විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අනුරාධපුර සාරානන්ද විහාරස්ථානයට ගොස් විහාරාධිපති ගිරාඹේ ආනන්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියන් බැහැ දුටුවේය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළ විපක්ෂ නායකට ඒ හිමියන් පැවසුවේ පක්ෂයේ බේද ඇති කර නොගෙන ජනතාව ඒකරාශී කරීමේ වැඩ පිළිවෙළකට යොමු වන ලෙසයි.
මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ද අනුනාහිමියෝ විපක්ෂනායකට පැවසූහ.
පක්ෂ සංවිධාන කටයුතු කරගෙන යාම ප්‍රාදේශීය නායකයන්ට පැවරෙන බවත් රට දියුණු කිරීම සඳහා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා වැදගත් බවත් එහිලා මහා සංඝරත්නයේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන ලෙසත් වික්‍රමසිංහ මහතා අනුනාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, පී හැරිසන් මහත්වරු ද වික්‍රමසිංහ මහතා සමග පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් අන්තර්ජාතික ප්‍රජාව රනිල් ප්‍රමුක එජා පය පිලිගන්නවා කියන එක බොරු මිත්‍යා මතයක් පමණි , එහෙම නම් 80 දශකයේ අපි කොටිත් එක්ක යුධ කරනකොට අපිට උදවු කරන්න තිබුනනේ ? රනිල් 2001 අගමැති උන වෙලාවේ අපිට උදවු කරන්න තිබුනනේ ? අන්තර්ජාතික ප්‍රජාව හැසිරෙන්නේ එම අවස්ථවේදී ඔවුන්ට වාසි දායක ආකාරයට , මෙම න්‍යාය ඇමෙරිකන් , රුසියන් සහ චීනය කාටත් පොදුයි. අජිත් අන්තර්ජාතික සබඳතා ගොඩ නගා ගන්න ඉස්සෙලා යු.එන්.පී එක පක්ෂයේ ඇතුලේ තිබෙන ප්‍රශ්න ටික විසදගෙන , බලයට එන්න ඕනේ ඒක කරන්න රනිල්ගේ දුර්වල නායකත්වයට බැහැ.(නදී)
කටේ කිරි සුවද යන්නට පවා බැරි උනා, සටනට උපන් නායකයකි අපට හිමි උනේ.(නදී)
රනිල් මහත්තයා ගැන හැමෝම විවේචනය කරන්නේ,පක්ෂය ඇතුලත නොදැනගෙනය.මා මෙයින් අදහස් කරන්නේ,රනිල් හොදයි අනික් අය නරකයි කියන එක නොවේ.කරුණාකර කව්රු හරි ඉදිරියට විත් සැලැස්මක් පෙන්වන්න.මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ,බින්නබැහිම හා පලවාහැරිම ගැනයි.ඡන්ද දිනන්නේ,මහලු අයවත්, තරුණ අයවත් නොවේ.රට ඉදිරියට ගෙන යන සැලැස්මක් උඩය. (නි)
කවුද දන්නේ දයාසිරිව අනුගමනය කරාවිද කියලා? (නි)
රනිල් මහතාණනි, පුළුවන් නම් කොළඹ දිනලා පෙන්නන්නකෝ. (නි)
මේවා සතුටු වෙන දේවල් නොවේ. වර්තමානයේ හ අන්ගතේදී භයානක ප්‍රතිපල ගෙනදෙන පැතිකඩ ගොඩක් තියෙනවා. (නි)
