(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව පෙරළන්න නම් එක තැනකට පැමිණිය යුතු බවත් බෙදී සිට රාජපක්ෂලාට එරෙහිව ගේම් ගසන්නට බැරි බවත් දිසානායක මහතා කීය.
ආණ්ඩුව යන මාර්ගය ගැන කලකිරුණු වෙනසක් බලාපොරොත්තු වන ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් තමා සමඟත් කතා කරන බව කී දිසානායක මහතා "මහින්ද මහත්තයා" ඉන්නෙත් සතුටින් නොවන බව කීය.
ආණ්ඩුවට දුර ගමනක් නැති අතර කොහෙන් හෝ පිපිරීමක් වන බව කී නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට ඉතිරිවී තිබෙන්නේ පොඩි "ලයිට් එකක් "පත්තු කරන්න විතරක් බවද සඳහන් කළේය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇත්තන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳගන්නවා විිනා රටක්, දැයක්, සමයක් ගැන කතා කරන්න වෙලාවක් නෑ.
ඔබ පාර්ලිමේන්තුවට එන්න තිබුණේ. කොහොම හරි ඔබයි නායක වෙන්න ඕනෑ. ඔබ නායක වුනොත් ඔක්කොම එයි. සජිත් එහෙම ඉදීයි.
ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි. නායකත්වය වෙනස් විය යුතුයි.. ජනතා ප්‍රසාදය ඇති කෙනෙකුට නායකත්වය දිය යුතුයි..
ඉතාම කාලෝචිත අවශ්‍යතාවක්. සරත් ෆොන්සේකාට හෝ පාඨලිට පක්ෂ නායකත්වය දෙන්න...
නැතිවුණා නම්, කටවහගෙන ඉන්න..
අනිවාර්යයෙන් විය යුතු දෙයක්... එකතු විය යුතුමයි... ජයවේවා..!!!
ඔබ සජිත් සමග එකතු වන්න. රනිල්ට ඉන්න කියන්න... රනිල්, විශ්වාස නැහැ.
හොද වෑයමක්
ඔය එන්නේ තනතුර අපේක්ෂාවෙන් නේද?
මේ යුගයේ අවශ්‍යතාව , මේ රට මගේ පරම්පරාවේ කියන මතයෙන් සහ දුෂිත ක්‍රියා වලට අය ඡන්ද ගණන් කිරීමට එකතු කර ගැනීම නොවෙයි . දැන් අවරුදු ගණනාවක් ඔය සෙල්ලම කරලා ලංකාවේ මිනිසුන්ව නොමරා මරලා තවමත් ඔවුන්ගේ ලේ උරමින් ජීවත් වන කොටස් දේශපාලනයෙන් පන්නා දැමිය යුතුයි . ඒ කියන්නේ යහපත් මිනිසුන්ගේ බලාපොරොත්තුව අවංක අලුත් කණ්ඩායමක් . අවංක සමාජ සේවයක් කරන්න . බලය පසුපස යන දුෂිතයන් නොවෙයි විකල්පය .
අපේ මාතෘභූමිය හොඳ වෙයි එහෙනම්...
මාමයි, බෑනයි එක පාරකුත් ගිහින් ඇමතිකම් ගත්තා වගේ දැනුත් ගේමක් ගහන්න නේද ඔය හදන්නේ?
මේවා කෙරෙන වැඩද
එකතුවෙලා එනනකො කට්ටිය
නුවර එළියේදී මිනිසෙකුට ගහන්න ගිහින්මොකද වුනේ මතකද