රනිල් වික්‍රමසිංහ අගමැති බිරිය මෛත්‍රී හා ඇමැති ස්වාමිනාදන් සමග කේරළයේ ශ්‍රී ක්‍රිෂ්ණ ගුරු වායුර් කෝවිලට ගොස් විශේෂ පූජාවකට සහභාගීවියැයි ඉන්දියාවේ හින්දු පුවත්පත කියයි. වික්‍රමසිංහ මහතා එහිදී තුලා බර පූජාවක් කළේය. ඔහුගේ බරට සමාන සුදු හඳුන් කිලෝ 77ක් දේවාලයට බෙදීය.
එම සඳුන්වල මිල ඉන්දියා රුපියල් ලක්ෂ 8.45 කි. වික්‍රමසිංහ මහතා දෙවියනට පළතුරුද පිදීය. වික්‍රමසිංහ මහතා වෙස්ති හා මුණ්ඩු සම්ප්‍රදායික ඇඳුමින් සැරසී දේවාලයට ගමන් කළේය. වෙස්ති යනු දෙවුර වසන සළුවකි. මුණ්ඩු යනු ඉඟවටා අඳින රෙද්දකි.
වික්‍රමසිංහ මහතාගේ වන්දනාගමන වෙනුවෙන් ඉන්දියා පොලිසියේ දහසක් පමණ එහි විශේෂ රාජකාරියේ යොදවනු ලැබ සිටියහ.
තමා ඉන්දියාවේ හිතවතකුවත් චීනයේ හිතවතකුවත් නොවන බව එහිදී වාර්තාකරුවනට පැවසූ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා රැකබලා ගැනීමට කැපවීම තම වෑයම බව කීවේය.
ඡායාරූපය - හින්දු පුවත්පත අනුග්‍රහයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු පල ලබන්න බාරයක් වෙන්න .(ස)
එක එක්කෙනාගේ ඇදහිලි විශ්වාස වෙනස් (නි)
සුදු හදුන් ගෙනිච්චේ කොහොමද තහනම් දෙයක් නේද. ඡන්දෙ දිනුව නම් මොනවා පුජා කරයිද. දිනන්නේ නැතුව පිනට අගමැතිවෙලා මෙහෙම පුජා කළා නම්. ඉන්දියාවේ දෙවියෝ නෙමෙයි ලංකාවේ මහජනතාව ඔයතැනට ගෙනාවේ. දෙන දෙයක් මෙහෙ ජනතාවට දෙනවා මිසක් ඉන්දියාවේ ඉන්න නොපෙනෙන දෙවිවරුන්ට දීල වැඩක් නැහැ. (බ)
කෝ "ගෙදර මෛත්‍රී" එතුමියත් ගිහින් හිටියනේ.. පුජාව කලේ දරුසම්පත් ඉල්ලලා වෙන්ට ඇති, මේ යක්කු කියන කතාවලට දෙයන්න පරක්කුවෙලාහරි කන්නලව් කරන්න එපැයි... (ස)
අර මක්කටෙයි මෙයා සුදු හඳුන් පුදන්නේ. මෙයා ඡන්දෙකින් දිනන්නේ නැහැනේ .කොටාගත්ත මිසක් (බ)
ඇසල ඔයාලගේ හිටපු ජනාදිපතිත් ඉන්දියාවට ගිහින් ලොකු පුජාවක් කළා මතක නැද්ද? අනික සුදු හදුන් ඉන්දියාවේත් තියෙනවා. (බ)
අශාන් පූජා නම් අපිටත් මතකයි. එ්ත් ලක්ෂ ගණනින් හදුන්නම් පූජා කළේ නැහැ. ඔයා දැක්කද රනිල් වගා කරලද මේ හදුන් පූජා කළේ. එහෙ තිබුනත් සල්ලි වලට නෙමෙයිද අරගෙන තියන්නේ? ඔයාල වගේ ටිකිරි මොළ (බ)
