කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගිවීම සඳහා නිල ආරාධනාවක් ලැබ එංගලන්තයට පැමිණි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරදී ඊළාම් හිතවාදී දෙමළ කණ්ඩායමක් හමුවූ බවට පසුගියදා සති අන්ත පුවත් පත් දෙකක පළවූ පුවත " සම්පුර්ණ අසත්‍යයක්" බව මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව ඔක්තෝබර් දෙවැනි දින ලන්ඩන් නුවර පාර්ක් ප්ලාසා ශර්ලොක් හෝම්ස් හෝටලයේදී ගත් ඡායාරූපයේ වික්‍රමසිංහ මහතා සමඟ කාරක සභික ඉන්දික කුමාර, ලේකම් දර්ශන ඩැනියෙල් , ජාතික යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික රොෂාන් සමන්ත , සහ සභාපති හර්ෂක කන්නන්ගර යන මහත්වරු සිටින බව ඔහු පවසයි.
මෙවැනි අසත්‍ය පුවතක් පළකර ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි වත්මන් සන්ධාන රජයට ලබාදීමට උත්සාහ කරන සියලුම මාධ්‍ය වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට දැනටමත් අප සංවිධානය කටයුතු කර ඇතිබවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර එක කාලෙක ඇමෙරිකාවට ඇවිල්ලා ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමා එක්ක ගත් ෆොටෝ එකකුත් ලංකාවේ පත්තර වල දාලා තිබුනා මතකයි. අනේ මන්දා! මෙතුමාට ගිය ගිය තැන් වල අසත්‍ය ප්‍රචාරමනේ ප්‍රචාරය වෙන්නේ. (නි)
කොටි තහනම ඉවත්වීම ගැන වැඩි විස්තර දැනගන්න කැමතියි අපි (නි)
මොන අඩුපාඩු තිබුනත් එතුමා අවංක කෙනෙක් (නි)
හැබැයි කොටින්ව පරදවන්න බැහැ කිවුවේත් මෙතුමාම නේද? (නි)
මම රනිල්ගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිගන්නේ නැහැ. හැබැයි මෙහෙම වැරදි වැඩත් පිළිගන්නේ නැහැ. (නි)
ගහනවා නම් තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලින් ගහලා තරඟ කරනවා මිසක් මේ වගේ වැඩ හරි නැහැ. (නි)
"ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වටින්නේද යත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමවලින් හෝ එය රැකගත යුතුය" කියලා කියමනක් මම අහලා තියෙනවා. කට්ටිය මේක කොයිතරම් තදින් හිතට අරන්ද කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න හදන්නේම බොහෝවිට ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රමවලින් පමණයිනේ! (නි)
මම කවදාවත් රනිල්ට ඡන්දෙ දුන්න කෙනෙක් නෙමෙයි. හැබැයි පුද්ගලයෙකු වශයෙන් ඒ මනුස්සයාගේ අගය කළයුතු දේවල් තිබෙනවා. මේ වගේ දේවල් නිසා මඩගැසූ කෙනාත් යම් මඩ ප්‍රමාණයක් නාගන්නවා. (නි)
රනිල් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිසිදු පුද්ගලයෙකි (නි)
මමත් කිසි දිනක යු ඇන් පි යට ඡන්දය දීල නැහැ. දෙන්නෙත් නැහැ. රටේ දැන් තිබෙන දූෂණ වංචා නිසා මේ අයට දෙන්නෙත් නැහැ (නදී)
