එක්සත් ජාතික පක්ෂයේ පෙළපාළියක දී මාතර දී ප්‍රහාරයට ලක් වූ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මහතා බැලීමට පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල කරාපිටිය රෝහලට අද උදේ ගියේය.
හිටපු මන්ත්‍රී වජිත අබේවර්ධන මහතා ද වික්‍රමසිංහ මහතා සමග රෝහලට ගොස් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රතිචාර බැලුවම සෑහෙන පිරිසක් රනිල් මහත්තයාට කැමතියි වගේ.ඇයි අනේ ඡන්දෙදි එහෙම නෙවෙන්නෙ.? (ස)
සජිත් තාත්ත වැඩ කලේ හොද ඉවසීමක් ඇතිව ඔබට කල් තියනවා නායකකම ගන්න ඔබට තව වැඩ කරන්න තියනවා රට තාත්ත හොදට වැඩ කරලා ජනතාව එක්ක ඉදල තමයි රට ගොඩ නැගුවේ වෙලාව එඅනවා ඉවසන්න !!.(නදී)
හැට හැත්තෑ ගණන් වල අපේ ජාතියට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකකමත් නැති වුණා මතකද? ඒ අඩුව තාම මකාගන්න බැහැ.නැවත ඒ තත්වයට රට පත් නොකර රනිල් ඔහොම ඉන්න එක ලොකු සේවයක්... (නි)
ඔන්න නායකතුමා රෝගීන් බලන්න ආවා. එතකොට කෝ මේ සජිත් මහත්තයා..(නදී)
මොලේ තමයි මොලේ.(නදී)
රනිල්ගේ බුද්ධියේ මහිමය ගැන විමසන්න විදේශ නායකයන්ගෙන්. මෙහි අයට එය තේරෙන්නේ නැත.(නදී)
දෙවෙනි වතාවටත් පාක්ෂිකයන්ට ගැහුවා එහෙනම් ...? (නි)
හරි දැන් තමා හොඳම. රනිල් එක්ක හැමදාම ඉන්නකෝ. ආයෙත් ඡන්දෙ තියනවනේ. අපිත් කැපුවත් කොළ කියාගෙන හිටිය අය තමා. ඒත් දන්න එක්කෙනෙකුට නම් ආයේ ඡන්දෙ දන්න දෙන්නේ නැහැ. (නි)
රනිල්ගේ බුද්ධියේ මහිමය හොදින්ම පෙනෙනවා. මැතිවරණ විසි ගණනක් පරාදයිලු නේද? (නි)
මෙයා කැපුවත් කොලද ?.(නදී)
රනිල් වික්‍රමසිංහ මහතාට ජයවේවා . ඔබ වෙනි මහත්මා ගුණ තිබෙන කෙනෙක් එජාපයේ තවත් නොමැත. දිර්ගායුෂ සහ තවත් දිගු කලක් පක්ෂයේ නායක කමත් ඔබට ලේබෙවා .(නදී)
සජී ගේ තාත්ත හීන් නුල් කාරයෙක් .(නදී)
රනිල් කියන්නේ අතට ගත්ත දේ කටේ දාගන්න වාසනාවක් නැති කෙනෙක් බව හැමෝම කියනවා.දැන්වත් වෙන කෙනෙකුට නායකකම බාර දීලා ඉවත් වෙනවා නම් හොදයි. (නි)
මේ කරාපිටිය රෝහලද ? පුද්ගලික රෝහලක් වගේ නේ.එතකොට අනික් තුවාලකාරයන් බලන්න ගියේ නැද්ද? (නි)
චිරාත් කාලයක් එතුමා වැජබේවා, කෙසේ උනත් නායකයා නියම නායකයා එතුමා තමයි.(නදී)
