එක්සත් ජාතික පක්ෂ නායක්ව මණ්ඩලය අද පත් කළ බව සිරිකොත ආරංචි කියයි.
ජාතික නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී ඇති අතර නායකත්ව මණ්ඩල සාමාජිකයන් ලෙස කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, ගාමිනී ජයවික්‍රම, මංගල සමරවීර, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරල මහත්ම මහත්මීහු තේරී පත්වී සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද සවස පැවැති විශේෂ රැස්වීමකතී එක්සත් ජාතික පක්ෂ නායතක්ව මණ්ඩලය තේරී පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කිවුවලු. (නි)
අපේ නායකයා හැමදාටම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා තමා යහලුවනේ .(නදී)
ප්‍රජාතන්ත්‍රවාදිව නායකයෙක් පත් කර ගන්න බැරි විපක්ෂය, රටේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන කතා කිරීම තමා ලොකුම ප්‍රෝඩාව.. (ස)
මේ දේවල් වෙන්නේ රනිල් දක්ෂ නිසා. සජිත් කොහොමද රනිල් පරද්දන්න බැරුව ආණ්ඩුවක් ගැන හිතන්නෙ. (ස)
නායකයෙක් වුනහම තම පක්ෂයේ බහුතරයක් සාමාජිකයන්ගේ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. නමුත් දැන් වෙන දේවල් දැක්කහම කරන දේවල් දැක්කහම මෙයාල කොහොමද රටක් පාලනය කරන්නේ කියල හිතෙනවා. .(නදී)
එයාලා අලි. අපි හරක් (නි)
අපි සරත් පොන්සේකා එක්ක එකතුවෙනවා . අපි දැන් ගිනිසිළුව දිනවමු මීලග දෙවෙනි බලවේගය පොන්සේකා ඔබ ඔබට ජය .(නදී)
මම නම් හිතන්නේ ඕකත් වැඩක් වෙන්නේ නැහැ.රුවන්ට වැඩිය සුදුසුකම් තියෙන අය ඔතන නැද්ද? (නි)
අපි සියල්ලෝම දැන් ඉතින් සරත් ෆොන්සේකා සමග එකතුවෙමු (නි)
මේ දේවලින් වෙන්නේ විපක්ෂයක් නැතුව ජනතාව තව අසරණ වීමයි. (නි)
මට නම් හිතෙන්නේ ඔලුව වටෙන් අත දමලා නැවතත් නහයම ඇල්ලුවා වගේ වැඩක් කියලයි. (නි)
ආඩි හත් දෙනාගේ කැද හැලිය මතක් වෙනවා මට. ඔක්කොම ටික නායකයෝ වෙලා. කොහොම වුණත් මේ දේශපාලන රටාවේ හැටියට ප්‍රබල විපක්ෂයක් කියන්නේ රටේ දියුණුවට ලොකු බාධකයක්.මේ දේවල් මේ විදියට සිදුවීම පවතින රජයටත් ,රටටත් අපිටත් ඔක්කොටම ගොඩක් හොදයි (නි)
මේ නායකත්ව මණ්ඩලය හදන්න කමිටුවට හිටියේ සජිත්, කරු සහ රනිල් යන මහත්වරු නේද? ඉතින් සජිත් මහත්තයට දැන් තිබෙන ප්‍රශ්නය මොකක්ද. ඔවුන්ම කොමිටිය පත්කර ගෙන දැන් කොමිටියෙන් අයින් වෙනවාලු. මොහුට තනි නායකකමක් මිස මණ්ඩලයක් අවශ්‍ය නැති බව මෙයින් පෙනෙනවා නේද? (නි)
