එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොළඹ බලා ගමන් ගත් පාගමනින් මහජන කැළඹිලි වීමට ඉඩ ඇතැයි කියමින් නිකුත් කළ තහනම් නියෝගය බාර දෙන්නටත් කලින්ම පෙළපාළිකරුවන් 60ක් 70වක් පමණ මාතර කඹුරුගමුව වැව අසලදී දිවා ආහාරය ගැනීමෙන් පසු විසිර ගිය බව පොලිසිය කියයි.
මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාගෙන් ලබාගත් තහනම් නියෝගය රැගෙන මාතර පොලිසිය එහි යනවිටත් පෙළපාළියක් එහි නොතිබිණි. උදේ ආරම්භ වු පෙළපාළියට 500ක් පමණ සහභාගී වු අතර සිව් වරක්ම පහර කෑමට ලක්විය. මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 5 දෙනෙක් ඇතුළු අට දෙනෙක් තුවාල ලදහ.
හමුදා සෙබළෙක් ද නගර සභා සේවකයෙක් ද තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් යන්නකෝ මහත්තයෝ ඔබතුමා කාටද නායක කම් කරන්නේ රටම ඔබ තුමා එපා කියනවා ඉතින් මොන දේකටද තවත් ඉන්නේ (දී)
රනිල් මහත්තයෝ අපිට චන්දයක් දිනන්න දෙන්නෙම නැද්ද (දී)
ලෝකේ ලජ්ජා නැති එකම මිනිසා (දී)
විමල් සහෝදරයා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වත් ද අහිංසකයා පන්නන්න කරන (දී)
අපි නොදන්නා එක්සත් ජාතික පක්ෂය (නි)
විලි ලේජ්ජාවක් ගෑවිලවත් නැති මිනිහෙක්,,,,,,,,,, මංගල තමයි රනිල්ගේ පස මිතුර,,,මංගලට ඕන යු එන් පි නැති කරන්න, අනේ අද නැහැනේ ගාමිනිලා වගේ අය,,,,එන පළාත් සභා වලින් පසුව ,,,,,,,,ඔබ සැමට යු එන් පි එකේ අදාහන කට යුතු දෙනුම් දෙමී.......ශෝකයට පත් පාක්ෂිකයින් (දී)
රට හිනස්සන වැඩ.....රනිල් විරෝධීන් 500 ද ඉන්නේ.? (දී)
දයාල් මේ වගේ දේශපාලනය ලංකාවටම ආවේනිකවූ, විශේසයෙන්ම ලංකාව සදහාම නිපදවන ලද විශේෂ දේසපාලන ක්‍රමයකි. ශ්‍රී ලන්කන් ස්පෙෂල් හැමතැනම නෑ. නමුත් ලංකාවේ හැමදාම ඇත. ලෝකයේ වෙන කොහෙවත් නැත. (දී)
මේකට උඩ ගෙඩි දුන්න පක්ෂය කාපු සජිත් උන්නැහේ දැන්වත් පියවි ලෝකෙට අවනම් හොදයි.. (දී)
අපේ ජිවිත කාලෙට ඒජාප ආණ්ඩුවක් ගන්න හම්බ වෙන්නේ නෑ.