සමාවෙන්න අශාන්, මට ගොඩක් කාලෙකින් ලංකාවේ ඡන්දෙ දාන්න ලැබුනේ නැහැ. ඒත් ඉදිරියටවත් ඔයාල වගේ බුද්ධිමත් ඡන්ද දායකයෝ බිහිවේවා කියල ප්‍රර්ථනා කරනවා. හැබැයි පිටබැද්දර ජයා කියල තියෙන අශ්ව රේස් කතාව චුට්ටක් කියවන්න වටිනවා !(නදී)
රනිල් ඇත්තටම හොරෙක්, පටු ජාති වාදියෙක් නෙමේ, ඒත් ජනතාව ඉල්ලන දේ දෙන්ඩ දන්නේ නැති නායකයෙක්, අපි හොඳටම දන්නවා රනිල් අවංක, හොර ,බොරු නැති නායකයෙක් කියා. ඒත් එතුමා ගමේ පන්සලකට ආදාර නොදෙනවානම් ගොවියාට අවශ්‍ය දේ නොදෙනවානම් එංගලන්තේ මහා රැජිනට ඕන දේ දුන්නට මෙහෙ ඡන්දෙ දිනන්ඩ බැහැ. මෙහෙ ඡන්දෙ දිනන්ඩ හොර සුත්තර, මැරකම්, ඇතුළු රජයේ දී බෙදා දෙන්ඩ පුළුවන් මිනිහෙක් වෙන්ඩ ඕනා. මතකද 1970 නුඩ්ල්ස් කමු කිව්වලු හල නිකම් දෙන්ඩ බැහැ කියලා. මැතිනි කිව්වලු හැන්දෙන් හරි ගෙනල්ලා දෙනවා කියලා කවුද දිනුවේ. යු.එන්.පී එකට හොඳ නායක මණ්ඩලයක් ඕනා. රනිලුත්,සජිත්,කරු, සහ දෙමල අයෙක් එහි ඇතුලත් වෙනඩ ඕනා එහි සභාපති කම කරුට දෙමු. රනිල් ප්‍රදාන උපදේසක, සජිත් උප සබාපති සහ ජාතික සංවිදායක කරමු. රටේ දැන් ඉල්ලීම සජිත්.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තුංග ලක්ෂණයක් විපක්ෂ නායක දුරය. ඉතින් ජනතාව පාරට බස්සන්නේ නැතිව ලොක්කෝ ටික එකතුවෙලා මේක බේර ගන්නකෝ. පරාද වෙන්නේ නායකයාගේ වැරදි නම නෙවෙයි. ඉතිහාසය ජනතාවට මතත නිසා. කවුරු හරි හිතනවා නම් ජනතාවට ඉතිහාසය අමතක කරවලා බලය ගන්න ඒක පහසු වෙන්නේ නැහැ. මේවා තමන්ගේ අතට විපක්ෂ නායක කම ගන්න අහිංසක මිනිස්සු මිනිස්සු කුපිත කිරීමක් දැන් තුවාල වෙච්ච සාමාන්‍ය අය බලන්න කෙනෙක් නැහැ.(නදී)
අපේ බදු මුදල් වලින් දේශපාලන තුවාලකරැවන්ට බෙහෙත් කරනවාට මුදල් අය කර ගත යුතුයි.(නදී)
මානව හිමිකම් , ප්‍රදචන්ත්‍රවාදය , මර්දනය , මැර බලය , එකදිපති වාදය යන එකී නොකී සියලු දේ ගැන කතා කරන විපක්ෂය මාතරදී හැසිරුණ විදිය මුළු රටම දැක්කා..(නදී)
බැරි ද නිකන් අපි ඔක්කොම රජවරු ඔකොම වැසියෝ කියලවත් සමගි සාමාදාන වෙන්න..(නදී)
සරසවි, පක්ෂ, විපක්ෂ සහ අනෙකුත් සංවිදාන ඔය කිලෝමිටෙර් දහස් ගණන් දුර පෙළපාලි යන එක නවතාලා පුරන් වෙච්චි කුබුරු ටික කෙටුවා නම් මුළු රටටම ප්‍රයෝජනයක් වෙනවා.....(නදී)
රනිල් බුද්ධිමත් කියල පෙන්නේ ඒ මට්ටමේ බුද්ධියක් තියෙන අයට. එච්චර ගණන් ගන්න එපා. ඡන්ද රැස්වීමකට ගියහම ඒක තේරෙනවා.(නදී)