සුඳු හඳුන් ඉන්දියාවේ ඇති පදම් තියෙනවා.ඕනම කෙනෙකුට පුද්ගලිකව පූජා පැවැත්වූවා කියලා වැරැද්දක් නෑ.ඒක එයගේ කැමැත්ත. එකම දේ කෙනෙක් රටේ පාලනය එක එක ඇදුරන්ට ඕන විදිහට කරනවා නම් විතරයි. (බ)
අනේ මේවගේ ගල් යුගේ අය අපේ රටේ අගමැති කළානේ. (බ)
අපේ මිනිස්සුන්ටත් සමහර පවුල් ගහපු ගැහිලි මතක නෑ වගේ. (බ)
අනේ මේවගේ අය, කතාකරන්න බැරි, දේවාල පිළිම වලට පුළුවන්ද ආශීර්වාද කරන්න? (බ)
තමන්ග්ගේ බරට නෙවෙයි අැත් බරට සුදු හඳුන් දුන්නත් කරපු පව් මකන්න බැහැ (බ)
කාගේ කාගේත් ගෝත්‍රික පිළිගැනීම් තියනව අඩු වැඩි විදියට, ඕක මහින්ද කළා නම් ප්‍රශ්නයක් නෑ,එත් රනිල් ඕක කළාම නිකන් අපට පෙන්නේ භුමි තෙලුයි සුකිරියි වගේ නොගැලපීමක්, මට තේරෙන්නේ නැත්තේ බුදු දහම වගේ තාර්කික දර්ශනයක් අදහන පිළිගන්න අනුගමනය කරන මේ මිනිස්සු අන්ධයෝ වගේ මේ අත පත ගාගා කොහෙද යන්නේ කියන එක (බ)
ලංකාවේ ඔක්කම ලොකු දේශපාලන කාරයන්ට බුද්ධාගමේ තිසරණය හරියට පිහිටලා නැතිව වගේ. (බ)
ජාත්‍යන්තරව පිළිගත් එකම මනුස්සය...අකමැත්තෙන් හරි පිළිගන්න. (බ)
ඕව කරලනම් දිනයි මිත්‍යදෘෂ්ටික අගමැති තුමෝ (බ)
අනේ සාදු ..කාටහරි හරියන්නයි ඕනේ .සුදු හදුන් නෙමෙයි රත්තරන් පුජා කරලා හරි දෙවියන්ගෙන් ඉල්ලන්න (බ)
මට නම් සුදු හඳුන් පුජා කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි රබර් දර නම් හොන්ඩර දෙක තුනක් උනත් දෙන්න පුළුවන්. ඔබ ආදී රාජකීයෙකු වීම ගැන කනගාටුයි. (බ)
ගිය දේ ගියාවේ. පුදලා තියෙන්නේ ලංකා සල්ලි වලින් ලක්ෂ 18 ක විතර හඳුන් දර ගොඩක්. මෙහෙන් ගෙනිච්චත් එකයි, එහෙන් ගත්තත් එකයි. මිත්‍යා දෘෂ්ටික වැඩ. දරටික ගත්තට පස්සේ දෙයියෝ මොනවද දන්නේ නැහැ දෙනවයි කියල පොරොන්දු උනේ. (නදී)
කලින් හිටිය අයත් මේවා කළා. මෙම දේශපාලකයෝ ධර්මයට කැමති නැත (නදී)
