(අංජුල මහික වීරරත්න සහ චතුරං ශ්‍රී චන්ද්‍රසේකර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය.

ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර ජනහමුවට සහභාගී වූ සියලුදෙනා දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

කඩවත බස් නැවතුම්පොළ අසලදී ජන හමුව පැවැත්විණි.