එකී නෙකා අතර හොද ගරු කිරීමක් තියෙන්න ඕනි පක්ෂය ගොඩ ගන්න. පිල් හදාගෙන කල්ලි ගහලා කවදාවත් දිනන්න බැහැහොද කණ්ඩායමක් හදන්න රනිල් මහත්තයා වටේ ඉදල පක්ෂය දිනවන්න උගත් බුද්දිමත් මිනිස්සු වැඩ කරන්නේ මෙහෙමද ? නුගත් මින්ස්සු වගේ ගහගෙන මරාගෙන ඡන්ද දිනන්න දැන් බැහැ සමගිය නිහත මානිකම තියෙන්න ඕනි ජනතාව බලනින්නේ මොකද වෙන්නේ කියල එකතු වෙන්න හරියට දැනෙන්න වැඩක් කරන්න රනිල් කියනේ වැඩක් කරන්න පුලුවන් ලෝකෙත් එක්ක වැඩ කරන්න දක්ෂ පුත්ගලයෙක් . ලංකාවේ අවාසනාවට ඒ දේ ලැබුනේ නැහැ විදිමත් වැඩපිලිවල්ක් හදල රට ගොඩ ගන්න එකතු වෙන්න අතීතය අමතක කරලා දන වාදීව හිතන්න .(නදී)
ගමගේ, ඔබ හරි. මම හිතන්නෙත් ඒ දේ වෙන්න ඕනෑ (නි)
කාටද ? රිදුනේ කාටද දැන් වැදුනේ මෝඩ වැඩ ජනතාව කබලෙන් ලිපට (අ)
කුසුම්, ඔය කියන සැබෑ නායකයන් කීප දෙනෙකුගේ නම් කියන්නකෝ. (අ)
ජනාධිපති වුන පලියට නායකයෙක් වෙන්න බැහැ.(නදී)
ආණ්ඩුවට බැන බැන මහින්ද මහත්තයාගේ අදිවේගී පාරෙන්ම එන්න ඇති.. .(නදී)
පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ලංකා දේශපාලනයේ ගෞරව උපාධියක් ලබා ගත්තා වගේ තමයි මේ සිද්ධිය..(නදී)
ඇත්තටම මෙතන ගොඩක් අය දාආ තියන අදහස් එක්ක මමත් එකග වෙනවා.මේ රටට දෙෂ්ප්‍රේමය පෙන්නලා රටට වින කරන අනිත් අයට වැඩිය රනිල් කියන්නේ පිරිසිදු, බුද්ධිමත් නායකයෙක් (නි)
රනිල් කියන්නේ හොද බුද්දිමත් නායකයෙක්. එතුමාට වැඩක් කරන්න පුළුවන් අපි ඒ දේ බුද්ධිමත්ව හිතන්න ඕනා. එතුමා දන්නවා ලෝකෙත් එක්ක වැඩ කරන්න සජිත්ට තව කල් තියනවා ඔය තැනට එන්න හැමදෙනාම එකමුතුවෙන් වැඩකරන්න පක්ෂය දිනවන්න.(නදී)
මේ වැටිලා තියන රට ගොඩ ගන්න පලුවන් රනිල්ට පමණයි. හරි දේ කරන කරනදේ කියන එකම නායකයා රනිල් විතරයි. බොරු ජාතිවාදය අවුස්සලා පටු දේශපාලන වාසි මෙතුමා ගන්නේ නැහැ හොරකම නැහැ අවංක නායකයා රනිල් ඔබට මේ රට ගොඩ ගන්න පලුවන්.(නදී)
මෙයට රත්තරන් කියන්නේ පොඩිකාලේ ගෙදරට කියපු නම නිසා මේ මල කඩපු කෙනෙක් නෙමෙයි..(නදී)
මේ රට නය කරලා තියෙන්නේ ඉතින් කොහොමද ගොඩ ගන්නේ. මේ මොහොතේ මෙතුමාගේ නායකත්වය රටට අවශයයි. දේශපාලනය හරියට දන්නා උගත් බුද්දිමත් එකම නායකයා රනිල්. එතුමාට වැඩක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා ඉතින් ඒකට ඉඩ දෙන්න ඕනා.(නදී)