දැනට ලංකාවේ ඉන්න ලෝකයම පිළිගන්න උගත් බුද්ධිමත් හොරකන් නොකරපු අත්දෙක පිරිසිඳු එකම නායකයා වසර ගණනාවක් තිස්සේ තමන්ට ඒ වගේම පක්ෂයට පැමිණි සියලුම දුක් කම්කටෝලු වලට නොසැලි මුහුණ දීල ඉවසීමේ ගුණය බුද්ධිය නිසා අද රටට රටේ පිනට මේ නායකයාව අපිට ඉතුරු වුනා. මිත්‍යා දෘෂ්ටිකයා තමයි අර නිකන් දුන්න කිවුව ගෙදර පිහිනුම් තටාකෙටත් වැලි පිරෙවුවේ. නිකරුනේ අපහාස කරනු එපා මේ වගේ රටේ පිනට පහළ වුන නායකයෙක්ට..... මෙතුමා එක්ක රට ඉදිරියට ගෙනියන්න හිතට ගන්න හැමෝම (බ)
කිලෝ 77 ක් බරද? (බ)
ලොව අති පුජනිය වස්තුන් ශ්‍රී ලංකාවේ තිබියදී මෙහි දේශපාලකයන් ඉන්දියාවේ පුද බිම් කරා, යන්නේ ශ්‍රී ලංකාවේ අති පුජනිය වස්තුන් ගැන ඔවුන්ගේ විශ්වාසයක් නැතිකම නිසාද? අනේ මෙහෙම තණ්හාවක්? (බ)
බුදු දහමේ හරි හැටි සිත පිහිටා ගත් අයෙකුට බුදු පිහිට, රැක වරණ ඉබේටම ලැබෙනවා. මෙවැනි දේ අනවශ්‍යයි. (බ)
ලජ්ජා නැති වැඩ. පරණ පූජා වලට හිනා උන අයත් ඒවම කරන එකනේ හිනා යන වැඩේ. (බ)
මෙයා අහිංසක තරුණයන්ට ටයර් දාපු කෙනානේ.ජාත්‍යන්තරයට ඕන විදියට රට පාවා දෙන කෙනානේ. (බ)
ඇත්තටම ලෝකේ මේ තරම් දියුණු වෙලා තියෙද්දිත් උගත් බුද්ධිමත් මිනිසුන් මේ වගේ මිත්‍යා මත පසු පස දුවන එකනම් එ් තරම් හරි නැහැ , මතකනේ අර රාජකීය කවුද කියන කෙනා නවග්‍රහ මණ්ඩලේ විස්තර කරපු හැටි (බ)
කුමාර් අපි අපටම ගහගන්න ඕන.මේ වගේ ගල් පිළිම පාලකයෝ කරන්නේ අපිනේ. නිමල් ලාලිත මෙයාල හිතාගන ඉන්නේ මෙයාලට ඡන්දේ දෙන අපි වගේ පල් බූරුවෝ වදින තැන්වල පූජනීයත්වයක් නැතෙයි කියල. (බ)
මේ අය ඔක්කොම එකතුවෙලා හිටපු ජනපතිව විවේචනය කළා මිත්‍යාව පසුපස ලුහුබදිනවා කියල. දැන් බලනකොට මෙතුමන්ලා ඊටත් වඩා මිත්‍යදෘශ්ටිකයො කියල හිතෙනවා. (බ)
අගමැතිට අධිපති ශ්‍රී ක්‍රිෂ්ණ ගුරු වායුර්. ජනාධිපතිට අධිපති තිරුපති. ඒකයි අගමැතිල ශ්‍රී ක්‍රිෂ්ණ ගුරු වායුර් කෝවිලට යන්නෙත්, ජනාධිපතිලා තිරුපති කෝවිලට යන්නෙත්. (බ)
ලියන්නා කෙසේ වෙතත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි. මහින්දවගේ මහජන සල්ලි අරන් තනි ප්ලේන් එකේ තව මීහරක් දාගෙන ගියේ නැහැ පෞද්ගලික කරුණක් ඉෂ්ට කරගන්න යන්න ඇති (බ)
අපි හිතුවේ ගමේ අය විතරයි මේවා කරන්නේ කියල බලාගෙන ගියාම කොළඹ අයත් මේවා කරනවා .....(බ)
ශ්රී ලංකා රජය ලොකු ණයක් ආපසු ගෙවනවා (බ)