ගාමිණීගේ අදහස සම්පුර්ණ ඇත්ත , අද පත්තරේක මම දැක්කා පක්ෂේ මහ ලේකම් කියලා තිබුනා වීරකම් කියා කියා ඉන්නේ නැතුව ඉදිරියට ඇවිත් වැඩ පෙන්වන්න කියලා. පක්ෂෙන් අනුමැතිය දෙන්නේ නැතුව කොහොමද ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ ? (ස)
රනිල් මහත්තයත් පක්ෂයත් රැකගෙන ඉක්මනින් ජනතාව අතරට යන වැඩ පිළිවෙලක් හදන්න. (නි)
නායක හාමුදුරුවෝ කියපු කථාව දැන්වත් අහන්න එහෙනම් (නි)
අපේ සංඝරත්නය කියන දේවල් වලට සමහරු කන්දෙන්නෙ නැහැ (නි)
දයාසිරි වගේ කෙනෙක් නැතිකර ගත්ත ඔබ ගැන කුමක් කතා කරන්නද? (නි)
ඔබතුමා ඉවත් වෙන්න ඕනෑ දැන් වෙන කෙනෙකුට දීලා. (නි)
දැන්වත් ඔය තනි මතයට වැඩ කරන එක නවතා ජනතාවගේ සහ මහා සඟරුවනගේ අදහස් වලට කන්දී වැඩ කරන්න. ආණ්ඩුව වෙනස් කරන්න නම් ජන බලයක් ගොඩ නගන්න නම් ගම්වල ජනයා ළඟට යන්න නම් සියලු පක්ෂ එකතු කරගන්න නම් නායකත්ව වෙනසක් අනිවාර්ය බව දැන්වත් පිළිගන්න. (නි)
දැන්වත් සජිත් ප්‍රේමදාස මහතා සමග මේ ගමන යන්න පටන් ගන්නවද. අනිත් තරුණයන්ටත් බය නැතුව තැනක් දෙන්න. තමන්ගේ ඉඩමක් කඩමක් විකුණලා හරි මිනිස්සුන්ට දැනෙන වැඩපිළිවෙලක් හදන්න. (නි)
ගොඩ එනවා නම් තවමත් කල් තියෙනවා. එකපාරටම ඉහළම තනතුරට එන්න වලිකන අයට වඩා, සුදුසුකම් ඇතුව පක්ෂය ගැන හිතන අයට තැනක් දීලා ගත්තොත් ඔබතුමා ගොඩ. අනික සමහර ගෝලබාලයෝ කටවල් අරින තරමට ඡන්ද අහිමිවෙනවා කියන එක ගැනත් සැළකිලිමත් වෙන්න. ඔබතුමාත් බය නැතුව දක්ෂයින් වටේට තියාගන්න. ගොඩ එනවා ෂුවර්. (නි)
ඔබතුමා නිකම් ඕවා අහලා විතරක් මදි. සද්බාවයෙන් ඒවා පිළිපදින්න. ඉස්සර සිදුහත් කුමාරයාගේ පුතුන් වූ රාහුල හාමුදුරුවෝ හැමදාම වැලි අහුරක් උඩට දමා මෙම තරමට අවවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කලාලු. ඒවා අහලා ඒ අනුව පැවිදි ජීවිත ගත කරලා ජීවිතේ දිනුවලු. ඒ වගේ තමනුත් එම අන්දමට පුළුල් අන්දමට හිතලා රට ගැන ජාතිකත්වය ගැන හිතලා ආත්මාර්ථකාමීව හැම දෙයම නොසිතා පක්ෂය ගෙනියන්න. (නි)
සැමදාම ගොඩ එනවා. ඡන්දෙට කලින් 20 සැරේම ගොඩ. ප්‍රතිපල ආවම අපි යට, එයා ගොඩ. දිනුවත් මම නායක පැරදුනත් මම නායක... (නි)
රාහුල, හම්බන්තොටවත් දිනා ගන්න බැරි අය අල්ලාගෙන ගමන යන්න ගියා නම් ඉතින අර 'බීරගේ කරේ කනා' ගිය කතාව තමයි ඉතිහාසගත වෙන්නේ. (නි)
අපිට පුද්ගල චරිත වැඩක් නැත. අපි අවුරුදු දහඅටක් කිසිම වරප්‍රසාදයක් නැතුව පක්ෂය වෙනුවෙන් ප්‍රතිපත්ති ආරක්ෂා කරන බව කව්රු කව්රුත් මතක තියාගත්තොත් හොදයි. (නි)
අපේ රටේ හුඟක් දෙනාට බණ භාවනා මතක්වෙන්නේ විශ්‍රාම යන්න කිට්ටු වුණහමම තමයි. ඔයගමන්ම රටට ජාතියට පක්ෂයට තමන්ගෙන් වුණු සේවය ලියලා පොතක් පලකළා නම් හොඳයි නේද? හැබැයි ඇත්ත ලියන්න ඕනෑ (නි)