මෙතන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. රනිල් ට තිබෙන්නේ උසස් යයි සමාජයේ සම්මත උගත් , පිළිගත් ප්‍රභූ පවුල් පසුබිමක්. සමහර අවස්ථා වලදී මෙන්න මේ පුද්ගලික දේවල් පවා සමහරුන්ට හීනමානය උත්සන්න වීමට හේතු වෙනවා. (නදී)
මට නම් මොහුගේ දේශපාලන රටාව දිරවන්නේ නැහැ. ඒ කොහොම වුනත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ නම් හරි සවුත්තුයි. (නදී)
දැන් එතකොට කරුණව හුරතල් කළ පින්තූර වලට මොකද වුනේ ? එයා ඉස්සර හතර පෝයට සිල් ගත්ත උපාසකයෙක් ද ? (නදී)
මඩ ගහලා මොනවා මැකුවත් රනිල්ගේ උසස් පවුල් පසුබිම නම් මකන්න බැහැ. මඩ ගහන කට්ටියට සල්ලි වීසි කරලා වත් එවැනි දෙයක් ගන්නත් බැහැ. (නදී)
මෙතන දේශපාලන විරුද්ධත්වය ඉක්මවා යන පුදගලික ඊර්ෂ්‍යාවක් තිබෙන බව පේනවා. අපි සරසවියේ ඉන්දෙද්දීත් ඔහොම තත්ත්ව තිබුනා. කොළඹ උසස් පාසලකට ගිහින් යමක් කමක් තිබෙන පවුල් පසුබිමකින් ආවා නම් කට පියාගෙන ඉන්න ඕනා. නැති නම් නවක වදයේදී හපයක් කරලා තමයි පස්ස බලන්නේ. (නදී)
සුරේන් සමඟ එකඟයි. මෙතන ඔහොම දෙයකුත් තිබෙනවා තමයි. (නි)
මේක නම් මෙතුමාට මඩගහන්න කළ වැඩක්ම කියලයි මට නම් හිතෙන්නේ (නි)
රනිල් අගමැති වෙලා වසර දෙකකට කොටින්ට ඔිනදේවල් සියල්ලම කන්ටේනර් පිටින් විවෘත කරන්නෙම නැතිව යැවුවෙ. ආයෙත් රට විනාශ කිරීමට උවමනා නම් අගමැති නෙවෙයි ඡනාධිපති කරමු. (ස)
මේකට තමයි පුද්ගලයෙකුගේ කොලිටිය කියන්නේ. මේවට සමහරු වගේ රෙදි අතේ අරන් ප්‍රසිද්දියේ කුණුහරුප කියාගන්නවාට වඩා හැකි විදියට නීතිමය උපදෙස් ගැනීම තමයි සුදුසු. (නදී)
කවුරුත් රනිල් මහත්තයාගේ හොඳ කියනවා. එතකොට කවුද නරක. එ්ත් ඡන්දවලදී පරදිනවා මට තිබෙන ප්‍රශ්නය එහෙම වෙන්නේ ඇයි. (නදී)
රනිල් මහතා මහා ගිජ්ජ කූට පර්වතය සෙල උනත් නොසෙල්වෙන නිසා කමක් නැහැ. හොද බෞද්දයෙක් ගේ හැටි එහෙමනේ. (නදී)
වීරසිංහ ලංකා ඊ නිව්ස් ෆේස් බූක් එකෙන් උත්තරලා දීලා තියනවා එික බලන්න. (නදී)
රනිල් කියන්නේ කවදාවත් හොරකම් නොකරපු මහත්මා දේශපාලනය කරන ගරු දේශපාලකයෙක්. අනික මේ රටේ ඉන්න බුද්දීමත්ම දේශපාලකයා ඔහු. මිනිස්සු ඒක නොදැන වැඩ කරන හැටි ගොඩක් ලොකු අවාසනාවක්. කව්රු මොනවා කිව්වත් රනිල්ට තමයි මේ රට ආර්ථික අතින් ගොඩ දන්නා පුළුවන්. (නදී)
ඉතින් පද්මිණි නෝනෝ, ඔච්චර දන්නා එක දාන්නකෝ නඩුවක්. (නදී)
රනිල් මැතිතුමාට පමණි ලෝකයේ වැදගත් ශිෂ්ට සම්පන්න නායකයන් සමග කටයුතු කරන්න පුළුවන්. (නදී)
බන්දුල පෙරේරා මහතානෙනි, රනිල්ට නෙමෙයි ජනාධිපතිතුමාට හෝ කිසිම පුද්ගලයෙකුට කෙලින්ම අපහාස කරනවා නම් එවැනි දේ මේ තීරුවේ ඵල නොවේ. මෙය මඩ පත්තරයක් නොවේ.
