IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’

(ගයාන් සූරිය ආරච්චි)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබාදීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කෙරේ .

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදා සිටි ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් තවදුරටත් ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර ස්ථිර වශයෙන් නිලධාරීන් සංඛ්‍යාවක් නිර්දේශ කරනු ලබන්නේ ආරක්ෂක ලේකම්වරයා යටතේ පිහිටුවනු ලබන කමිටුව මගින් බවද තල්දුව මහතා පැවසීය.

තාක්ෂණිකව නිකුත් වූ පණිවිඩයක් හේතුවෙන් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කළ බවට මාධ්‍ය වාර්තා කළද තවදුරටත් ආරක්ෂක නිලධාරීන් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා  හිටපු ජනපති ආරක්ෂක අටවෙනි කොට්ඨාසය ලෙස  ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන කමිටුවක් මගින්  ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් තල්දුව මහතා  පැවසීය.



අදහස් (1)

’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’

Priyantha Dissanayake Monday, 07 October 2024 04:33 PM

එතුමාගේ ආරක්ෂාව පිළිබඳව කිසිම කෙනෙක් බියවිය යුතු නැහැ. එතුමා එජාපය සහ පාක්ෂිකයාට සතුරුවුනාට අනාරක්ෂිත කළාට සෙසු සෑම සියලු දෙනාම ඉතාමත් හොඳින් ආරක්ෂා කළා. එහෙම කළා කියලා පාක්ෂිකයින් හෝ සජිත් මහත්තයා හෝ එතුමාගේ ආරක්ෂාවට බලපෑමක් කරන්නේ නැහැ. නමුත් ඇතැම් තැන්වලින් ඇසෙන ආකාරයේ වැරැදි කර, ඒවාට අනුබලදී හෝ සම්බන්ධ වී ඇතිනම් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න වෙනවා. එදාට නම් තේරේවි සජිත් මහත්තයාට ජනාධිපති වෙන්න නොදුන්, පක්ෂයට, පාක්ෂිකයාට කළ ද්‍රෝහිකමේ අනිටු විපාකයයි මේ විඳින්නේ කියා. රුවන් මහත්තයාට පක්ෂනායකකම දීලා පැත්තකට වෙලා ඉන්න. හයෙන් පහක බලයක් ගත්තත් මාමා දුන් ආදර්ශයවත් සිහියට ගන්න.

:       13       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 32 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site