‘අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලයට පත් කළේ ඔහුට එහෙයි කියන අය විතරයි. අපි හිතුවා කෙලින් කතා කරන පාඨලී චම්පික රණවක ඇමැතිවරයා හෝ මේ ආණ්ඩුවේ සිදු වුණු දූෂණ වංචාවලට එරෙහිව කතා කරයි කියා. නමුත් එයත් එක වචනයක් කතා කළේ නෑ.‘ යි සන්ධානයේ හිටපු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
මහ බැංකු බැඳුම්කර සහ කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය නැවත අඩු වියදමකින් ආරම්භ කිරීම යන සිද්ධින් වලදී යහපාලන ආණ්ඩුව දූෂණ හා වංචා සිදු කර ඇතැයි ද ඔහු කීවේය.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ඊට සහභාගී විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අප්පේ ඔච්චර ඊර්ෂ්‍යාවක්? (නි)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
අනේ මේ මහත්තයලගේ උගත් කම් මොනවටද අප්පා? (නදී)
අනේ රුවන්,ඔයාලා කැමති අයට හොඳයි අනිත් අයට නරකයි නේද? (නි)
නැවත අඩු මුදලකින් ආරම්භ කිරීමේදී වංචාවක් වෙලා නම් කලින් කොච්චර ලොකු වංචාවක් වෙලා ඇද්ද? (නි)
ඇයි ඒ කෙළින් කතාකරන්න බැරි? (නි)
අනේ මොකටද ඉතින් මේ ගැන තවත් කතා? (නි)
නියම කතාව! (නි)
අඩු මුදලකින් ආරම්භ කරන එක වංචාවක් වෙන්නේ කොහොමද ? (අ)
මේගොල්ලෝ කියන කියන කතා අහලා අපිට දැන් නින්ද යන්නෙත් නැහැ.ඒකෙත් හැටි බලන්නකෝ (නි)
රනිල් කියන්නේ හොරු බොරු නැති කෙළින් පුද්ගලයෙක්. (නි)
අනේ අපි නොදන්නා කට්ටිය! (නි)
පවු නේද? (නි)
මෙයාලා ගැන හොඳට හොයලා බලලා තමන්ගේ කතිරය ගහන්න (නි)
හක්ගෙඩිය ගිලලා දියමන්තිය වමාරපු අය නම් මට තිත්තවෙලා ඉන්නේ (නි)
මොනවද මේ කතා? අපි නොදන්නවායැ? (නි)
ඒක පුදුම වැඩක්නේ. මොකද එහෙම කතාකරන්න බැරි? (නි)
චම්පික මහත්තයා සැබෑ උගතෙක් එක්ක එකතුවුණා.එයා දන්නවා රනිල් හොරෙක් නොවන විත්තිය.ඔබ? ඇත්තටම දුකයි (නි)
ඔව් ඔව් පනින පිලට හෝයියා. එදා රනිල්ට බැන්න චම්පිකට අද රනිල් හොඳයි. (නි)
මොනවා වුණත් අපි නම් අපේ කතිරය ගහන්නේ අපේ පක්ෂවල අවුරුදු ගණනක් තිස්සේ හිටපු අයට විතරයි. එහාට මෙහාට පැන පැන යන අය ගැන විශ්වාසය තියන්නේ කොහොමද? (නි)
අපි ඔය කොයි කවුරු ගැනත් දන්නවා (නි)
ජනාධිපතිවරණයට වගේම මහා ඡන්දයටත් බොහොම උනන්දුවෙන් අදහස් දාන කට්ටියකුත් ඉන්නවා වගේ... (නි)
ඔබතුමා තමන්ට පුරුදු රස්සාව කරගෙන හිටියා නම් කොච්චර හොඳද?රටට සේවයක් කරන්න. දේශපාලනය කරන්න එපා (නි)
ඔබතුමාලා වගේ උගත් අය ඔයවිදියට පැති මාරුකර කර දිව දෙකෙන් කතා කරද්දී අපි වගේ අය මොනවද කළයුත්තේ කියලා කාගෙන්ද අහන්නේ? අම්මපා.....! රටක ගිය කල (නි)
මෙයාලා රටට කළ දෙයක් තිබේද? (නි)
මේ කියන දේවල් දැක්කහම මිනිසුන්ට හිනායනවා. රනිල් කියන්නේ හොර බොරු නැති උගත් නායකයෙක්. (නි)
ජනතාව නිසි පිළිතුරු දේවි (නදී)
අද මහින්ද යු.අන්.පී එකට ගියොත් එයත් නියම සුබවාදියෙක් බවට ඉතා ඉහලින් පිළිගන්න හැටි බලන්න පුළුවන්. ඒ පැත්තේ ඉන්න කොට හොරා මේ පැත්තට ආවිට සුදනා වෙන හැටි. ලංකා දේශපාලනයේ විහිලු තහළු මේවා.(නදී)
තමුනාන්සේ ගැන අපිට දුකයි. හොරු තක්කඩි ආරක්ෂා නොකර ගෙදර ගියොත් නම්බුව රැකගත හැකියි. තාජුදීන් මරණය ගැනත් රතුපස්වල ගැනත් යමක් කියන්ඩ. ඔබ තුමා සටන් කරන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ගන්ඩ නේද? (නදී)
මගේ රටට දළදා හිමි සරණයි. අලුත් ඇමරිකානු තානදිපති කිව්වා ලංකාවට සාමය ගෙනෙන්න බොහෝ දේවල් කරන්න ඕනේ කියලා. අපේ රටට අනිත් රටවල් වලට යටවෙන්න වෙනවා ඉදිරියේදී. (නදී)
ඒ මොකද රනිල් ළඟට යන්න එයාලා බයද? (නි)
අනිත් එක්කෙනා මොනවද කිව්වේ ? (නදී)
පාටලීගේ මෙගා ඩීල් කතා දැන් නැහැ වගේ. අපිට හොදට මතක තියෙනවා ඒවා. (නදී)
වාසියට ඔක්කොම එකයි අපිට කව්රුවත් ගැන පැහැදීමක් නැහැ (නදී)