අරයා එකතෙක් ඔහොම යමුකෝ (නි)
මෙතන නායකකමට ඉන්නේ එකම එක සුදුස්සයි. ඒ තමා පොදු පිළිගැනීමක් තිබෙන කරු. පක්ෂය ගොඩ ගන්න ඕනෑ නම් පාක්ෂිකයෝ උද්ඝෝෂණය කරලා (පාරවල් වහන්නේ නැතුව) කරුව ගෙනෙමු නායකකමට. (නි)
මන්ත්‍රීවරු නැති ඇමතිවරු පමණක් ඉන්න රටේ මේවත් වැඩද කිවුවලු (නි)
නායකත්වය නොලැබීම අපලයක් ලෙසයි මා නම් දකින්නේ. (නි)
සජිත් මහත්තයාගේ පක්ෂ නායකත්වයේ ළගදීම වෙනසක් වේවි කියලයි මට නම් හිතෙන්නේ (නි)
සජිත්ටයි , රනිල්ටයි තිබෙන ප්‍රතිචාර දෙස බලනකොට ජනතාව දෙන්නටම කැමති නැහැ වගෙයි (නි)
සජිත් හිතන තරම් අනික් අය සජිත් ගැන හිතන්නේ නැති බව පේනවා නේද? අපට නම් ප්‍රේමදාස යුගය මතක් වෙද්දිත් බයයි රනිල් තව අවුරුදු 25 ක් හිටියොත් රටම ගොඩ.(නදී)
රනිල්ගෙන් පස්සේ කාටද? (නි)
යුද්ධයට විරුද්ධව කෑ ගහපු අය ඔය නායකත්ව මණ්ඩලයේ ඉන්න තුරු යුඑන්පී යට ගොඩ ඒමක් නෑ. (ස)
ගෙම්බෝ ලාහට (වී මනින ) එකතු කරන්න බැහැ කියලා කියමනක් තියෙනවා. ගෙම්බා පනිනවා. (නි)
රනිල් ගෙන් පස්සේ කවුද නායකයා ? (දී)
සජිත්ගේ ප්‍රතිචාරයට අපගේ සහාය (දී)
දකුණු පළාතේ ඡන්දෙට මහ ඇමති හැටියට ඉදිරිපත් වෙන්න කියල කියපු දවසේ ඉඳලා සජිත් මහත්තයා වෙනස් වුනා. එහාට මෙහාට ලිස්සල පැන පැන ඉන්නවා. මෙහෙම කොහොමද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව සටනක් දෙන්නේ.(නදී)
රනිල්ගේ නායකත්ව ලක්ෂණ වත් ඔය අයට නැ (දී)
බුද්ධිමත් අවංක දක්ෂ නායකයෙක් වන රනිල්ට මේ රට ගොඩ ගත හැකි බව තෙරුම් ගැනීමට කාලය පැමිණ ඇත (දිල්)
එකම නායකයා රනිල් තමයි.(නදී)
සජිත් ඔබගේ ප්‍රතිහාර්යයයට අපගේ සහාය (දී)
එකම නායකයා රනිල් තමා. (ස)
නවයෙන් හයක් මගේ අය. දෙකක කොන්ද නෑ..මේක තමයි ඩි ..මොක්රසි
නායකත්ව මණ්ඩලයේ ඉන්න නියම සුදුස්සා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහත්මයා විතරයි. කරු 18 ක් එක්ක පක්ෂේ කඩාගෙන ගිහිල්ල එහෙන් එලෙව්වාම ආපසු ආපු කෙනෙක්. එයා තමයි එක්සත් ජාතික පක්ෂය මේ තත්වයට පල්ලම් බැස්සුව පුද්ගලයා. මංගල නායකයාව විනාශ කරපු කෙනා. රුවන් ලාබාල වැඩියි. රවී යුද්ධ කාලේ පක්ෂය ජනතාවගෙන් ඈත් කරන කතා කියපු කෙනා. තිස්ස ලේකම් කමේ සිටිය යුතු කෙනා. කිරිඇල්ල මහත්තයත් මීට සුදුසුයි. කට්ට කාගෙන ඉන්න කෙනා. සජිත්ට තියෙන සුදුසුකම තාත්තා ජනාධිපතිවරයෙක් වීම පමණයි.(නදී)
