පැපිලියාන හන්දියේ ඉදිකැර ඇති තොරණ හා බත් දන්සල එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි අනෝමා ගමගේ මහත්මිය ද ඊට එක් වුහ.
පැපිලියාන හන්දියේ ඉදිකැර ඇති තොරණ හා බත් දන්සල එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි අනෝමා ගමගේ මහත්මිය ද ඊට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ ජයන්ත, ඔබ වගේ සුළු පිරිසකට ආණ්ඩුවෙන් ප්‍රයෝජන ඇති ,නමුත් මේ රට අපේ රට. කොමිස් ගහ ගන්න කරන සංවර්ධනයයි,ඇත්ත සංවර්ධනයයි අතර වෙනසක් තියෙනවා.ඔබ ඉතාලියේ නිසා ඔබට ඒවා දැනෙන්නේ නැතුව ඇති. රනිල් කතා කරන්නේ මොළයට, හදවතට නෙවෙයි. (ස)
කන්න නැති අයට වසරකට වරක් වත් කන්න දෙන එක ලොකු පිනක්. රනිල් මහතාට පින් අනුමෝදන්,වෙන්නට ඕනේ මේවාට. මෙතන සෙනග ටිකක් ඉන්න නිසා දේශනයකුත් තිබ්බ නම් වටිනවා . (ස)
රට සවාරිය ඉවර වෙලා එනකම්ම හිටිය නේද ?.මට කිව්ව නම් මම බත් බෙදල තොරණත් වීවෘත කරනවනේ . (ස)
ජාතික ගීයට අත්පුඩි ගහපු රනිල්. (ස)
සමහරුන් ට අනිත් උදවිය මොනවා කලත් වැරදියි. හරියට තමන් අංග සම්පූරණ අයවලුන් වගේ. රනිල් නෙවෙයි කවුරු වුනත් හොඳ වැඩක් කලොත් හොඳයි කියන්න හරිම අමාරුයි. උපහාස අපහාස තමන්ටත් කැරකිලා එන්න ඉඩ තියනවා. අපි කවුරුත් අමරණීය නැහැනේ. (මුදී)
දන්සලේ බත් බෙදුවට කමක් නැ....!! ඇමරිකාවට ගිහින් ඇවිත් අපේ රට ශ්‍රීලංකාව නම් බෙදන්න එපා..!! (ස)
එහෙනම් මෙයත් මහින්දගෙන් දන්සැල් ට්‍රික් එකත් ඉගෙනගෙන වගේ.ඕක හොඳ බලය ලබා ගන්න නොවෙයි. ලැබුන බලය රැක ගන්න. (ස)
ඔතන රනිල් කරපු දෙයක් නෑ. දයා ගමගේ එයාගේ සල්ලි වලින් කරපු වැඩේ. පින් දෙන්න ඕනේ දයාට. (ස)
අදහස් දාන්න කලින් මොහොතක් හිතන්න. මේ දානයවත් සෙනසීමෙන් එයාට බෙදන්න ඉඩ සලසා දෙන්න.(ස)
රනිල් මහතා සමහරු වගේ කොමිස්කාරයෙක් නෙමේ. හොඳ අවංක කෙනෙක්. (මුදී)
අනේ සාදු, උතුම් වෙසක් පෝ දවසේ සැමටම ආසිරි පතන්නේ (ස)
මම හිතාගෙන හිටියේ මම විතරයි රනිල් මහත්තයාට කැමති කියලා. බලනකොට තවත් අය ඉන්වානේ. ඒ ගැන සතුටුයි. මිලානෝ පිටිගල ඔය අදහස ලංකාවේ ඉඳලා කිව්වනම් මොකද? බටහිරට ගැති රටක සැප විඳින ගමන් දාලා තියෙන අදහසින් පේනවා තියෙන ගැතිකම.(මුදී)
රනිල්ගේ අගය අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ.රනිල්ට රඟපාන්න බැහැ,බොරු කියන්න බැහැ. ඕක තමයි වැරැද්ද... (නි)
ඉතාම වටිනා ක්‍රියාවක් ඔබතුමා මීට සම්බන්ධ වීම.. (නි)
රනිල් මහත්තයා කියන්නේ අවංක, ජනහිතකාමී නායකයෙක්. (නි)
අපේ රටේ සිටින පිරිසිදු බොදු නායකයාණනි, කැසිනෝ රකුසාගෙන් රට බේරාගැනීමේ එකම ජනතා පැතුම ඔබයි (නි)
ඇත්තෙන්ම අවංක පුද්ගලයෙක්. (නි)
රනිල් කියන්නේ කවදත් සාමාන්‍ය මිනිස්සු සමඟ සිටි නායකයෙක් (නි)
දන්සලේ බත් බෙදුව එකත් ලොකු වරදක් කළා වගේනේ සසහර අයගේ අදහස්.කවදාද හොඳ දේට හොඳයි කිවුවේ හදවතින්, අපේ අය? (නි)
