එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදීන් හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිතවාදීන් අතර මාතර නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුමෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටින 34 දෙනකුගේ සුව දුක් බැලීමට රනිල් වික්‍රමසිංහ මහතා අද (12)මාතර හිර ගෙදරට ගියේය
මිනිත්තු විස්සක් තිහක් එහි ගත කළ වික්‍රමසිංහ මහතා සමග මංගල සමරවීර මහතාද පැමිණ සිටියේය
පාක්ෂිකයන් කොතරම් හිර කළත් පක්ෂය ඉදිරියට ගෙන යාම වැළැක්විය නොහැකි බව සිර ගෙදර දොරටුව අසළ සිටි මාධ්‍යවේදීන් හමුවේ වික්‍රමසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා හැමදාම කතාකරන්නෙ පක්ෂය ගැන, රට ගැන නොවෙයි. (නි)
වික්‍රමසිංහ සහ සමරවීර පරපුර ඉදිරියට ගෙනයාමට කිසිවෙක් නැති නිසා ....දෙදෙනාටම අනාගතය ගැන සිතීමට අවශ්‍ය නැත.(දිල්)
පුදුමයි හිර කාරයන්ගෙන් ගුටි නොකා එලියට අවා, මේගොල්ලන්ගේ කෙරුවාව බැලුවම දෙන්නම හිර ගෙදරට දමන්න තමයි වටින්නේ , ප්‍රජතන්ට්‍ත්‍රික වාදය ගැන කතාකර කර සාමකාමී පෙළපාලියකට මැරයෝ ලවා ගස්සවනව , එක අතකින් බලනකොට බලපිටියේ මිනිස්සු කලදේ හරි (දිල්)
මට රනිල් වික්‍රමසිංහ මහතා එක වෙලාවකට රෝවන් ඇට්කිංසන් වගෙත් පේනවා. පක්ෂ නායකයන් තමා අල්ලලා මහඋලු ගෙදර යවන්න ඕනි.(දිල්)
අනේ මන්ද, අන්තිම ෆොටෝ එකේ ඔයා හරියටම මම වගේමය් කියලය් මට හිතෙන්නේ...(මම ඔයාලගේ ආදර මිස්ටර් බීන්)(දිල්)
මෙය මංගල නෙවි අවමංගල පක්ෂය කනවා....(දිල්)
ඔය මංගල වගේ මිනිස්සු නිසා තම ඔබ තුමාව එපා වෙන්නේ. අහෝ මංගල දිනන්නේ නැත කිසි දින.(අ)
ඒ ගොල්ලෝ ගහගත්තා, වරද කාරයෝ හිර කලට ආණ්ඩුවට දොස් කියනවා, ඒ අය ට ගහගන්න ඇරල පොලිසිය බලන් හිටියත් ආණ්ඩුව වැරදී, හිර කලත් ආණ්ඩුව වැරදී (අ)
වරෙන්තු පිට යකඩ හොරුන් එළියේ. පෙළපාලි කළ අය ඇතුළේ? දේශපාලනය කියන්නේ සල්ලි නොවෙයි.ජාතික ප්‍රතිපත්තියක් නැහැ. (නි)
දැන් මේ මහත්තයා කොයි පැත්තේ අයද බලන්න ගිහින් තියෙන්නේ (දිල්)
ගෙදර දරුවූ රණ්ඩු කලාම තාත්ත එක දරුවෙක්ගේ පැත්තවත් ගේන්නේ නෑ.රනිල් මහත්තයා අනික් පාර්ශවයේ අයත් බලන්න යන්න.මොකද ඔය ඔක්කොම අලි (දිල්)
මේ අය අද දේශපාලනය නිසා හිර බත් කරනවා. මේ අයගේ දරු පවුල් බලා ගන්නේ කව්ද. දේශපාලන පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයන් සදහා රජයෙන් මෙවන් ආදායම් රහිත හදිසි අවස්ථාවන්හිදී මසකට 50,000 ක් වත් එම පවුල් වලට ලැබෙන රක්ෂණ ක්‍රමයක් ඇති කල යුතුයි. (දිල්)
අපේ මහත්තය ගෝල-බාලයින්ට චුවින්ගුම් බෙදන්න ගිහිල්ල වගේ !! (අ)
ඔතන විතරනේ ඉතුරු වෙලා තිබුනේ (අ)
රනිල් මහත්තයා ඔවුන් බලන්න ගිය එක හොදයි. ඉවසීමෙන් තව ටිකක් හිටියොත් තමා හොද (නි)