මඩ මුදලාලිලා පරිස්සම් උනොත් ඇඟට ගුණයි. නුඹලාගේ අවසානයේ ආරම්භය පටන් ගත්තා. (නදී)
එතකොට සේනාවේ හාමුදුරු කෙනෙක් සොල්හෙයිම් හමු උනේ නැද්ද? (නදී)
අපි කන්නේ බත් තණකොළ නෙවේ. එ්ක හින්දා අපේ ජනතාව ගොනාට අන්දන්න එන්න එපා කියල රජයේ මාධ්‍ය ඇතුළු සියලු මාද්‍ය වලට අපි මතක් කරන්නේ ඉතා වගකීමෙන්. (නදී)
මේ මඩ ගහන අයට හොදක් නම් වෙන්නේ නේ.(හේ)
මඩ කොතනද දේශපාලනය එතන.දේශපාලනය කොතනද මඩ එතන.(හේ)
කරුණාට, පිල්ලෙයාන්ට ත්‍රස්තවාදී පනත යටතේ නඩු පවරන්නේ නැත්තේ අැයි ? කැරුණා අපේ සිංහල කී දෙනෙක් මැරුවාද? රනිල් ගේ අඩුපාඩු තිබුනත් එතුමා හොඳ සිංහල බෞද්ධයෙක්. ඒ වගේම ඔහු අනිත් ජාතින්ටත් සලකනවා,සාදාරනයි. (නදී)
සමහරුන්ට දැන් අතීතය අමතකයි (නි)
මේක හරිම කැත වැඩක් (නි)
මෙවැනි අසත්‍ය පුවතක් පළකර ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි වත්මන් සන්ධාන රජයට ලබාදීමට උත්සාහ කරන සියලුම මාධ්‍ය වලට එරෙහිව නීතිමය පියවර ඉක්මනට ගන්න කියල අපි යු ඇන් පි එකෙන් ඉල්ලනවා. (නදී)
ඉන්දික අහලා නැද්ද හිත හොඳ අය හැමදා දුකේ කියලා? ඒකයි රනිල් මහත්තයාටත් වෙලා තියෙන්නේ! (නි)
කොටින්ව හමු වෙන්න ඇත්තේ රහසේ. පින්තූර ගනීවිද? (නදී)
දැනට ජීවත්වෙලා ඉන්න මහා කොටියා වන කේ. පි ට සත්කාරකරගෙන තියාගෙන ඉන්නේ කවුද..? රනිල්ද..?නිකම් මිනිස්සු මුලාකරන එක හොඳ නැහැ. ඕවා එලියට ආපු දවසට අපේ රට ගිනි ගනීවි. (නදී)
සියලුම දෙනාගේ ප්‍රකාස නිවැරදි !! ජයවේවා !! (නදී)
සියලුම දෙනාගේ ප්‍රකාශ නිවැරදියි. ජයවේවා ! (නදී)
ආණ්ඩුවෙන් කොටි හුරතල් කරද්දී ,එතුමා ඡායාරූප ගන්නවා කියල කලබල වෙන්න අපේ ජනතාවගේ බුද්ධියේ අඩුවක්ද? (නදී)
මේකනේ ප්‍රනාන්දු වැඩේ මෙයාලට දැන් කියන්න දෙයක් නැහැ ඉස්සර යුද්දේ වවාගෙන කැවා හැබැයි අර නළුවෙක් වගේ ඉන්න කට කාර ඇමතිට පවා අමතක වුනා කේ.පි. ලා කරුණ ලා දැන් ඉන්නේ ආණ්ඩුවේ කියලා එහෙම බලනකොට කවුද කොටියන්ව මේසෙ උඩ තියාගෙන ඉන්නේ ආණ්ඩුවද යු.එන්.පි එකද? අර කතාවක් තියෙනවනේ කකුළුවා නටන්නේ හැලියේ වතුර උතුරන කල් කියලා ආන්න ඒ ටික ම තමයි මේ අයට කියන්න වෙන්නේ. රනිල්ටත් ජේ ආර් ට වගේ රකින්න පරම්පරාවක් නැහැ සහෝදර රැලක් නැහැ. මම දන්නා හැටියට සත පහක් වත් හොරකම් කරලා නැහැ සුනාමි සල්ලි වංචා කරලා නැහැ. (නදී)
අපේ පරම්පරාවම ඡන්දෙ දෙන්නේ නිල් පාටට. එහෙම වුණත් අද සිදුවෙන දේ ගැන අවංකව අදහස් දීම මගේ වගකීමක්. ලංකා, ජයසිරි, ඔයාලට හොඳ විදියට තියාගෙන ඉන්න. මම ඉන්නේ නම් ලෝකයේ දියුණුම රටවල් 5 න් එකක. (නි)
මඩ ගහන කාටත් ආපසු මඩ පහරවල් වදිනවා , රනිල්ට පමණක් නොව ඔබාමටත් මෙවැනි මඩ පුවත් පින්තුර වදිනවා. ජනපතිටත් ඔයිට වඩා මඩ පුවත් සහ පින්තූර තියෙන්නේ (නදී)
