එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමයේ සිදුවූ වංචා සම්බන්ධයෙන් නොසොයන්නේ ඔහු නැවත බලයට ගෙන ඒමේ උත්සායක් නිසාදැයි සැක මතු වන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී කීවේය.
‘මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ ගේන්න එක්සත් ජාතික පක්ෂය කැමතියි මට පේන විදියට. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එහෙම කටයුතු කරනවද කියන එක හිතුවට කමක් නෑ කියා හිතෙනවා. මොකද ඊළඟ ඡන්දෙට කලින් ශ්‍රීලනිපය දෙකට බෙදන්න පුළුවන්නම් හොඳයි කියා ප්‍රතිවරුද්ධ කණ්ඩායම් කල්පනා කරනවා ඇති. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන්න පුළුවන් මහින්ද රාපක්ෂ මහත්තයාත් ගෙනත් දාලා, පාදඩකරණයට ශ්‍රීනිපයේ ලක්වුණු පිරිසයි, නන්නත්තාර වූ පිරිසයි එකතු වුණාම හරි කියලා.
මහින්ද රාජපක්ෂ නැවත ගෙන්වන්න උවමනාවක් තිබෙනවා නම් එක්සත් ජාතික පක්ෂය ඔහු සම්බන්ධ චෝදනා ඉස්සරහට ගන්නේ නෑ. ඔහු ගෙන්වීමේ අවශ්‍යතාවක් තිබෙනවා නම් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස දේශපාලන වශයෙන් කළු කරන වැඩ එජාපය කරන්නේ නෑ. ඒකට යම් කිසි සුජාත භාවයක් හැදෙන්න අරිනවා. එහෙනම් එජාප ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ වංචා සම්බන්ධයෙන් හොයන්න මැදිහත් වෙන්නේ නෑ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ කළු කෝපි තවම ගුණ දායක වේ (නදී)
හොඳ අදහසක් (නදී)
අර ඒ දවස් වල රනිල් මහතාට පෙව්ව කළු කෝපි විරේක කෙරෙව්වනම් හරි. එහෙම නැත්නම් මැදමූලනෙන් ආප්පයක් ගෙනත් කන්න දුන්න නම් හරි. (බ)
මෙයාගේ දේශනා අහල අපිට ඇතිවෙලා.(ස)
ජේවීපීයට තැනක් දෙමුද? (නි)
මාධ්‍ය සංදර්ශන හරහා අනුන්ට මඩගැසීම දැන්වත් නතරකරන්න. අපේ රටට යුද්ධ හොඳටම ඇති. තවත් යුද්ධ එපා. (නි)
රනිල් මහින්දගේ වැරදිත් මහින්ද රනිල්ගේ වැරදිත් , මෛත්‍රී මහින්දගේ වැරදිත් අල්ලන්නේ නැහැ. මේවා දේශපාලන සිහින පමණයි. ඔබ තුමාගේ කියමන හරියට හරි. (නදී)
ලාල් කාන්තට ඕනෑම දෙයක් සිතන්නට නිදහස ඇත. කරන්නට දෙයක් ඇත්තේම නැතිව නිකන්ම ඉන්න නිසා මේ වගේ භයානක හීනත් උන්නැහේට පෙනුනාට වැරැද්දකුත් නැත. ඊළඟ ඡන්දෙට කලින් බුරුල් වූ ඇණ මුරිච්චි දන්නා කෙනෙකුට කියා තද කර නොගත්තොත් යන එන මං හොයන්නටත් නොහැක. (නදී)
ඔබගේ කතාවේ ඇත්තක් තියෙනවා. යු.එන්.පියට පසුගිය රජයේ වැරදි හොයන්න කිසි උවමනාවක් නැහැ (නදී)
වැරදි තිබුනත් මහින්ද කළ සේවය මේවා බලාගෙන ඉන්න අපිට නම් අමතක නැහැ. මහින්ද ගේන්න ජේ.වී.පී කළ සේවයේ ප්‍රථිඵල අපි භුක්ති විදිනවා (නදී)
තමුන්ගේ පක්ෂයේ සහෝදරයන්ව නොඑන ගමන ඇරපු එක ගැනත් සිතල බැලුවොත් නරකද ? (නදී)
අපිටත් තිබෙන ප්‍රශ්නේ ඕකම තමා...වෙන රටවල නම් දුෂකයන් පරාද වුනාට පසුව කෙලින්ම හිරේ ......අපේ රටේ මේ දුෂකයන්ට එරෙහිව ක්‍රියා කරනවා වෙනුවට මොවුන්ට නෙවත වතාවක් දේසපාලන බලය දෙන්න ක්‍රියා කරනවා. (අ)
ලාල් මහත්තයෝ බුරන බල්ලා හපන්නේ නැහැ කියල අහල නැද්ද ? (නදී)
අනේ ලාල් කාන්ත හැමදාම අනුන්ගේ වැරදි හොය හොයා ඉන්න (නදී)
අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගෙ වැරදිත් හොයලා බලන්න (නි)
ජේ.වී.පී මිනිමරපුවා හොයන්ඩ ඕනා (නදී)
අනේ යන්න අනේ යන්න. අපි නොදන්නා මොනර තැන්න (නදී)
ඒවා දින සියයට අයිති නැහැනේ මහත්තයෝ (නි)
88-89 කාලේ නැතිවුණු තරුණයන්ට සිදු වෙච්චි දේවල්වලට වගකිව යුතු අය ගැනත් සොයා බැලුවා නම් හොඳ නේද. රටට මහින්ද කරපු සේවය මොකක්ද ? ජේ වී පි එක කරපු එක සේවයක්වත් තියෙනවද ? සසඳා බලන්න (නදී)