මේක හරියන්නෙත් නැහැ වගේ. ඇයි ලංකාවේ මිනිස්සු දැන් යු.එන්.පි යට ඡන්දේ දෙන්නේ නැත්තේ. වෙනසක් කළොත් නම් හොදයි.(නදී)
රනිල් මහත්තයා හැම වෙලේම කියන්නේ එය ගියොත් මේක කරන්න වෙන කෙනෙක් තාම පේන්නවත් න කියලනේ.ඔය බොරු කතා(දිල්)
පුලුවන්නම් රනිල් ට දකුණේ මහ ඇමති ට ඉල්ලලා දිනලා පෙන්වන්න කියන්න .(නදී)
විපක්ෂ නායකත්ව මණ්ඩලයක් ද පත් කරවමු. (ස)
ලොකු වෙනසක්. (ස)
බුදු අම්මෝ මෙදා ගියෙත් නැහැ එහෙනම්? (නි)
ඔය කව්රුත් මොනා කිව්වත් ලබන වසරේ පැවත්වීමට ඇති මහා මැතිවරණය දිනලා ඉවරයි. දැන්ම ඇමති ගොල්ලෝ වේදිකාවල බුරනවා. එයාලට ඡන්ද පොළ ගෙයි ඇතුලේ වගේ ඡන්ද ටිකත් ඒ වගේමයි..(නදී)
අපිට අවශ්‍ය එක නායකයයි, උප නායකයයි. (නි)
ඉන්න ටිකත් නැති වෙන දවස වැඩි ඈතක නෙමේ. .(නදී)
නියම සුදුස්සා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහත්මයා ය . අනිත් අයගෙන් කරු ඇරුනාම බොහෝ දෙනා රට හිනස්සපු විහිළු කතා වලට ප්‍රසිද්ද ය. නායකත්ව මණ්ඩලේ කොහොම වුනත් රුකඩ සංදර්ශනයක් නම් බලාගන්න පුළුවන් වේවි තාවකාලිකව. .(නදී)
ඇත්තටම මට නම් දැන් ඡන්දය දාන්නවත් යන්න හිතෙන්නේ නෑ, මේක දැක්කම. .(නදී)
සජිත් සුදුසුද නැද්ද නම් තේරෙන්නේ නෑ. නමුත් දැන් ඉන්න කෙනා නම් කොහොමත් ගැලපෙන්නේ නෑ. ඕකවත් තේරෙන්නේ නැද්ද? .(නදී)
අපිත් බලාගෙන හිටිය අලුත් තරුණයන්ට නායකත්වයක් ලැබේවි කියල. දැන් බලුපුවාම කරු, ජයවික්‍රම මහත්වරු ඇරුනම අනිත් ඔක්කොම පරණ කෝලම් කාරයෝ ටිකම තමා. .(නදී)
ලොක්කව අයින් කරලම දාන්න. (ස)
ලොකු , ඔයාගේ අදහසට මමත් යමක් එකතු කරන්නම්. රනිල් ඡන්දෙන් දිනන්න පුළුවන් එකම ආසනය අංගොඩ විතරයි. යූ.එන් . පී කියන්නේ කොච්චර වැදගත් පක්ෂයක්ද? රනිල් මේ පක්ෂය විනාශ කලා. (ස)
මණ්ඩලේ සමහරු ඔය වැඩේට ගැලපෙන්නෙ නෑ. රටම පිළිගත් නයකොයෝ ඔය මණ්ඩලේ ඉන්න ඕනී. (ස)
කොහොම හරි නායකකම රනිල්ටම එන්න හදා ගත්තා . සජිත් ඉවත් වුණ එක හොඳයි. සජිත්, ඔබට වාරය එනතුරු ඉන්න. ඉවසන්න (නි)
මේක නිකම් ඉසරදයට කොට්ටය මාරුකළා වාගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. අන්තිමේදී බලාගෙන ගියාම ඔය කියන නායකත්ව මණ්ඩලයෙත් ලොක්කා රනිල්ම නේද? (නි)