දැන් ඔය රනිල්ව එලවන්න ඕන කියන අය යෝජනා කරන, චන්ද දිනවන්න පුළුවන් ශක්තිමත් ඊලග නායකයා කවුද ? කියමු බලන්න? (දී)
රනිල් ඉවසගෙන ඉන්නෙ ඒ මනුස්සය දන්නවා එයා ගියොත් ඔය පක්ෂෙට මොකද වෙන්නෙ කියල. සජිත් කියන්නේ බොරු පරිනත බවක් මවල පෙන්නන්න හදන නොමේරු දේශපාලන චරිතයක්. එයාට නායකකම ගියොත් යු එන් පි එක ඉවරයි. (දී)
රනිල් කියන්නේ හොඳ උගතෙක් අවංක මහ්ත්මෙයෙක් හොරෙක් හෝ වංචා කාරයෙක් නොවේ . ඔහු රටට අවශ්‍ය මහත්මෙයෙක්. මෙයා නාකත්වයට පොරකන බල ලොබියෙකුගේ විසින් දියත් කර කුමන්ත්‍රණයක් .මොන නායකයා ආවත් චන්ද ය දිනන එක ලෙහෙසි නැත. රජයේ වැඩපිළිවල සහ රාජ්‍ය නායකයාට තිබෙන කැමැත්ත නිසා. (දී)
අනේ මන්දා පෙලපාලි ලෑස්ති කරල ඒකටවත් නායකත්වය දෙන්න බැරි අයනෙ පක්ෂයෙ නායකත්වය එලවන්න හදන්නෙ... (දී)
ඔය පක්ෂයේ ඉන්න තිස්ස, ගයන්ත, රවී, කිරිඑල්ල මංගල වගේ අය අයින් වුන දවසට පක්ෂය හදාගන්න පුළුවන් වේවි,
රටම ඉවරයි
රනිල් කියන්නේ හොද වැදගත් මිනිසෙක්. එයාට දිනන්න බැරි අනිත් වගේ බොරුවට මිනිස්සු රවට්ටන්න දන්නේ නැති නිසා. බොරු කියන්න දන්නේ නැති නිසා. (දී)
රාමා ඔයා හරියටම හරි
රාමා, තිස්ස,ගයන්ත,කිරිඇල්ල යන්ඩ ඕනා නැහැ. යන්ඩ ඕනා අනිත් අය. කෘතාදිකාරී මණ්ඩලය අයින් වී, වෙනත් කාර්‍ය මන්ඩලයක් පත්විය යුතුයි. පැහදිලිවම මංගල නම් එපා. අපිට මීළඟ නායකයන් විය යුත්තේ සජිත් ප්‍රේමදස සහ කරූ නැත් නම් පක්ෂය ඉවරයි. (නදී)
කොම්පියුටර් චන්දවලට නොරැවටෙන්න . රටේ නියම නායකයාව රැකගන්න සියල්ලම එකතුවමු .රනිල් නායක තුමාට,සජිත්මහතාට බුදුසරණයි (දී)
ඇයි මැතිවරණ පරදිද්දී, දිනන්න පුළුවන් කෙනෙකුට දෙන්න බැරි. මේ අයට රටක් බාර දෙන්නේ කොහොමද? (නි)
[රනිල් කියන්නේ හොඳ උගතෙක් අවංක මහත්මයෙක් හොරෙක් හෝ වංචාකාරයෙක් නොවේ] අනේ මගේ කට... (නි)
[මේකට උඩ ගෙඩි දුන්න පක්ෂය කාපු අය දැන්වත් පියවි ලෝකෙට ආවා නම් හොදයි. අනේ පියවි ලෝකෙට නම් එපා. ඇස් පියවි ලෝකෙට නම් හොඳා.(නදී)
මහින්ද යුද්දේ හොඳින් මෙහෙයවලා එය දිනා දුන්නට යුද්දයෙන් පස්සේ රට යන දිශාව යහපත් නැත. මෙම අවස්ථාවේ රට පාලනයට සුදුසුම පුද්ගලයා රනිල් එත් එතුමා මනෝ ගනේෂන් වැනි අන්තවාදීන්ගෙන් ඉවත්වී ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය.(නදී)
මේකට උඩ ගෙඩි දුන්න අය නිසා තමයි ගොඩක් අයට පක්ෂෙන් යන්න උනේ.(නදී)
සමහරු එදා සිටම පෙළපාලි එන්නේ බත් පැකට් එකටයි, සිගරට් එකටයි. මොකුත් නැහැ අනුභවයෙන් පසු මාරු.(නදී)
රනිල් දේසපාලන හොරෙක් නොවේ. හොඳ උගත් වැදගත් මහත්මයෙක්. එකත් කියන්න ඕන. ඇත්තටම.(දී)
ධනයට,බලයට ආදරය කරන අය මිසක් රටට ආදරය කරන අය අපේ රටේ නැත ,ඒක්සත් ජාතික පක්ෂයේ නායකකමට සුදුසු දැනට සිටින එකම පුද්ගලයා රනිල් පමණයි.(නදී)
කවුද දැන් දින්නේ කවුද දැන් පැරදුනේ
මේ ක්‍රිමිනල් කට්ටියක් නේද? (නදී)
එජාපයට පාංශුකූලය දෙන්න හාමුදුරුවරු හොයන්න කට්ටිය යන්න ඇති. නියමයි මෙහෙම එක එකා කොටා ගෙන නැතිම වුණා නම්. (නි)
කියන්න දෙයක් නැහැ. මංගලවත් තියාගෙන පක්ෂය කන කල්ලියේ තමයි මේ අයත් ඉන්නේ.(නදී
ඒක්සත් ජාතික පක්ෂයේ නායකකමට සුදුසු දැනට සිටින එකම පුද්ගලයා රනිල් පමණයි. රනිල් නැතිදාට පක්සයත් ඉවරයි.(නදී
අපිට කියන්න තියෙන්නේ මෙම පෙළපාලිය සංවිධානය කරපු අයට හූඌඌඌ හු හු හු .(නදී.