මේ රත්තරන්, පොලු මුගුරු අරන් මාතරට ගියේ මොකටද කියලා අපි අහනවා කියලත් හිතුවද? (නි)
අනේ මන්දා! (නි)
රනිල් මහතා වට්ටන්න තමයි මේ සේරම දගලන්නේ. නායකයෙක් කියල ඉතිරි වෙලා ඉන්නේ එතුමා විතරයි. හීන් සැරේ ගියත්, නිස්සබ්දව හිටියත්, රනිල් මහා ශක්තිමත් නායකයෙක්. අවුරුදු 30-40 ක මනා දේසපාලන අත්දැකීම් ඇති ලොව පිළිගත් නායකයා..(නදී)
රනිල් මහත්තයට තියෙන්නේ දේසපාලනේට සමුදෙන්න (අ)
අනේ රනිල් මහත්තයෝ, පේනවා නේද ඔය නිසා වෙලා තියෙන දේ. දැන්වත් අයින් වෙන්නකෝ. (අ)
තව ඉන්න වගෙයි කල්පනාව. (නි)
අනේ අපොයි! නායකතුමාට ඉන්න පාක්ෂිකයෝ ටික? (නි)
රනිල්ට බැරිද අර විල්ගමුවේ පුංචි හපනට උදවුවක් කරන්න? (නි)
මහත්තයෝ දැන්වත් අයින් වෙන්නකෝ (නි)
රනිල් යනු මහත්මයකි . බලයට වඩා මානුෂික පැත්ත බලන උගත් කෙනෙකි . චන්දයෙන් දිනුවේ නැහැ කියා ඔහුව බලයෙන් පැන්නීම . පක්ෂය බිෂණයට ලක් කිරීමකි .(නදී)
රනිල් මහත්තයත් එක්ක එකතුවෙලා වෙලා හැමෝම සමගියෙන් එක්සත් ජාතික පක්ෂය හදන්න බල්ලන්න එතුමාගේ හරිම බුද්දිමත් ලෝකෙත් එක්ක වැඩකරන්න දන්නේ රනිල් මහත්තයා විතරයි. හැම බලවත් රටක්ම එතුමා එක්ක එකතුයි. ඕක තමයි අවශ්‍යතාවේ අපි ඉදිරියට යන්න නම් හැම රටක් එක්කම සහයෝගෙන් වැඩකරන්න ඕනා. හොද විදේශ ප්‍රතිපත්තියක තියෙන්න ඕනි. බොරුවට ගිරිය පුප්පගෙන කැගහලා වැඩක් නැහැ ගැලරියට. බුද්ධිමත් වෙන්න ඕනි රටට ගොඩ ගන්න වැටිලා තියන මේ අගාදෙන් හැමකෙනාටම අවස්ථාව එනවා දැන් ලංකාව නය බර උපරිමයි !!!.(නදී)
ඉතින් ඔය තරම් දක්ෂයි නම්, ඔය තරම් අත්දැකීම් තියෙන බුද්ධිමත් නායකයෙක් නම් ඇයි හැමදාම විපක්ෂ නායකයා වෙලා ඉන්නේ ? (අ)
රනිල් බුද්ධිමත් කියල ගොඩක් අය ලියල තිබුආ. අනේ මන්දා එතුමා රැස්වීම් වල කියන අර බ්‍රේස්ලට් ච්වුවින්ග් ගම් එස්.එම්.එස් වගේ කතා ඇහුවම නම් මට හිතෙන්නේ වෙන දෙයක්..(නදී)
රනිල් බුද්දිමත් නායකකයෙක් එතුමාට හැකියාව තියනවා රටට වැඩක් කරන්න අපි ඒ දේ ප්‍රයෝජනයට ගන්න ඕනි බුද්දීමත්ව මේ රට ගොඩ ගන්න පලුවන් එතුමාට පමනයි. මොලේ තියන ජනතාව ඒක දන්නවා .(නදී)
අනේ ඉන්දු, මොනවද මේ අහන්නේ? ඇයි හැමදාම විපක්ෂ නායකයා වෙලා ඉන්නේ? අතීතය අමතක් කරන්න එපා. මෙතුමා මේ තනතුර දරමින් රටට කරන සේවය අගයන්න. (නි)
