(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනු ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යන දිනය මෙතෙක් හරියටම ප්‍රකාශ කර නැතත් මේ මාසය ඇතුළත එය සිදුවනු ඇතැයි කී විජයවර්ධන මහතා වර්තමානයේ රට මුහුණ දෙන අර්බුද වලට පිළිතුරු සෙවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වැනි පරිණත නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව ද සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ මතය වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට යායුතු බව යැයිද විජයවර්ධන මහතා සඳහන් කරයි.
ගම්පහ රෝහලේ අලුතින් ඉදිකෙරෙන කොරෝනා ඒකකය සඳහා ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිය පෞද්ගලික මුදල් පරිත්‍යාග කිරීම සඳහා පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනානායක මැතිතුමා එයි මේ කතාව අහලා. මේ ලෝක ලැජ්ජාවක් තියෙනවා නම් රනිල් බෝනස් ආසනයට පාර්ලිමේන්තු එයිද? එජාපය එක නැත්තට නැති කරලා දින්නා සජිත්ට නායකත්වය නොදී... හතුරුකම් කරලා එජාපයට කරපු අපරාදයට සහ ගහනවා. අනික රනිල් කොළඹ ඉහළම මනාප ගත්තේ ප්‍රේමදාස මහත්තයගේ බලකොටුව වන කොළඹ ඡන්ද පදනම තනිකරම මන්කොල්ල කාලා... සජිත් ගියපාර ඡන්දෙදී ඒ මනාප ඔක්කෝම කොළඹින් අරන් ඉහළම මනාප ගන්න කොට රනිල් නිකම්ම පැරදුණා. පාර්ලිමේන්තු අැවිල්ලා දැන් කරන්න හදන්නේ සජිත්ටත් කෙලලා එජාපය එකත් නැනැත්තට නැතිකරන්න හදන්නේ... රටට හෙනයක්...!!!
මෙයා එන්නෙම ජනතාව අතර සීඝ්රයෙන් පිරිහෙන රාජපක්ෂලාට මුක්කුවක් ගහන්න. විපක්ෂය කොටස්වලට කඩලා රාජපක්ෂලා ශක්තිමත් කරන එක තමයි අරමුණ...
එහෙනම් රට තවත් ඉවරයි? මේක අනාවැකියක්...
මෙතුමා වැනි උගත් දේශපාලන අත්දැකීම් හා පලපුරුදු මෙන්ම වැදගත් හා අර්ථවත් ආකාරයට පාර්ලිමේන්තුව භාවිතා කරන පුද්ගලයන් විතරක්ම පාර්ලිමේන්තු පත්කල යුතුයි. එය දැන් මිනිස්සු හොඳටම අත්දකිනවා. මෙතුමාට ඩීල් දානවා කියලා චෝදනා එල්ල කරන අයට මතක නෑ.. මෙතුමා ආණ්ඩුව අවුරුදු 4 1/2 ක් ගෙනිච්චේ ඩීල් දාන ජනාධිපති කෙනෙක්, නියෝජ්‍ය නායකයෙක් හා පාර්ලිමේන්තු ආසන 106ක් අතේ තියාගෙන බව. අනික එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියට අනුකූලව කටයුතු කළ නිසා එම කටයුතුවලට මැදිහත් වුනේ නෑ. එතුමා කාටවත් මඩ ගහන්න හෝ අපහාස කිරීමට තම දේශපාලන බලය පාවිච්චි නොකර තම ආර්ථික දැක්ම සමාජගත කිරීම සඳහා වෙහෙසෙනවා... එයයි අප සැබෑ දේශපාලන නායකත්වයකින් බලාපොරොත්තු විය යුත්තේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙකි. නමුත් මේ අවස්ථාව සහ වර්තමාන රජයට තව අවස්ථාව ලබාදී සිටීමට හැකිනම් එතුමාව ඉල්ලන දවස වැඩි ඈතක නොවේ. එපමණක් නොව එතුමාට අලුත් කණ්ඩායමක් අවශ්‍ය වේ.. රටට වෙනසක් පෙන්විය යුතුව ඇත..
ලැජ්ජා නැද්ද?
පිනා නොහොත් පින්මන්ත්රී. මහබැංකුහොරා මන්ත්‍රී වරප්‍රසාද යටතේ වසර 3කට සැඟ වූ වගයි...
විපක්ෂයට ඔබ ඉතා පරිණත නායකයෙක්... අනිවාර්යයෙන් ඔබගේ පැරැණි සගයින්ගේ සහයෝගයෙන් ඔබ නැවතත් විපක්ෂනායක වනු නියතයි. එයට අවශ්‍ය වන්නේ කාලය පමණයි.. පාරම්පරික විපක්ෂ කණ්ඩායමේ හදවතේ නායකයාද ඔබමයි....
රටේ අගමැති විදිහට හිටපු කෙනෙක් මේ වගේ පච වීම කියන්නේ නායකත්වයේ ප්‍රශ්නයක්.... ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඉවරයි කියලා නේද?
සජිත් ඉවරයි, අනුරට සතුටුයි.
පින් ගොනා හැරෙනකොට අපි දන්නවා මොකටද කියලා? ලැජ්ජා නැති කමත් අගමැති කමට වඩා ලොකුයිලු...
කළදුටු කළ වල ඉහගන්න... සූත්තර පුංචා... නැවත හමුවෙමු..!!!
මේ අයගේ නොහැකියාවේ සහ අසමත්වීමේ අංකයට..., රට ණයකර ඇති අංකයට සමාන වේ...
පිනාගේ කට්ටිය අකැමැත්ත දාලා තියෙන තරමක්... ඒ කට්ටිය ගියපාර පිනට කතිරෙ ගැහුවා නම් පිනා ගොඩ...
පොහොට්ටුවේ කමෙන්ට් කණ්ඩායම හොඳට කමෙන්ට් කරලා. ටික දෙනෙක් ලයික් කරලා. කන්න දීපු අත හපා කෑවා කියලා තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි. දැන් පස්ස උලාගනිල්ලා. රනිල්ට වරද්දන්න ගිහින් ඒ අයටම වැරැදිලා දැන් තියෙන්නේ. මේවා තේරුම් ගන්න මොලයක් නැතිව බැහැ. මෝඩයන්ට මේ දූපත දීලා මෝඩයෝම රැළක් උගත් මිනිස්සු කණ්ඩායමකට කඩේ යන හැටි දැක්කාම පිස්සු හැදෙනවා.