සජිත්,ඔබේ වාරය එනතුරු ඉවසන්න ,ඉක්මන් කෙටිය, ඔබ ඉක්මන අනතුරු දායකයි. ඔබ පක්ෂෙන් පන්නා දැමීම වැඩි ඈතක් නැත. පැරදීම රනිල් පමණක් නොවේ ඔබත් ඒකට හවුල් .(නදී
මේ වෙලාවෙ කරන්න තියෙන හොදම දේ පෙලපාලි යාම නෙවෙයි. රනිල්ට විරැද්ධ පාර්ලිමේන්තු පලාත් සභා මන්තිවරැන් පක්ෂයෙන් එකපාර ඉවත් වෙලා විකල්ප එක්සත් ජාතික පක්ෂය විදියට ඉදිරි පලාත් සභා මැතිවරණයට එන්න ඕන. එතකොට ජනතාවට පුලුවන් රනිල්ට පාඩමක් උගන්වන්න. මේ ලැජ්ජා නැති මිනිහා අපේ පක්ෂෙ නායකයා විදියට ඉදපු කාලය අදින් ඉවර කරන්න ඕන. මේ පෙලපාලියට විරැද්ධව පොලිසිය මැදිහත්වීමෙන්ම පේනවා රනිල්ව තියාගන්න ආණ්ඩුවට තියෙන ඕනකම... (දී)
මංගල අවමංඅගල සේවය . (නදී)
කලකට පෙර ඇමතිකමකට මිනිස්සු වහලෙට නැග්ගුවා. හලාවත පැත්තේ. අනුරාධපුරෙත් පලාත් සබා අය මහ ඇමති කමකට මොකක්දෝ කළා. ලොක්කෙක් වෙන්න මිනිස්සු ගස්වලට නැග්ගුවා. තවත් අය මුදල් බෙදනවා . මෙහෙම කොලොප්පන් ආසියානු රටවල පමනයි. සමහරු සාස්තර කාරයන් ලවා ප්‍රකාස නිකුත් කරනවා. ලබන වසරේ බලයට එනවා කියූ පරාද ඇමති මලා සාස්තර කාරයා සද්ද නොමැත.(නදී
රයන් ඔබ හරි. රනිල් කියන්නේ දේශපාලනයෙන් ගසා කාපු චරිතයක් නෙමෙයි. මුදල් පසු පසම ගිය කෙනෙකුත් නෙමෙයි. දේශපාලනයෙන් කෝටි ගනනින් හරි හම්බ කර ගත්තු කෙනෙකුත් නෙමෙයි. දරුවන්ට කියල හොන් කොන්ග් බැංකු වල කෝටි ප්‍රකෝටි ගණනින් තැන්පත් කල කෙනෙකුත් නෙමෙයි. මෙහෙමවත් යු.එන්.පිය බේරිලා තියෙන්නේ රනිල්ගේ උගත්, බුද්දිමත් කම නිසයි. (නදී
ජයවේවා......ජයවේවා...... රනිල්ට ජයවේවා...... (දී)
එක්සත් ජාතික පක්ෂය රස්තියාදු කාරයන්ගේ පක්ෂයක් නොවේ.(නදී)
මෙතුමාට අගමැතිකම දෙන්න (නදී)
වසන්ත , කරු කියන්නේ 17 දෙනෙක් සමග ආණ්ඩුවට ගිහින් අගමැති කම හම්බු උනේ නැති නිසා නැවත ආපු කෙනෙක් නේද? (නදී)
රනිල්, ඔබට ජය. (නදී)
ඔන්න බලන්න මෙහෙම ගියොත් නම් සී වී විග්නේෂ්වරන් මහතාගේ දෙමළ ජාතික සන්ධාන පක්ෂය අප රටේ ප්‍රධාන විරුද්ද පක්ෂයක් වෙන්නට ඉඩ ඇති බැවින් , වහාම මීට පියවරක් හැටියට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න රට සැමදෙනා එක් රොක් වන්න. . (නදී)
