රනිල් වික්‍රමසිංහ අගමැති ලබන 14 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිත බව ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පත්‍රය කියයි.
වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු ඉන්දියාවට යන ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට ඉන්දියාවේ සංචාරයක යෙදෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදීන් සමග පැවසූයේ මෙම ගමන සැප්තැම්බර් 14 සිට 16 දිනවල සිදුවන බවයි.
සැප්තැම්බර් 15 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග දිවා භෝජනයේදී සාකච්ඡා කිරීමටද නියමිතය.
තමිල්නාඩුවේ රාමේෂ්වරම හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිකළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර යෝජනා කර ඇති බව එක්ස්ප්‍රස් පත්‍රය කියයි. ඉන්දියාවේ මීට පෙර පැවැති රජය යෝජනා කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට වඩා ගොඩබිමින් පාලමක් ඉදි කිරීමේ යෝජනාවට මෝදි රජය වැඩි සහායක් දක්වනු ඇතැයිද එම පුවත්පත පවසයි.
චීන රජය ඩොලර් කෝටි 150ක් (රුපියල් කෝටි 20690) වැයකර ඉදිකරන්නට යන වරාය නගරයට ශ්‍රී ලංකා රජය ඉඩ නොදෙනු ඇති බවට යම් ඉඟියක් ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වෙතියි එක්ස්ප්‍රස් පත්‍රය පවසයි.
ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මතය වෙනස් කිරීමට ඉන්දියාව උදව් කරනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවන බවද එම පුවත්පත පවසයි.
දෙමළ ජාතික සන්ධානය කියා ඇත්තේ දේශීය පරීක්ෂණයක් නොව අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි. වික්‍රමසිංහ මහතා මේ ගමනේදී ඉන්දියාවේ සෙසු දේශපාලන නායකයන්ද හමුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමුණු , දයාජ මහත්වරු සීපා වල භායානක කම දන්නවා වාගේ , නමුත් තමාට උදවු කරපු උදවියට උදව් කරපු උදවියට කල ගුණ සැලකීමට සම්බදන්ට විපක්ෂ නායක කම දුන්නා , පළමු කතාවේම කිව්වා ලංකාව කොටස 3 කට හෝ 5 කඩා පාලනය කළ යුතුයි කියලා , ඉන්දියාවට කාලගුණ සලකන්න යන්නේ සීපා ගිවිසුම නැවත බල ගන්වලා . මෙහි අදහස් දාන උගත් උදවිය දන්නවා සීපා වල භයානක කම , නමුත් එජාපෙ ට ඡන්දෙ දුන්න ලක්ෂ 49 න කීයෙන් කි දෙනාද දන්නේ සීපා ගැන ? මහින්ද රජය ප්‍රතික්ෂේප කරපු මේ ගිවිසුම ඊටත් වඩා භයානක ලෙස ජන 8 න පසු දැන් එන්න සුදානම . කොහොමද වෙනස , මේ පටන් ගත්තා විතරයි , (අ)
සීපා ගැන වැදගත් ලිපියක්: http://www.lankaweb.com/news/items/2015/09/05/sri-lanka-should-be-the-hong-kong-of-india/ (නි)
මහානාම ..අපේ අය තාම දන්නේ නැහැ මේ රනිල් කියන්නේ කව්ද කියල ..? මෙයාම නේද ඉන්දියාවෙන් ඉල්ලා තියෙන්නේ ගොඩබිම යාවෙන පාලමක් ඕනේ කියල ..මේ රටේ ඉන්න ජනතාවගෙන් නිකමටවත් මේ ගැන අහල කැමැත්ත අකමැත්ත ..ගැන සොයා බලලද මේ මිනිසුන් තීරණ ගන්නේ ..? සීපා ගිවිසුම එදා හිටි පාලකයෝ ප්‍රතික්ෂේප කළේ ඒ වයෙන් රටේ අභ්‍යන්තරව පසුකාලීනව මුහුණ දීමට ඇතිවන ගැටළු ගැන සෑහීමකට පත්වීමෙන් හා ජනතාවගේ අදහස් වලට ගරු කිරීමෙන් ..ඒ දා සිටම රටේ ජනතාව අකමැති වූ මේ දෙය මේ මිනිසුන් විනාශ කළොත් එදාට ජනතාව දැනගත යුතුයි ඊළගට කළ යුතුදේ ..? මොන රටේ නායකයෙක්ද තම රටේ මුහුදේ මාලුටික වෙන කෙකුට අල්ලාගෙන යන්න දීල තම රටේ ඉන්න මිනිසුන්ගේ බඩ ගොස්තරේට පයින් ගහන්නේ ..මමනම් ජීවිතේටම ඇහුවාමයි මේවා ..? අපේ රට වෙනුවෙන් පුරාතනයේ සිංහල වීරවරු තම දිවි පරදුවට තබලා දිවිපුදා ඒ වීර මිනිසුන් ගේ ආත්ම වලෙන් ගොඩ විත් වැදූ දෙමාපියෝ හොයන් යනවා මේවා මෙහෙම උනේ කොහොමද කියල ඔවුන්ගෙන් අහන්න ...? ඒ තරමට මේවා දුක්ඛිතයි උභතෝ කෝටිකයි..!!!! (බ)
ලංකාවෙන් ඉන්දියාවට පාලමක් හදන්න කතාකරන්න නම් එපා (නි)
රොහාන්, මාත් කියන්නේ පාලම් නම් එපා. මෙතුමා බුද්ධිමත්. ලංකාව විනාශ කරන පාලම නම් එපා (නි)
සුබ ගමන්! (නි)
අගමැතිතුමාගේ අභිනව විදේශ සංචාරය සාර්ථක වෙන්නයි මගේ පැතුම. එහෙත් සීෆා ගිවිසුම සහ ලංකාවත් ඉන්දියාවත් යාකරන පාලම් පිළිබඳ ගිවිසුම් වලට නොයන මෙන් ඉල්ලා සිටිමි. (නි)
අනවසරයෙන් අපේ මුහුදේ මාළු ඇල්ලීම නොනවත්වන සහ සංචාරකයන් වශයෙන් පැමිණ මත් පුවක් විකුණන ඇතැම් මිනිසුන් වැරදි වැඩ කිරීමට යෝජිත පාලම 'තවත් පාලමක්' කර ගනු ඇත. (නි)
සීෆා ගිවිසුමක් ඇති වුවහොත් අපේ දේශීය ව්‍යාපාරිකයාට, කර්මාන්තකරුවාට, එදිනෙදා ආදායමක් උපාය ගන්නා කුලී වැඩකරුවාට පහරක් වදින බවයි මා අසා ඇත්තේ.ඉතින් ඒ සඳහා අගමැතිතුමා යොමු නොවනු ඇති බවයි මගේ හැඟීම. (නි)
ඒ පාලම හදලා දාන්න සර්. ආදම්ට පුළුවන් නම් ඇයි අපට බැරි. (බ)
බොරු පොරොන්දු වලින් තොරව කෙළින් කතාකර සම්මුතියකට යාම වැදගත්. රටට ජයවේවා! (නි)
ලිච්ඡවි රජදරුවන් ගැනත් පොඩ්ඩක් සැළකිළිමත් වෙන්න පුලුවන් වෙයි (නි)
කලාපීය බලතුලන සමීකරණයෙන් ලංකාව ඉවත්විය යුතුය (නි)