අපිට කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපි කඩේ යන්නේ නැතුව ඉන්නේ කොහොමද? (නදී)
නියම ඡායාරූප ටික... (නි)
ඩීන් මහත්තය පරිස්සමින් ..ඇහුනොත් හොඳ කුරුදු පොලු පාරක් තමයි කන්න වෙන්නේ..මඩේ උපත ඉන්නෙත් ඔයාල ලග ..(ස)
කව්රු හෝ මේ වගේ වැඩ වලින් දේශපාලන වාසි ගන්න බලනවා නම් ඒ අය ගැන ජනතාව බලාගත යුතුයි (නදී)
කොටින්ට විරුද්ද වූ කරුණා ඇතුළු පරණ කොටින්ගේද උදව් ඇතිව කොටි උවදුර විනාශ කලේ වත්මන් රජයයි. අඩුපාඩු තිබෙන බව ඇත්ත. එ්ත් ඒවා එක පාරටම විසදන්න අමාරු බව හැමෝටම තේරෙන්න ඕනා. (නදී)
කේ පි, කරුණා, පිල්ලේයාන් නලවන ගමන් විරුද්ධ පක්ෂයට මඩ ගහනවා නේද ? (නදී)
යු.එන්.පී එකේ ලක්ෂ ගණනක් මිනිස්සු ඉන්නවා. ඒකේ නායකයෝ ටික ඝාතනය කරලා පක්ෂය විනාශ කිරීමට ගොඩක් අය හවූල්. තවත් අපේ පක්ෂයට මඩ ගහන්න ගත්තොත් , අපි ඉවසනේ නැහැ. මඩ මුදලාලිලා පරිස්සම් උනොත් ඇඟට ගුණයි. (නදී)
ප්‍රනාන්දු,රෝහණ,දසුනි,අමිල ඇතුළු ඉහත අදහස් දාලා තියන අය හරි. මට කියන්න තියෙන්නෙත් ඕවාම තමා. ආණ්ඩුව බයට කරන වැඩ ඕවා. (නදී)
මේ තීරුවේ අදහස් දැක්කම ස්ථිරව කියන්න පුළුවන් රනිල් මහත්තය ජනාධිපතිවෙනවා දෙවන වතාවටත්..මහජන ඡන්දෙන්නම් නෙමෙයි .කෙට් පණිවිඩ හෙවත් එස් එම් එස් වලින්..පිටරටවල් වල ඉදල ඡන්දෙ දාන්න එන්න බැරි වුණාට කට්ටියට එස් එම් එස් ගහන්න පුළුවන්නේ.අපි එස් එම් එස් ජනපති තෝරමු මෙදා පාරත්... (අ)
බන්දුල පෙරේරාට මෙන්න හිටගන සැලියුට් එකක් මගෙන් (නදී)
පද්මිණි නෝනෝ, දෙයියන්ගේ නාමෙන් ඔයා ඔහෙටම වෙලා ඉන්න. අපේ දුප්පත් රටේ මේ යන ක්‍රමේ අපිට හොදයි. ජනාධිපති තුමාගේ ඉදිරි අවුරුදු කාලේදී අපි ඔයාව පහු කරනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් වෙනස බලන්න. ඔබ තුමී ඇත්තටම අන්තිමට ආවේ කවද්ද? (නදී)
පුදුමවෙන්න දෙයක් නැහැ , කාටත් කන්න ඕන උනහම තලගොයා, කබරගොයා , මාරු වෙනවානේ නේද ?(හේ)
ජනාධිපති වීමට අපේක්ෂකගේ ප්‍රතිරුපය අනිවාර්යයි. වත්මන් ජනාධිපති ඒ ගැන විශේෂ අවධානයෙන් දීර්ග කලක් වැඩ කලා. ආණ්ඩුවේ හෙංචියල සහ තම පක්ෂය ඇතුළෙන්ම එක සිදු වුණා.නමුත් දැන් රනිල් ගේ වාරය යි.ඔහු අනිවාර්යයෙන් ජනාධිපතිවෙනවා. මේ වගේ මඩ ප්‍රචාර ඔහුව තවත් ඉදිරියට ගෙනියනවා. (අ)
කට්ටිය මඩ දැකලත් නැහැ. ..ගහලත් නැහැ..(හේ)
අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ වරදින් තමා කොටි තහනම ඉවත් වුණේ .එක දැන් රනිල් පිට දන්නා හදනවා, (අ)
දැන් අපේ ජාතික රුපවාහිනියේ නිවුස් එකක් වගේ. (අ)
ගින්නක් නැත්නම් දුමක් නගින්නේ නැහැ. (හේ)
