සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියා ඩයස් පෝරා සංසදයේ තුන්වැනි සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (17) වැනි දා සිංගප්පූරුව බලා යෑමට නියමිතය.
සැසිවාරය ලබන 18,19 යන දිනවල සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් සහ එරට අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලුං හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
වික්‍රමසිංහ මහතා විසින් එහි ප්‍රධාන දේශනය සිදු කිරීමට ද අපේක්ෂිතය. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සැසිවාරය ඇමතීමට නියමිතය.
කලාපිය වෙළඳාම, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳවත් අනාගත අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කලාපයේ දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නායකයින් සහභාගී වන බව වාර්තා වේ.
COMMENTS
ඩයස්පෝරාව කියන වචනේ තේරුම දන්නේ නැති කීප දෙනෙක් කරපු දෙයක්නේ.. නැතිනම් ඕකට බයවෙන්න ඕන නෑ... (ර)
අගමැතිතුමනි, කොයි ලෝකේ ගිහින් කව්රු හම්බ වුණත් කමක් නැහැ. ජාත්‍යන්තරයට උගතුන් යවන්න. පසුගිය ආණ්ඩුව කාලයේ කළේ එ්ක තමයි. (නි)
නාමල්, අහන්න දෙයක්ද? ඩයස්පෝරා වචනය එළියට ආවේ ද්‍රවිඩයින් නිසා. ඉල්ලීම් ඉල්ලන ඩයස්පෝරාවක් ඇතිවුණේ ද්‍රවිඩයින්ගෙන්. නැතුව අවුරුදු 100 ගණනක් පිටරට සිටිය සිංහලයින්ගෙන් ඩයස්පෝරාව ඇතිවුණේ නැත (නි)
අජිත් කරුණාරත්න, එහෙම වුණොත් ඔබට කතාකරන්න දෙයක් නැද්ද? අනේ මෙහෙම සිංහලයෝ.එහෙම වුණොත් අපේ මුළු ජාතියටම කතාකරන්න දෙයක් තිබෙනවා සිංහලයෝ හැටියට (නි)
මේ දෙමළ ඩයස්පෝරාව නොවෙයි නේද? එහෙම වුණොත් විමල් මහත්තයාටයි ගම්මන්පිල මහත්තයාටයි කාලයක් තිස්සේ කතා කරන්න හොඳ මාතෘකාවක් වෙයි. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
වචනෙට බයනොවී පුලුවන්ද වෙලා තියෙන දේවල්වල හැටියට. (ර)
අපිට ඩයස්පෝරා කියන එක වහකදුරු වෙලා තියෙන්නේ. (ර)
වැඩේ කොයිතරම් හොඳ වුණත් යන්න කලින් ඔය ඩයස්පෝරා කියන නම වෙනස් කරන්න බැරිද? ඔවුන්ගෙන් බැට කාලා කාලා දැන් ඔය නම ඇහෙනකොටත් ඇඟේ මාළු නටනවා. (නි)
රටේ මොන ප්‍රශ්න තිබුනත්, මැති ඇමතින්ට වැඩ නැත. (ර)
සමහරු මේ ඩයස්පෝරා කියන වචනයටත් බයයි (නි)