(සුජිත් හේවාජුලිගේ සහ කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මැතිවරණ සිතියම හකුලා දැමීමේ උත්සාහයේ ඉඟියක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය තැතිගන්වන සුළු බියකරු එකක් බව පැවසූ මන්ත්‍රීවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් හදිසියේ මෙලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම එම මැතිවරණය කල් දමා ගැනීමේ කූට උපක්‍රමයක් විය හැකි බවද ප්‍රකාශ කළේය.
අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය හා දිවා සුරකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදීය.
මේ සම්බන්ධයෙන් රජය තමා සමග කිසිම සාකච්ඡාවක් පවත්වා නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තමාට පැවසූ බව සඳහන් කළ අලහප්පෙරුම මහතා ඔහු මෙය දැනගෙන ඇත්තේද පුවත්පත්වලින් බව සඳහන් කළේය.
මෙහි ඇති බරපතළ තත්වය එය යැයිද ඔහු පැවසුවේය.
මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කෙරෙමින් පවතින අවස්ථාවක මෙවැනි අදහස් පළ කරන්නේ අවංක වුවමනාවකින් නොවන බව පෙන්වා දෙන ඩලස් අලහප්පෙරුම මහතා රජයේ දුෂ්ට අරමුණ පරාජය කිරීම සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවද සඳහන් කළේය.
මෙම උත්සවයේදී ඕමාරේ කස්සප ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායකහිමියෝ කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ සහ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ පාට වලට බෙදිලා හොරකමේ ගියේ ඔයගොල්ලෝ. මිනිස්සු එකතු වෙලා ඉවරයි