ඔය බත් දැන්සලේ බත් දානය දෙනවා වාගේම, පක්ෂ නායකත්වයත් අලුත් කෙනෙකුට දන් දෙනවා නම්, අපිට ලංකාවේ ලොකු වෙනසක් දකින්නටත්, අලුත් මහජන රජයක් දකින්නටත් වරම් ලැබෙනවා (නි)
මම රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝායුෂ පතනවා! (නි)
හොද වැඩක්. හොද දේ හොදයි කියන්න ඕන නේ (දී)
දිලානි,රනිල් ගැන ඔයා කියනකතාව හරි. මම කලින් අදහස් වල ලියා ඇති පරිදි මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ.නමුත් මම කතාකලේ යතාර්ථය.2002න් පස්සෙ කාලවකවානුවල ඔබ ජීවත්ව සිටියානම් නියම සින්හලයන්ට අත් වුන මානසික ආතතියගැනයි .නෙවත රටවල් දෙකක්..යන සන්කල්පය අතිවුනොත්..?ඔයාල වගෙ අය පරදේසීකයන්ට ගැතිවී ඔවුන්ගෙ රූකඩ වෙන්න කැමති වුනත්, මටනම් අමාරු දෙයක් මම මෙහෙට රැකියාවට ආවේ කලින් රට පාලනය කරපු සියල්ලෝම රටේ සම්පත් විකුනල රටෙ විරැකියාව ඇතිකලනිසය් නැතිව මේ අයට ගැතිවෙන්න නෙමෙ(දී)
මේ දන්සල සහ තොරණ කටයුතු සඳහා සම්පුර්ණ බරපැන දරන ලද අයට මෙම කුසල් බලයෙන් මහත් ඵල මහානිසංස ලැබේවා!!! (නි)
මිතිල, හැබැයි ඔයා කියපු නැති, ඒත් එයාට කරන්න පුළුවන් ඒවා ගොඩකුත් තිබෙනවා. (නි)
අපේ රටේ ඇතැම් අනුවණ මිනිසුන් විසින් අපහාස, උපහාස වලට ලක් කළ, එමෙන්ම ඒවාට උරණ වී පළිගැනීම් නොකළ එකම ශ්‍රේෂ්ඨ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.ඔහුගේ දේශනවලට සවන් නොදීමේ ප්‍රතිපල තමයි අපි අද ඕනෑවටත් වඩා භුක්ති විඳින්නේ. (නි)
අදහස් වලින්ම තේරෙනවා අපේ රටේ ඉන්න මිනිසුන් සිතන පතන ආකාරය.... (නි)
රනිල් කියන්නේ පිරිසිදු චරිතයක් ඇති නායකයෙක්. (නි)
අතිගරු ජනපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස සැමදා එක්වී සිටිනවා නම් අපි කැමතියි (නි)
මේ සමගිය තමයි අපි කවදත් බලාපොරොත්තු වුණේ (නි)
අපේ විපක්ෂ නායකතුමාට ජය වේවා! (නි)
නාලක බස්නායක, තමන් විසින් සියලු පිරිවැය දරා දන්සැලක් දුන්නා නම් ඒක ලොකු පිනක් වේවි (නි)
බිත්තර දාලා රනිල් මහතාව නොදැනුවත්ව ම ගැටේකට අහුකරලා මට හිතෙන්නේ. (ස)
මම හිතන්නේ මිතිල කියන අදහස හරි.කොහොම වුණත් හැමෝම එකතුවෙලා රට නිවැරදි මාවතකට රැගෙන යන එක තමයි කරන්න ඕනෑ (නි)
රනිල් කියන්නේ පිරිසිදු චරිතයක් ඇති නායකයෙක් බව මමත් පිළිගන්නවා (නි)
මම කවදත් ගරුකරන ජන නායකයෙක් (නි)
පුන් පොහෝ දිනයේ කළ උතුම් ක්‍රියාවක්.පින් අනුමෝදන් වේවා! නමුත් කවුරු ආණ්ඩුව කළත් අපේ ශක්තියෙනුයි අපි කන්නේ බොන්නේ. ඔන්න ඕකයි තිත්ත ඇත්ත දරුවනේ. (නි)
මේ කාලය නියම මින්සුන්ට වටිනාකමක් නොලැබෙන කාලයක්. රනිල් රඟපාන හෝ අනුකරණය කරන අයෙක් නෙමෙයි.රටේ ආර්ථිකය හා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම නැත්තෙක්ද නොවේ.ඔහුට නැති, අන් අයට ඇති එකම දෙය නම් රැවටීමේ හැකියාවයි. (නි)
