
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය.
"අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි. දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත් වෙනවා" යැයි බෙලිඅත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්රීපාලගේ සහයෝගය විජේදාස රාජපක්ශට කියලා මුලින් කිව්වේ. ඊට පස්සේ දැක්කා මෙයා වෙන කාටද සහයෝගය දෙන්න යනවා කියලා. විජේදාස රාජපක්ෂ කියලා තිබුනා මෙයාගේ සහයෝගය තිබුනොත් ගන්නවා නැතිවුනත් කමක් නෑ කියලා. දැන් ඉතින් ආපහු රෙදි ඇඳන් විජයදාස ගාවට යාවිද? විජේදාස රෙදි ඇඳන් මෙයාව කිට්ටු කරගනීවිද. පුදුම කොන්දක් නැති මනුස්සයෙක් මේ මයිත්රිපාල. කොහොම නෝනා එක්ක එක දිගට හිටියාද මන්දා, වෙන එවුන්ට සහයෝගය නොදී.
දැන් නම් එයා ග්‍රාම සේවක තනතුරටවත් සුදුසු නෑ.
ඉල්ලන් කාලා. දැන් ඉතින් කොහේටවත් නෑ!
කවුද මයිත්රිපාල ජනාධිපති කළේ? දුරදක්නා නුවණට එදා මොකද වුනේ? කුමන්ත්රණකාරී ලෙස මොහු යොදාගෙන බලයෙන් පහ කළේ කවුද? එය සාධාරණීකරණය කළ හැකිද? වැරැදි පුද්ගලයෙක් සමඟ එක්වී රට වැරැදි දිශාවට ගමන් කරවීමෙන් සිදු වුණු හානියේ දිග පළල දන්නවාද...?
මෛත්‍රී රනිල් ගාවට යන්න පිස්සුද? ඒ මනුස්සයා ප්‍රතිපත්ති රකින දේශපාලකයෙක්. ඔබලා වගේ බට්ටා පණින මනුස්සයෙක් නෙවෙයි. මේ පාර මෛත්‍රී සහයෝගය දක්වන අපේක්ෂකයා තමයි මීළඟ ජනාධිපති වන්නේ. උකුසු ප්‍රහාරය මතක නම් අමරවීර ඔයා මේ වගේ බංකොලොත් ප්‍රකාශ කරන්නේ නෑ.
ඔය විසකුරු පොළඟා විලිලැජ්ජා ඇති කෙනෙක් නෙවෙයි. හොඳ වැඩේ ඔය මනුස්සයා බලුවෙලා ඉන්න හැටි දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ...!
දුර දක්නා නුවනින් බලල පත් කරගත් පොදු අපේක්ෂකයා නේද මේ. දෙන්නත් එක්ක හවුලේ රට කෑවා 2015-2018 වෙනකම් . මහ බැංකු මංකොල්ලේ ගැන කියන්න එපා කියල තියෙද්දිත් ඒක මේ යකා හැමතැනම කියෙව්වා එකේ තරහ තියෙන්නෙ තාම.
පව් හිටන්...!
මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක්. සරල නායකයෙක්. බොරු පිම්බිළි නැති නිහතමානී මිනිසා. රනිල් වගේ හොරෙක් ළඟට යන්න ඔහුට අවශ්‍ය නෑ. මහබැංකුවත් කොල්ල කාලා පාස්කු බෝම්බෙන් මෛත්‍රීව එළවලාම දැම්මේ රනිල් තමයි. කළු සුද්දන් රජකරවන රදළයින්...
ආප්ප කාලා අනික් පැත්ත පැනලා, ජනාධිපති වෙච්චි හිටන් අන්තිමට මහින්දයාට පස්ස දොරින් අගමැතිකම පුදලා කරපු වින්නැහිය රනිල්ට මතක ඇති...