ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළට පැමිණි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා බිරිය මෛත්‍රී ඉන්දියා වාණිජ ඇමැතිනී නිර්මලා සීතාරාමන් විසින් පිළිගනු ලැබූහ.

වික්‍රමසිංහ මහතා නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙරට නායකයන්ගේ මේ සාකච්ඡා දෙරටටම ඉතා වැදගත් වෙතියි නිරීක්ෂකයෝ කියති.

හයිද්‍රාබාද් හවුස් හි පැවැත්වෙන මෙම හමුවෙන් අනතුරුව දෙරටේ අග‍්‍රමාත්‍ය දෙපළ අතර පැවති ද්විපාර්ශික සාකච්ඡාවන් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් මාධ්‍ය නිවේදනයක් මධ්‍යහ්න 12.30 නිකුත් කිරීමටද නියමිතය.

ඉන්දීය අගමැතිවරයා හමුවීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරවරු 10ට එරට විදේශ අමාත්‍යවරිය සුෂ්මා ස්වරාජ් මහත්මියද හමුවුවාය.

ඉන්දියා රාෂ්ට්‍රපති භවන් හිදී වික්‍රමසිංහ මහතා ප්‍රනාබ් මුකර්ජි ඉන්දියා ජනපති අද (15) හමුවීමට නියමිතය. ඉන්දියා මුදල් ඇමැති හරූන් ජයිට්ලි, මහාමාර්ග හා නාවික ඇමැති  නිතින් ගද්කාර්, බලශක්ති ඇමැති පියුෂ් ගොයාල් යන පිරිස ඇතුළු තවත් ඉන්දීය මැති ඇමැතින් පිරිසක් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

 

lanka-pm-india-pti_2015915650x400_41442244425

PM_2015915edited-1 PM_2015915Edited

PM_2015915CO7FX92UsAAFgcg

Pmranil_2015915AAFXT9

(ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි)