
යුද්දය දිනන තුරු ඔබ හොඳින් වැඩ කළා. එ්කට පසුව ඔබ වටා එක්වුණා සොරුන් ටිකක්. ඔබව මන් මුලා කරලා, ඔබට බොරු ඔටුන්නක් දමලා , රජෙක් කියලා ඔබව මන් මුලා කළා. එදා සිට, ඔබ කරේ වැරදි වැඩ. අපි තාමත් සලකනවා යුද්දය දිනා දුන්නට. එහෙත් සොරුන් කුඩ්ඩන් ආරක්ෂා කලාට විරුද්දයි (නදී)
ජනපතී ඔබයි ඔබ යනකොට මම අඩපූ (බ)
ඔබගේ කාලයේ ඔය වගේ සින්දු කියන්නවත් නිදහසක් තිබුනද ? අපට මතකයි ,පෑන,කට වහපු හැටි (නදී)
ලජ්ජා නහර කපලාද ආයෙත් මන්ත්‍රී කෙනෙක් වෙන්න යන්නේ (බ)
මහින්ද කියන දේවල් හිතට එකගව හරි ද වැරදි ද කියලා හතලා බලන්න (ම)
මහින්දට ජය (නදී)
ඔබ අවි යුද්දය අවසන් කල නමුත් එයට හේතුව අවසන් නොකළ හේතුව රටේ අහේතුව විය (නදී)
මොකද මේ බය වෙලාද ? නැත්තන් පරාජය දැකල වියරු වැටිලද? බොරු ප්‍රතිපත්ති ප්‍රකාශ හදල මේ කාවද අන්දන්න දගලන්නේ ? කරන්න පුළුවන් දේවල්ද මේ ? මිනිස්සු ඔබ තුමා හිතන තරන් දැන් මෝඩ නැහැ (නදී)
පන ඇති නායකයෙක් ඕනෑ මහින්දට ජය පතමි (නදී)
හැමදාම එක එක ගණන් දෙනවා කියන මුත් දුන්නේ කවදද.(නදී)
රට විනාශය කරා යාම වලකන්න. වැරදි නිවරදි කරගෙන ඉදිරියට යන්න. දිරිය ශක්තිය ඔබට තියෙනවා. ජය වේවා....(නදී)
ජයවේවා! (නදී)
ඇත්තටම ඔබ කියු දේ කරන නායකයෙක් බව අපි දන්නවා. මුල අමතක කරන අයට සියල්ල අමතක වුවාට දුක් විඳපු අපි දන්නවා වේදනාව. ජයම වේවා. (නදී)
ඔබ තුමා අපේ දෙවන දුටුගැමුණු රජු වේ. ඔබ තුමාටත් එක්සත් ජනතා නිදහස් සන්දානයටත් විශිෂ්ට ජයක් ලැබෙනවා නියතයි (නදී)
පාර්ලිමේන්තු මන්ත්‍රීකම ලජ්ජා නැති කමට වැඩිය ලොකුයි නේද අප්පච්චි.(නදී)
අවරුදු දහයක් ගයන ලද සින්දුව අපට තවම අමතක නැත.(නදී)
ජයවේවා ඔබට , ඔබේ ශක්තිය මතුවටත් අපේ රටට ඕනෑ,, (ම)
වැල්වටාරම් අවශ්‍ය නෑ. විවාහ ගාස්තුව රු. 1000 ඉඳල රු.5000 ට වැඩි කරලා දැන් ලක්ෂ ගණන් දෙන්න කතා කරනවා. බොරුව කියල පැහැදිලියි නේද?(නදී)
මේ රට ගොඩනගන්න පුළුවන් වෛරයෙන් නෙමෙයි (ම)
රටට ආදරේ තියෙනවා නම් අනාගත දරුවන්ට රටක් බාර දෙන්න ඕනෙනම් මහින්ද ප්‍රමුඛ අයට ඡන්දය දෙන්න නම් හීනෙකින්වත් හිතන්නවත් එපා.(ම)
අමතක කළ නොහැකි නායකයෙක් .(හේ)
ජය නියතයි (ම)
ජයෙන් ජයම වේවා (ම)
ජය වේවා. ඔබට ජය.(ම)
රට බෙදෙනවට අකමැති සියලු ඡන්ද මහින්දට ලැබෙනවා. ජනවාරි 8 අපිට උනා මහින්ද පරදින්න නෙමෙයි හීන් ටොක්කක් අනින්න. එ්ත් ඉතින් නැතිවෙන්නේ අපේම පරපුර බව පසුගිය මාස 8 අපි ඉගෙන ගත්තා. (නදී)
එතකොට රග්බි ක්‍රීඩක තාජුදීන් මැරුවේ කව්ද ? (බ)
අපි කිසිදා ඔබතුමන් අමතක කරන්නේ නැත ඔබතුමන්ට ජය ජය තෙරුවන් සරණයි සියළු විශ්ව හක්ති බලයෙන් ඔබට ජය නියතයි අපේ ආදරණිය නායකයාණනි !!!!(ම)
"නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධිපත්‍ය".......? කොහොමද මේ දේවල් කට ඇරලා කියන්නේ..? පහුගිය කාලේ ඒ දේවල් කොහේද තිබ්බේ..? පාට පක්ෂ බදාගෙන රෑ වැටුණු වලේ දවල් වැටෙන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩයි ද..?(ම)
ඔබට ජය වේවා. ඔබේ නායකත්වය රටට නැවත අවශ්‍යයි....ජයම වේවා.(ම)
මහින්ද මහත්තයෝ වැදගත් විදියට ගෙදර ගියානම් හොද ජිවිතයක් ගත කරන්න තිබ්බා.ඔය කරන වැඩ වලින් මහින්ද රාජපක්ෂ කියන නම නැති වෙලා යනවා.(හේ)
අන්ගුලිමාලත් කළ වරද නිවැරදි වී උතුම් රහත් බවට පත් වී දෙසු අංගුලි මාල පිරිතෙන් අදත් සෙත සලසනවා ..(හේ)
මේ කතාව දැක්කම තේරෙනවා විධායක බලය තියාගෙනත් නොකළ දේ බොහෝ තිබෙන වග.දැන් ඔය කරනවා කියලා තියෙන ලැයිස්තුව අවුරුදු දහයක් විදායක බලය,තුනෙන් දෙකේ ආණ්ඩු බලය දෙකම තියාගෙන නොකළේ මොකද? (ම)
ඉදිරියේ දී රාජපක්ෂ මහතාට නරක කාලයක් උදා වන බවත්, කිසි ලෙසකින්වත් ඔහුට අගමැති විය නොහැකි බවත්, ඔහු අගමැති අපේක්ෂකත්වය දරණ පක්ෂය ඒ නිසා පරාජය වන බවත් සරත්චන්ද්‍ර මහතා පවසයි. ඡන්දෙන් පසු හිටපු ජනපතිට නඩු හබවලට මුහුණ දීමට ද සිදුවනු ඇති බවත් ඔහු අනාවැකි පළ කරයි. (නදී)
මහින්ද මහතාණනි ඔබට ත්‍රිවිද රත්නයේ ආශීර්වාදය සහ සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා!! ජයෙන් ජය!!(ම)
එදා මෙදා ඉතිහාසේ දන්නා මිනිස්සුන්ට මේ කතාව 100% හරි කියලා තේරෙනවා. හැබැයි ගිය අවුරුදු කිහිපයක් පමණක් දන්නා අයට මේක ඇදේට පේන්නේ. වැරදි හදා ගන්න. මර්වින් සිල්වා වගේ අය ඇති කරන්න එපා. දඩුවම් දෙන්න. කුඩු නවත්තන්න. සංවර්දනය, විදේශ ප්‍රතිපත්ති නිසිමගට ගන්න. ජාතීන්ට සම නීතියක් හදන්න, කේවල මැතිවරණ ක්‍රමය නැවත ගෙනවිත් ජාතිවාදයට තිත තියන්න. ඕවා කල හැක්කේ ඇත්තටම ඔබට පමණකි..ජාතියේ දරුවන් වන අප ඔබෙන් එම සේවාව අයැද සිටිමු. (නදී)
මහින්ද! ඔබ මෙහි දෙසා බෑ සියලුම කරුනුත් හරි පහත සඳහන් ප්‍රකාශයත් හරි. " මට මතක් වුණේ 2005 අපි බලයට පත්වෙන කොට තිබුණු තත්ත්වය. කුණු ගොඩවල් කොළඹ හැමතැනම. මිනිස්සු වහ බීලා මැරුණා...." ඔබ ජනාධිපති කමට අහසින් පාත් වුනේ නැහැනේ. ඔබත් මන්ත්‍රී කෙනෙක්, නියෝජ්‍ය ඇමතිකෙනෙක්, ඇමති කෙනෙක්, අගමැති කෙනෙක් හැටියට හිටපු අතීතයේ තමා මුළු ලංකාවම ඒ තත්වයට පත්වෙලා තිබුනේ. එහි වගකීම ඔබ බාර ගන්න සුදානම් ද ? එසේත් නැතිනම් ඔබ රටේ නායකයා වනතුරු බලා සිටියේ මල්ලිලා හා ඥාතීන් එක්ක ඊනියා සංවර්ධන වැඩ වලින් කොමිස් මුදල් ගහල රටට වැඩ කරන්නද? එතකම් ඔබ ඔය කුණු ගොඩවල් දැක්කෙම නැද්ද? පිළිතුරු අගෝස්තු 17 ට කලින් බලාපොරොත්තු වෙනවා. (නදී)
අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයා දිනනවා.(හේ)
මහින්ද චින්තනේ ඉවරද මහත්තයෝ? (හේ)
අතීතයේ ලංකාවේ "චේතිය" කියල රජෙක් හිටිය කියල ජනප්‍රවාදයේ තිබුනත් එහෙම කෙනෙක් හිටියද කියල ඔප්පුකරන්න සාක්ෂි නොමැතිවයි හිටියේ. මහින්ද රජානණනි! අතීතයේ මහින්ද නමින් "චේතිය" රජවී සිටිය බව අනාගත පරපුරට විශ්වාස කරන්න සාධක ඉතිරිකර තැබීමම ඇති ඔබේ නම රන් අකුරෙන් ලියැවෙන්න.(නදී)
ඔහොම වෙනවා වයසට යනකොට සහ මොලේ දුර්වල වෙනකොට. හොඳට කාල නාල ඉන්න තිබුන අවස්ථාව ලොක්කා නැතිකර ගත්ත නේද දෙවියනේ ?(හේ)
සින්දු කිව්වට වැඩක් නෑ. හිටපු කාලේ මුකුත් කළේ නෑ. දැන් කරන්න පුළුවන්ලු.(හේ)
අපේ වරදින් ඔබ තුමා ගිය වර පැරදුණේ මෙවර අපේ වැරදි හදා ගත්ත ඔබට ජය (ම)
මේකත් කියවළම යන්න, මහින්ද යනු හුදෙක් මඩට හිටෝපු ඉන්නක් වගේ. නුල කැඩුනු සරුන්ගලයක් වගේ. හමුදාව යුද්ධෙ ඉවර කරාම මහින්ද හමුදාවෙන් පලි ගත්තා. 40000ක් සේවය අත හැර පලා ගියා. මේයා නටන්නේ කුඩු කාරයන්ට, හොරුන්ට, කුපාඩීයන්ට ඕන වීදිහට. (නදී)
"කාන්තාවකට පාරේ යන්න බැරිව ඉන්න වෙලාවක ...." ඔබ කියනවා ඔවුන්ව ආරක්ෂා කළේ ඔබ කියලා. කොටකෙතන අම්මල දුවල, සොහොයුරියෝ මහ රෑ නිදන් ඉන්න කොට ගෙවල් වලට පැනල දඩමස් කරලා, මළ මිනීත් දුෂණය කළේ ඔබගේම දේශපාලන හිතවතුන්ගේ හිතවතුන් නේද? පාරේ යනවා නොවෙයි ගෙවල් ඇතුලේ දොරගුළු ලාගෙන භියෙන් තොරව නිදා ගන්න බැරි යුගයක් කාන්තාවන්ට ඇතිකළ බුදු අප්පච්චියේ අප අතරම නැවත උපදින්න. මොකද ඔයා නැති ලංකාව දුටු ගැමුණු නැති ලංකා ඉතිහාසය වගේ හින්දා. (නදී)
ඔබ ඡන්දය දිනපු ගමන් ජනතාව අමතා කරලා වටේ ඉන්න දේශපාලුවන්ට හොරකම් කරන්න ඉඩ දෙන බව අපට සියයට සීයක් විස්වාසයි. (බ)
මෙන්න රටට ආදරේ මිනිස්සු. තුනෙන් දෙකයි විධායක බලයයි තියාගෙන නොකළ දේවල් මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද ආයිබොවන්? (බ)
මගේ වයස 35 යි මටත් 50,000 හේ පිරිසට ඇතුලත්ද? අනේ කවුරුහරි කියන්න මට තේරුනේ නැත (බ)
අද මොකද කට්ටිය අඩු? මෙතුමාට පට්ටයන්න බනින අය අද වගේ ...තව තව ඉදිරියට යද්දී කට්ටියට තේරේවි....දින 100 න් පටන් ගත්තා. දෙනවා කිව්ව. සහන ගැන දින නම් ඊළඟ 100 ත් එනවා. සහනයට අසහනය ඇතිවෙන්න පටන් අරන්. යහපාලනයේ අයහපත්බව ...ඇතිවීගෙන එනබවනම් පෙනෙනවා ...ලංකා .....මෙතුමා වියරු වැටිලා නෑ අනිත් අයයි වියරුවෙන් වගේ මෙතුමා යන යන තැන කරන කියන දේවල් ගැන පුදුම උනන්දුවකින් වැඩකරන්නේ...සාර්ථක 30වෙනි පරාජයෙන් බේරෙන්න එතුමල ගොඩක් මඩ කනවා....(බ)