හැම දෙනාම එකකට එකතු වෙන්න කල්ලි ගහලා වැඩක් නැහැ. එකතු උනොත් ජය ගන්න පලුවන් කල්පනාවෙන් වැඩ කරන්න.(නදී)
රත්තරන් විතරද? පිත්තල කොහෙද දන්නේ නැහැ. .(නදී)
කොහොමද කෑම ? හරිම රසයි සර් !!.(නදී)
ඇයි මෙයාට රත්තරන් කියන්නේ කියලා දන්නෝ දන්නවාද?.(නදී)
රනිල් නායක තුමගේ වටිනාකම ඉක්මනින්ම ශ්‍රී ලංකික ජනතාවට වැටහේවි.(නදී)
රනිල්ට තියෙන හැකියාව සජිත්ට නැත. ගිරිය පුප්පන් කෑගහන්ඩ තමයි දන්නේ .(නදී)
ලෙඩ්ඩු බලන්න ගිය පමණින් මරණ ගෙවල් වලට ගිය පමණින් සැබෑ නායකයෙක් වෙන්න බැහැ මහත්වරුනේ!! මෙතෙක් අප දැක ඇති සැබෑ නායකයන් නම් ක්‍රියා කර ඇත්තේ, තමා වටේ සිටින උගතුන්, බුද්ධිමතුන්, දක්ෂයින් කවුරුන්ද යන්න නිවැරදිව වටහා ගෙන ඔවුන්ගේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන ජනතාවට සේවය කිරීමට සැලැස්වීමයි. .(නදී)
රටේ අනාගතය (ර)නිල් ! ආශ්චර්යයත් (ර)නිල් !.(නදී)
මේ වෙඩි තිබ්බේ අර වයසක මිනිහා,අපේ ආණ්ඩුවක් ආපු දාට අපි එයාට දැඩි දඩුවම් ලබා දෙනවා ,එදාට ඔය චන්ඩි කම් ඉවරයි .(නදී)
රනිල්ට ජය වේවා ! අවංක නායකයෙක් වැඩ කරන්න ඉඩ දෙන්න සිත හදුනන මිනිසෙක් අපිට ඔහු අවශයයි.(නදී)
මේකේ අදහස් දාන අය ගැන බොහොම දුක හිතෙනවා.රේස් එකට තියන අශ්වයාගේ පරපුර කොයිතරම් හොඳ වුණත් එක පිට දෙතුන් පාරක් පැරදුනොත් ඒ අශ්වයා අයින් කරනවා. රනිල් මහතාත් මොන තරම් උගතෙක් බුද්ධිමතෙක් වුණත් එක දිගට ඡන්ද විසිගානක් පරාදයි. (නි)
මේ රෝහලේ ලෙඩ්ඩු කි දෙනෙක් ඇඳක් නැතුව බිම ඉන්නවද මෙය සැපට ඉන්නේ දේසපාලඥයෙක් නිසාද ............අනේ මේ නොදන්නා කමටයි අහන්නේ .(නදී)
කෝච්චියේ රත්තරන් කඩාගත්ත කෙනා නොවේ....(නදී)
අනේ දෙවියනේ මට වුනු වියෝයා..........මගේ දෙයියො මා දෙස නොබැලුවෝයා.....(නදී)
ඉන්දු, එහෙම වෙලා තියෙන්නේ එතුමාගේ වරදින් නෙමෙයි. ඔයාලා වගේ මෝඩ ඡන්දදායකින් ලංකාවේ ඉන්න නිසා. (නි)
සජිත් නායකයට ගරුකරන්න!! රනිල් සජිත්ට ගරුකරන්න !!! දෙන්න එකතුවෙන්න රට ගොඩ ගන්න හොද කණ්ඩායමක් හදාගන්න කාලයට ඔබින කසිකබල් පරණ කණ්ඩායම විසි කරන්න. කරු රනිල් සජිත් රුවන් අජිත් අලුත් මුහුණු වරකින් කණ්ඩායම ගොඩ නගන්න අපි ඔබ සමගයි සැමදා!!!!.(නදී)