සාධාරණයක් ඉටු වෙයි කියා සිතනවා.(හේ)
මඩ ගහනවට විතරක් නෙවේ. මගේ අදහසේ හැටියට විධායකය වෙනස් කරනවා කියා පොරොන්දු දී බලයට විත් ව්‍යවස්ථාවත් වෙනස් කර නැවත බලය ලබා ගැනීමට සැරසීම නඩු දැමිය හැකි වරදක්. (හේ)
මඩ කොතනද දේශපාලනය එතන. දේශපාලනය කොතනද මඩ එතන. ඕක තමයි අපි දන්නා සරල මඩ පිළිබද යථාර්තය. ඔය ජනාධිපතිතුමාටත් මඩ ගහන්නේ. තමන් පිරිසිදු නම් මඩ ගහල තමන්ව අපිරිසිදු කරන්න බැහැ. ඒ මඩ නෙලුම් කොලයට වැටුණු දිය බිදු වගේ ලිස්සල යනවා වගේම ඒ මඩ ගහන අයටම කැරකිලා එනවා. ඔය මඩ බල බල කව්රුත් ගිහින් කතිරේ ගහන්නේ නැහැ. ඒක තේරුම් ගන්න (නදී)
හැමෝගෙම පිළිතුරු බැලුවා. 90% කට තේරෙන වපසරය ගැන දුකයි. පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න රටේ නායකයෙක් විය යුත්තේ මොනවගේ කෙනෙක්ද කියලා. එය දියුණු කරගන්න කියවන්න (නදී)
පුදුමයි ඒත් ඇත්තයි... (නි)
පද්මිණි පුදුම දේවල්නේ දන්නේ! (නි)
ඇත්තටම ඡායාරූප වලට නොවෙයි, ඔහුගේ ප්‍රතිපත්ති වලටයි අපි අකමැති (නි)
කවුරු මොනවා කීවත් රනිල් අවංක පුද්ගලයෙක් .හොරෙක් නම් නෙවෙයි කියල මට කියන්න පුළුවන්. (නදී)
අපි මොනවා මෙතන කිව්වත් ගම්වල ඉන්න සමහර මිනිස්සු ඕවා පිළිගන්නවා. විපක්ෂය මේ සැරේවත් දක්ෂ වෙන්න ඕනෑ මේ බොරු බේගල් බිඳ දමා නියම ඇත්ත ගම්වල ජනතාවට සන්නිවේදනය කරන්න. (නි)
ඔය හිතට එකඟවද කතා කරන්නේ? ඉතින් මාධ්‍ය ප්‍රකාශයක් කරන්නකෝ, වහෙන් ඔරෝ කියන්නේ නැතුව (නි)
පද්මිණි, දාන්නකෝ නඩු මොකද වෙන්නේ කියලා බලන්න. ලංකාවේ ව්‍යවස්ථාව අනුව දවසක් හෝ ජනාධිපතිධුරය දැරූ කෙනෙකුට ඔහු ජනාධිපතිධූරයේ සිටියදී හෝ ඉවත්වූ පසු හෝ නඩුදාන්න බැහැ. (නි)
රනිල් කියන්නේ මොනවගේ නායකයෙක්ද කියලා දන්නා නිසාමද මන්දා මඩගහන්න හදන්නේ. රට හදන්න රනිල් හැර වෙන විකල්පයක් නැහැ අපිට (නි)
එයා හැමෝම හමුවෙන්න ඇති. ඡායාරූප එහෙමත් ගන්න ඇති. දන්නෝ දනිති ඒවා. ඒත් ඉතින් වෙන වෙන සමහරුත් කොටි තුරුළු කරන්නේ ඉන්නේ.... (නි)
මේ වගේ වැඩ කරන අය ගැන ඇත්තටම එන්නේ පුදුම තරහක් (නි)
මට හරියට කේන්ති යන දෙයක් තමා මිනිස්සු අනිත් අයට මඩගහන එක. ඕව කරන්නේ හීනමානයෙන් පෙලන අය. (ර)
ගමගේ මහත්තයා නම් මොන ජාතියේ කෙනෙක්ද මන්දා? (නි)
මෙතුමාට විරුද්ධව කවුරුන් කුමනාකාරයේ දෙයක් කිවුවද, මම ඊට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමි (නි)
ඇයි මෙතුමාට මෙච්චර මඩගහන්නේ? (නි)
පින්තූර වැඩක් නැහැ. රනිල් ගේ ප්‍රතිපත්ති බටහිරට හිතවත් (නදී)
ගමගේ මහත්තයා, ඔලුව අතගාලා බලමුකෝ මොකකහරි උල් දෙයක් අහුවෙනවද කියලා? මට හිතෙන්නේ ඒ දේ මේ වෙනකොට ඔබතුමාගේ ඔලුවේ තියෙන්නම ඕනෑ. (නි)