බලය තිබෙන විට මොලේ නැති මට සගයන් කියනදේ කියනා මගේ කට තණ්හාවෙන් අඩුවක් නෑ මට මේපාරත් දෙනවද රට පවුලේ කෑමට (බ)
දැන්වත් ඔබට විරුද්දව ඡන්දය දුන් මිනිස්සුන්ගේ ඇස් ඇරේවා!! ඔබ තුමා නැවත බලයට ආවහම කරුණාකර තමුන්ගේ කෙනෙක් වරදක් කළත් ඔහුට හෝ ඇයට විරුද්දව සුදුසු පියවර ගන්න පසු බට වෙන්න එපා. පරණ වැරදි හදාගෙන අවොත් ඔබතුමාට අභියෝග කළහැකි කිසිම නායකයෙක් තවම දේශපාලන ක්ෂේත්‍රයේ නැහැ..(බ)
කවුරු කවුරුත් මේ දවස්වල සින්දු බයිලා තමයි වැඩිහරියක් කියන්නේ. (නදී)
සුදු හයි එස් වෑන් එවා මගේ පුතා රැගෙන යන් අතපය කඩා බෙල්ලට ඇන දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම් කුමට තිබුණු අධිකරණය නීතිය හා විනිහොරුන්‘ (බ)
පසුගියදා අකුරැස්සේ දී මොකද වුනේ . සුසිල්ට මොකද වුනේ. නිමල් සිරිපාල අාවේ නැත්තේ ඇයි (බ)
ඔබට ජය නියතයි අපේ අනාගත අගමැති තුමනි (අ)
තිලක්ගේ අදහස වැඩියෙන් ගැලපෙන්නේ කාටද කියල හරියට හිතල බලන්න. එක එක පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ බලන්න නැතිව ඇති. කවදාහරි දවසක පසුතැවෙන්න වෙයි. මහින්ද රට දිනුව මිස පාවාදීල නැත.(අ)
ඔබට ජය (අ)
අපේ අප්පච්චි නැවත එන්න රටකට ඕනේ අප්පච්චි (ම)
අපිට තේරෙන හැටියට ඔබතුමාලා මහින්දට පක්ෂ අදහස් දාන්නෙ අඩුවෙන්. කරුණාකරල හැම කෙනෙක්ගේම වැදගත් අදහස් රට වෙනුවෙන් පල කරන්න. (නදී)
හුග දෙනෙකුගේ පැතුම පැහැදිලියි. මෙතුමා වෙනුවෙන් පෙනී සිටි ලක්ෂ 58 ම ඇත්තේ එකම පැතුමයි. ඒ දිනු දේශය නොබෙදා ආරක්ෂා කර ගැනීමයි. මෙතුමාට විරුද්දව අදහස් දාන්නේ පෙඩරල් වලට කැමති උදවිය වෙන්න ඇති (නදී)
අවරුදු 10 යක් විධායක ජනාධිපතිකම හොබවලත් කරන්න බැරි උන දේවල් දැන් කොහොමද කරන්නේ ? නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න (නදී)
අවුරුදු 9 ක් තිස්සේ තමන්ගේ පාලන කාලයේදී නොකරපු දේවල් ගැන ඇයි මේ වගේ පොරොන්දු දෙන්නේ ? මේවා ඒ කාලේදී කරන්න කාගෙන්වත් තහනමක් තිබුනේත් නැහැනේ . කිසිම හිරිකිතයක් නැතිව කිසිම ලැජ්ජාවක් නැතිව මෙහෙමත් බොරු කියන්න රටේ ජනාධිපතිවෙලා හිටපු කෙනෙකුට පුලුවන්ද ? රටේ ජනතාව මේ බොරුකාරයාගේ බොරු පොරෝන්දුවලට නැවත වතාවක් රැවටෙයිද කියලා බලමුකෝ . (හේ)
අපේ රටේ ඉන්නේ අතීතය අමතක කරපු මිනිස්සු (ම)
පෙරමුණට ගැසුවොත් කතිර මේ වෙලාවේ ගස සුරැකෙයි මැදමුලන වලව්වේ අමතකය කාටත් හොරකම් කලාවේ මොහු ගෙනයයි පෙරමුණ සුසානයට මේ වෙලවේ. (ම)
සමහර අය මහින්ද ගැන කියන කතා අහන කොට හිතෙනවා කොහොමද මිනිස්සු මෙච්චර බොරු කියන්නේ කියලා.(ම)