මහත්තයෝ,මේ රට වෙනුවෙන් හිතලා තීරණයක් ගන්න. (නි)
දෙපැත්තෙම ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝනේ. කොයි පැත්තේ අය බලන්න ද ගියේ මහත්තයෝ (අ)
සුසන්ත ඉතාලිය ඔබ හරි , කරුණාකර මොහු කතාකරන දේසපාලන රැස්වීම්වලින් නැගිටලා යන්න ඔහුගේ කතාව නිම උනාට පස්සේ නැවත එන්න , මොහු තමයි රටේ ඉන්න ලොකුම ඒකාධිපතියා (අ)
දැරණියගල මිනිස්සු වසර 15ක් පතලයකින් පාලනය කල. සමහරු ඡන්ද මංකොල්ල කෑව. වතු අදිකාරී තුමෙක් මාරුව . කෝ මේ අය ඔවුන් බලන්න යන්නේ නැද්ද. අම්මප දෙසපලනයක හැටි...! (අ)
හැමෝම මරාගන්නේ ඔය නායකකමටම තමයි. පේනවනේ ඔතනට ගියාට පස්සේ කරන දේවල්. ඔය එක්කෙනෙක්වත් අපිට කරන දෙයක් නැහැ. (නි)
වටේ ඉන්න කට්ටිය දැක්කම , පක්ෂය ඉදිරියටම ගෙනියි කියල පෙනෙනවා. (අ)
ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ගරු ගාම්භීරව පක්ෂයේ තැන රැකගෙන, ප්‍රජාතන්ත්‍රවාදීව කෘත්‍යාධිකාරි මණ්ඩලය විසුරවා හැර ,පක්ෂයේ බිම් මට්ටමේ මින්සුන්ගේ ඡන්දයෙන් පත්වන නායකයෙකුට තැනක් දෙන්න. (නි)
දැන් නිවැරදිව ඔප්පු වෙනවා කවුද මේ පහරදීමට අනුබල දුන්නේ කියලා (නදී)
මොකද අප්පා මේ වෙලා තියෙන්නේ. හිතන්නේ අපේ රටේ ඉන්න ජනතාවත් මේ වගේ කියලද?(නදී)
ඔය පක්ෂය පරාජය ආරම්භ වුනේ රනිල් මහත්මය කොටියෙක් කියල මංගල සමරවීර මහත්තය මවල කියපු බොරුවෙන් පස්සෙයි. දැන් රනිල් මහත්තයටත් ඒක මතක නැහැ. සජිත් මහත්තයත් හිතාගෙන ඉන්නේ මහා ඉහලින්. එයා නායකතුමාව කපාගෙන යන්න කුට ක්‍රියාවක යෙදෙනවා. ඔය කණ්ඩායම් හැදුවේ මුලින්ම කරු මහත්තය. දැන් එකිනෙකා කා ගන්නවා. පක්ෂෙට ලැදිව ඉන්න ජනතාව පක්ෂෙන් ඇත්වෙනවා ඒක නිසා පක්ෂේ පරදිනවා.. (දිල්)
හොද මිනිසුන් දුක් විදින්නේ නරක මිනිසුන් නිසාය. හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් දක්ෂයෝය. ඔවුන් ඉක්මනින් දියුණුවේ. එහෙත් අවසානයේ බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවී නරක මිනිසුන් පරදීති...... හොඳ මිනුසුන් ජයගනිති....... මැක්සිම් ගෝර්කි (නදී)
පක්ෂයේ මිනිසුන්ට වෙන අය හිරිහැර කරන්න එන්නෙ නැහැ (නි)
හොරකම් නොකරන, බොරු නොකියන, සත්‍යයට ගරු කරන, නායකයන්ට අද සමාජයේ තැනක් නැහැ. (නි)
නියම නායකයා. මිනිස්සුන්ට වැඩ කරන්න බලය ලැබෙන්නේ නැති එක තමයි දුක.(නදී)
එජාපය, ප්‍රධාන විපක්‍ෂය වී සමගියෙන් වැඩ කිරීමට අවශ්‍ය නම්, අහවලාව අර ඇතුළේ ඉන්නා අය සමග තියන්න. (නි)
මංගලලා මාතර මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය විනාශ කළා අද අහිංසක මිනිස්සු හිරේ දුක් විදිනවා.(නදී)
කව්රු විරුද්ද වුනත් අපේ රනිල් තුමා මංගල අතාරින්නෑ. (නදී)මුලු ලොවම නැතිවුනත් එකම හදවතක්.....