මම එකපාරම කියවද්දී, " රනිල් සන්ධානෙට ගියා" වගේ දැනුනා. (නි)
පක්ෂයේ කිසිම වෙනසක් අවශ්‍ය නෑ, අන්තර් ජාතික ප්‍රජාව පිළි ගන්නා එකම නායකයා රනිල් විතරයි.දැන් කල යුත්තේ නායකතුමාගේ දෑත් ශක්තිමත් කිරීම මිස කකුලෙන් ඇදීම නොවේ. (ස)
ඔබතුමාගේ ඉරණම ලබන පළාත් සබා ඡන්දෙන් තේරෙනවා. කරුණාකර එක්කෝ සජිත්ව උප නායකයා කරන්න බලතල ඇතුව. ඔබතුමාට හැකිනම් කෙලින්ම බැදෙන්නකෝ, දයාසිරි මහත්තයා වගේ (නි)
රනිල් නායකකමේ ඉඳගෙන, සජිත්ව කොළඹට ගෙන්නා, රුවන්ව මහා ඇමති කරමු. (නි)
" රනිල් සන්ධානෙට ගියා" මේක තමයි වෙන්න ඕනෑ අපිට නම්. (නි)
සැබෑ බෞද්ධයෙකුටම යු.එන්.පී කාරයෙක් වෙන්න බෑ.(නදී)
හේරත් - එහෙම දෙයක් වුනා නම් නියත වශයෙන්ම ඔහුටත් අති විශිෂ්ට ජයක් ලැබෙනවා. දයාසිරි ජයසේකර වගේ. (නදී)
රනිල් මහත්තයෝ, ඔබතුමත් පක්ෂයත් ගොඩ ගන්න නම් වගකියුතු මහා ලේකම් කෙනෙක් පත් කර ගන්න (නි)
මුළු ලෝකෙම පිළිගත්තත් වැඩක් නැහැනේ රටේ පිළිගැනීමක් නැතිනම්. අනික් එක්කෙනා ලෝකේ කිසිම පිළිගැනීමක් නැතත් රටේ පිළිගන්න නිසානේ චන්ද දිනන්නේ. ඒකනිසා අපට ඕන කරන්නේ මේ රටේ මිනිස්සුන්න්ගේ සිත් හඳුනන රටේ මිනිස්සු පිළිගත් නායකයෙක්. ඔබතුමා කොච්චර බුද්ධිමත් උනත් බලය ගන්න බැරිනම් ඒ බුද්ධියෙන් වැඩක් ගන්නේ කොහොමද?(නදී)
ජර්මනියේ පසුගිය සතියේ පැවතී ඡන්දයෙන් විපක්ෂයේ අපේක්ෂකයා පැරදුනා. එම නිසා ඔහු වෙන කෙනෙකුට අවස්ථාව ලබාදී පක්ෂයේ සියලු බලතල වලින් ඉවත් විය. මේ පාර ෆොන්සේකාට ලැබුන ඡන්දවලින් වැඩි හරියක්ම යූ.එන්.පී ඡන්ද. (නදී)
නායකතුමනි, ඔය මිණුසුන්ගේ කටවල් වහන්ඩ හොදම අවස්තාව පළාත් සබා ජන්දයට බස්නාහිරෙන් ඉදීරිපත් වෙලා දයාසිරිගේ වාර්තාව බිදලා පෙන්වන්ඩ. (නදී)
මෂුඩ් කොළඹ යු.එන්.පී එකට දිනන එක විශාල දෙයක් නොවෙයි. කොලඹින් යූ.එන්.පී එකට පොල්පිත්තක් ඉදිරිපත් කලත් දිනනනවා , ප්‍රශ්නයකට තිබෙන්නේ අනිත් පළාත් සභා පිට පළාත්වල ජනතාව යූ.එන්.පී එකට ඡන්දය නොදෙන එකයි. යු.එන්.පී ඡන්ද දායකයන් කොටසක් ඉන්නවා. ඔවුන් ෆොන්සේකාගේ පක්ෂය තෝරා ගනීවි. සජිත් මහා ඇමති අපේක්ෂක උනා කියලා දකුණ දිනන්න අපහසු වේවි. මිනිස්සු බලන්නේ පක්ෂයක් නායකයා ගැන , සන්ධානේ ප්‍රාදේශීය දේශපාලකයෝ මොන ජරා වැඩ කලත් මිනිස්සු මහින්ද රාජපක්ෂ මහතා ගැන හිතල පක්ෂයට ඡන්දය දෙනවා. ෆොන්සේකා මහතා ගැන හිතල මිනිස්සු එම පක්ෂයට ඡන්දය දෙනවා නමුත් මිනිස්සු එම අපේක්ෂකයන් ගැන දන්නෙත් නැහැ , යු.එන්.පී එකට වෙලා තිබෙන්නේ ඒකේ අනිත් පැත්ත.(නදී)