කරුණාරත්න ,සල්ලි දීලා පාරවල් පාවිචිචි කරන එකම රට ලංකාව කිවුවම ඔයාගෙ සාමාන්‍ය දැනීම අගේට මැනගන්න පුලුවන්.ලෝකයේ අනෙක් රටවල අධිවේගී මාර්ග පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දැනගන්න පිටරටවලට යන්න ඕනෑම නැහැ.අන්තර්ජාලය පරිහරණය කරන ඔබත් ඒක නොදන්නවා කිවුවම ළිඳේ ඉන්න ගෙම්බන්ටත් ඒක ලැජ්ජාවක්. (නි)
අල්විස් මහත්තයා ඒක ඇත්තටමද කිවුවේ? (නි)
මම සැමදා ගරුකරන උතුම් පුද්ගලයෙක්. ඔහුගේ හොර බොරු නැහැ (නි)
ඔබතුමා සැබවින්ම අපට ශක්තියක් (නි)
දන්සල් වලට නම් දේශපාලනය සම්බන්ධ කරගන්නවාට මම කැමති නැහැ (නි)
මිලානෝ ජයන්ත,කෙනෙකුගේ ප්‍රතිරූපය කාටවත් ගොඩනඟන්න බැහැ. එය නිසර්ගයෙන්ම එකී පුද්ගලයා තුළ ගොඩනැඟෙන දෙයක්. අපි එතරම් කුහක වෙන්නට හොඳ නැහැ. (නි)
දන්සලක් දීම කියන්නේ විශාල මුදලක් වැයවන නමුත් ඒ හා සමානවම විශාල පිනක් ලබාගත හැකි කාර්යයක් (නි)
කොහොමත් රනිල් මහත්තයා සැමදාම සිටියේ ජනතාව සමඟයි (නි)
රනිල් අවොත් අලුත් පාරවල් වල නොමිලේ යන්න පුළුවන්,සල්ලි ගෙවල පාරේ යන එකම රට අපේ රට. (ස) මැරයෝ කුඩු මුදලාලිලා සොයාගන්න බැ
නාලක බස්නායක, කන්න නැති කෙනෙකුට බත් ටිකක් දීම හොඳයි. එක බුධාගමේ හැටියට පිණක්. අනුන්ගේ වියදමින් තමන් දෙන දානයෙන් සිදුවන පිණක් තියෙයිද.? අනික මෙතන ඉන්න අයට කන්න නැති මිනිස්සු කියල කියන එක හරිද..? (ස)
අම්මපා මේ දන්සල ගැන හරියට මුලින් දැනගත්තේ නැහැනේ.නැත්නම් වෙසක් දවසේ හොඳ රසට බත් ටිකක් කාලා එනවා දෙයිනේ කියලා (නි)
නායකයකු සතු විය යුතු අභ්‍යන්තර මෙන්ම බාහිර පෞරුෂය ඔහුට තියෙනවා. ඉවසීමේ සබෑ බොදු ගුණයත් ඇති කෙනෙක්. (ස)
මෙතුමා කොහොමත් හොඳ සමාජ සේවකයෙක් (නි)
මිලානෝ ජයන්ත කවදා ඉඳලද ලොක්කෙක් වුණේ? මිලානෝ වල ඉන්න පරිඝණක චණ්ඩියෙක් වගෙයි පෙනෙන්නේ. (නි)
සල්ලි දීල පාරේ යන එකම රට ලංකාව අනේ රනිල් මහත්තයෝ එක නැති කරන්න.කුඩු කාරයෝ ස්ත්‍රී දුෂකයෝ, නැති කරන්න.ඔබට පින්. (ස)
මේ නායකයාගේ අගේ තේරෙන්නෙ පස්සෙ. (ස)
සුලු අඩුපාඩු තිබුනත් සත පහක්වත් හොරකම් කරලා නැහැ. (ස)
අන්න මහත්යටම හරියන රස්සාව. (ස)
පුර්ණගේ අදහස මාත් අනුමත කරනවා. (නි)
අදහස් දාල තියන අය දිහා බලපුවම ඉතා පැහැදිලි වෙන දෙයක් තමයි රනිල් මහත්තයාගෙ ප්‍රතිරූපය ගොඩනැගීම ඒ අයගෙ උවමනාව බව. නමුත් මේ අය අලුත උපන් අය වගෙ. රටක ස්වාධීනත්වය හා තම මවුබිම කෙරෙහි දක්වන අසීමිත ආදරය ගැන උකුණු මොළයක තරම් දැනීමක් නෑ. රනිල් අාවොත් හොඳයි. හැබැයි බටහිර අය අප පිට තබන වියගහට කරත්තය තියන්නත් ලෙස්ති වෙමු. (ස)
රනිල් මහත්තයාගේ ගේ අගය අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. (නදී)
රනිල් මහත්තයෝ ඔබ තුමා බුද්ධිමතෙක් ,බුද්ධිමත්ව කටයුතු කරන්න ,අපි කෙසේ හෝ අපගේ ආණ්ඩුවක් පිහිටවමු, ලංකාවේ දුෂණ ,අක්‍රමිකතා දුරලමු,ඉන්දියාවත් වුනේ මේකමයි. (ස)
මිලානෝ ජයන්තගේ අදහසින්ම පේනවා ඔහුගේ ඔලුවේ උකුණෝ වහල ඉන්න තරම. උකුනන්ගේ මොළේ ඇත්තෙම නැති බව පේනවා දල තියන අදහසින්ම. (ස)