මහජන කැලබිලි මැඩ පවත්වන එකත් පොලිසියේ වැඩක් කියලා පොලීසිය දන්නේ නැද්ද?(නදී)
අනේ ඔය තිලක්ලා, රයන්ලා වගේ අය ඉන්න කන් පාක්ෂිකයා සදා කල් අදුරේ. (නදී)
එක්සත් ජාතික පක්ෂය මාරුකරපු බොහොම දෙනෙක් කළේ නායකත්වය විවේචනය කරලා, අපහස කරලා, තමන්ට පක්ෂයෙන් අසාධාරණයක් වෙනවා කියා ජනතාව අතරට මතයක් යවමින් තමන්ට පිලක් හදා ගෙන , හොඳ අවස්ථාවක් බලලා ආණ්ඩු පස්ෂයට පැන්න එකයි.මේ නායකයා ඉන්නකන් දිනන්න බැහැ කියන්නෙත් පක්ෂේ සංවිධායකයින්මයි. (නි)
කෝ සජිත්, එයා මේවට වගකියන්න ඕනෑ. (නි)
එජාපය ගැන පුදුම අමාරුවක් තියෙන්නේ එජාප පාක්ෂිකයන්ට වඩා විරුද්ධ පාක්ෂිකයන්ට. අද ඊයේ ඉදලා නෙමෙයි 1994 ඉදලා. නැද්ද මම අහන්නේ. (නි)
ඕනෑ කෙනෙකුට හීන දකින්න පුළුවන්. නමුත් යථාර්තයට මුහුණ දිය යුතුයි (නි)
1977 මහා ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබපු අන්ත පරාජයෙන් (ආසන අටකට ). ද්‍රවිඩ එකසත් පෙරමුණ පාර්ලිමේන්තුවේ දෙවන බලය රැගෙන විරුද්ධ පක්ෂය ලෙස ආවාසේ. මෙහෙම ලබන වර පාර්ලිමේන්තුවේ බලය සන්දානය රැගෙන එජාපය 3 වන ස්ථානයට. ටි එන ඒ එක දෙවෙනි තැනට එන්නට බැරි නැහැ .(නදී)
ඉවර උන එක ලොකු දෙයක් (දී )
කාගේ වැඩක්ද?
ධනයට,බලයට ආදරය කරන අය මිසක් රටට ආදරය කරන අය අපේ රටේ නැත.(නදී)
සැබෑ විපක්ෂ නායකයෙක් වශයෙන් , පක්ෂ නායකයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ ගෙන් මිනිස්සු මරාගත්තත් කිසිම පණිවිඩයක් නැනේ ..කෝ ඇත්තටම රනිල් ? රට ගිහින්වත්ද ?ලැජ්ජයි රනිල් ... විලි ලැජ්ජයි ... දැන් ඉතින් හෙට අනිද්දා වෙද්දී ඔලුව පොඩ්ඩක් එලියට දාල මොකක් හරි පොඩි කයියක් ගහයි ..(දී)
යකාගේ දේශපාලනය, ඔය වගේ කෝලම් එංගලන්තේ නම් නැහැ.(නදී)
අනාගතයේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. එවිට රට බේරා ගත හැකි එකම නායකයා රනිල් පමණි. ඒ නිසා සියලුම නායකයින් රනිල් වටා එක් වීම කරන්න (නි)
අපි නම් මේක සුද්ද බුද්ද වෙනකම් ඡන්දේ දෙන්නේ නැතෝ.(නදී)
රනිල් හිටියොත් තව අවුරුදු 20කට එජාප ආණ්ඩුවක් එන්නේ නැහැ .... (නි)