නිමල්, නරක කියල මිනුසුන් ජාතියක් ඉන්න නිසා තමයි හොදයි කියල මිනුසුන් කාණ්ඩයක් ඉන්නේ.(අ)
එකම පක්ෂයේ අය දෙපැත්ත බෙදිලා බල තන් හාවට ගහගන්නවා නම් මේ අය දිනපු දවසට බලයට ආපු දවසට අනෙක් පක්ෂ වල පාක්ෂිකයන්ට දෙවින්ගේම පිහිටයි. හම්බානට ගුටි කන්න වෙනවා. (අ)
ජන නායකයෙක් උනාට ඇත්ත තේරෙන්න නැත්තේ මොකද කියල හිත ගන්න බෑ (අ)
බුද්දිමත් නායකයෙක්නම් තමන්ගේ මිනිස්සු බලන්න රෝහල් ගානේ, හිරගෙවල් ගානේ යන්න උවමනා නැහැ , මේ වගේ අලකලංචි වලක්වන එකයි ඔලුවක් තියෙන නායකයෙක් කල යුත්තේ (නදී)
රනිල් මහත්තයෝ ඔය මංගල සමරවීර යන පාරකවත් යන්ඩ එපා කැදවත් හම්බවෙන්නේ නැ (අ)
මේ ප්‍රහාරය සැලසුම් කල අයම මෙතුමා එක්ක යනවා එයාල පෙළපාලියට ගහපු කට්ටිය පෙන්නන්න. මේ වගේ කට්ටිය ලං කරගන්නේ නැතුව ආණ්ඩුවේ ඉන්න කට්ටිය අරන් ආණ්ඩු හදන එක නවතා තමුන්ගේ පක්ෂේ ජනතාව බලන්න ඔවුන් ලඟට ගියානම් මෙතුමාට කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ.(අ)
රනිල් මහත්යව මිනිසුන්ට එපා කලේ අර උඩුගම්පොල සිද්දිය නිසා මන් හිතන්නේ . හමුදා බුද්දි අංශය පාවාදීම . සහ මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ මහතා ගෙන කියපු කතා . නමුත් මංගල සමරවීර එජාපයෙන් ගිය දාට නැවත එජාපය එකමුතුව ජයලබනවා සිකුරුය . රනිල්ට ජය වේවා (නදී)
මංගල මහත්යාගේ කමිසයේ ඊලග පාට කුමක්ද
රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, මානව හිමිකම් නැහැ කියලා ඇස් දෙක ලොකු කරගෙන රටට හා ජාත්‍යන්තරයට කෑ ගහන අපේ අහවලා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරකින විදිය අපි එදා සජීවීව දැක්කා (නි)
මේ සියල්ල අතහැර නව එක්සත් ජාතික පක්ෂයක් අලුතින් බිහි කරමු.සියලුම දෙනා එක්වනු ඇත (නි)
කොපමණ හිරකළත්, පක්ෂය නොවෙති යහපත්... අහවලා එලෙව්වත්, අරයා හොඳ වෙන කලෙක් නම් නැත්... (නි)
අපේ අතීත මහත්වරුන් දන්නවා නම් පක්ෂයට සිදුවී ඇති දෙය...? මම මොනවා කියන්නද? (නි)
මහත්තයෝ හිර ගෙදර ඉන්න පාක්ෂිකයෝ බැලුව එක හොදයි, අර රතු පස්වලට ගිහිල්ල එහෙ මොකද වෙලා තියෙන්නේ කියල බැලුව නම් හොඳ නැත ද. ඔය මංගල වගේ මිනිස්සු නිසා තම ඔබ තුමාව එපා වෙන්නේ. අහෝ මංගල දිනන්නේ නැත කිසි දින.(දිල්)
ඔන්නඔහොම යන් (දිල්)
අන්ධයෙක් වගේ ඔහේ අතපතගාලා හරියන්නේ නැහැ. බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි (නි)
මේ ඔක්කොටම මුල අහවලාගේ වැඩය. (නි)
එකම සමාන අදහස් ඇති අය බොහෝ දුරට එක හා සමානව ක්‍රියා කරති (නි)