එහෙනම් මින්පසු එක්සත් ජාතික පක්ෂය ඉවරයි ජීවිතේටම ගොඩ එන්ඩ බෑ. එක්සත් ජාතික පක්ෂයට නිවන් සැප ලැබේවා. (ස)
ගහපු පදේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ කිව්ව වගේ.නායකත්ව මණ්ඩලය සාර්ථක නැහැ.ඒකත් රනිල් මණ්ඩලයක්.කරන්න තිබුනේ පළාත් 9 නියෝජනය කරමින් 9 ක් පත් කරන්න. (ස)
වික්‍රමසිංහ මහත්මයෝ, නායකත්ව මණ්ඩලය ටිකක් පොඩි වැඩියි. එනිසා ඊළඟ වතාවේ "නායකත්ව සංගමයක්" හදාගන්න. ඉබ්බා කොතරම් වයසට ගියත් ඉගෙල්ලෙන්නත් බැහැ,ඉබ්බාගෙන් පිහාටු ගන්නත් බැහැ කියල අපි දන්නවා. (ස)
මේ වගේ ප්‍රශ්න, අනිත් පක්ෂ වලත් තිබුනා. හැබැයි ඒවා මෙතරම් දුර ගියේ නැහැ. යු එන් පී එකේ බොහෝ දෙනෙක්ගේ තියෙන්නේ යටි කුට්ටු වැඩ. උඩින් එකයි, යටින් එකයි. නායකත්වයට පහර දෙන එක තමයි එකම කාර්යය. මේවට වැය කරන කාලය වෙන් වන්නේ විපක්ෂයේ කාර්ය භාර්යයට වෙන් කරපු කාලයයි. අපේ කරුමෙට මේ ගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැනේ. (ස) .
මන් හිතනවා රුවන් තමයි මීලඟට එන්න ඕනේ, ඒ සුදුසුකම හදා ගන්න වෙනවා.(නදී)
අන්තිමට නටපු නැටුමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. මෙන්න මේවට තමයි කියන්නෙ යන්නෙ පාමංකඩ කියන්නෙ අලිමංකඩ කියලා. (නි)
මේ යන හැටියට ඉබේටම තුන්වන බලවේගය වුනු අය ඉබේම දෙවැනි බලවේගය වෙයි වාගේ. (ස)
අපි සජිත්ගේ අදසට එකගයි. මෙදාත් බොරුවක් කලා. කරු ජයසූරිය මැතිතුමනි, තලතා අතුකෝරල මැතිනියනි ඔබේ විරුද්දත්වය ප්‍රකාශ කර ඔතනින් අයින් වෙන්ඩ . ඕක ප්‍රෝඩාවක්. මංගල, රවී කියන්නේ කවුද. .(නදී)
මේ පාරත් වැඩක් නැහැ වගෙයි(නි)
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් සෙවූ කතාව තමයි කියන්න තියෙන්නේ මේකටත්. සුපුරුදු කල් මැරීමේ න්‍යායෙන් රනිල් පිල නැවතත් වසර ගානකට විපක්ෂයේ රැදෙනවා කියන එක තමයි පෙනුනේ. (නි)
වෙන වචනවලින් කියනවා නම් මෙතන ඉන්නෙත් නායකයෝ එක්කෙනයි. අනෙක් අය කොටසක් අත උස්සනවා. අත උස්සන්න බැරි අය අත පාත දාගෙන රැස්වීමෙන් පිටවෙනවා. නායකයා තමන්ට වුවමනා දේ කරනවා. (නි)
අරුයි,තල්තයි,කිරිඇල්ලත් අයින් වෙලා වෙන අය පත් කර ගන්ඩ. අපිත් ලබන පාර ෆොන්සේකාට ගහල දාන්නම්. රනිල් දිනුම් ඒ ජ. පෙ සහ මේ රටේ දුක්විඳින ජනතාව පරාදයි. කරු ජයසූරිය මැතිතුමනි,තලතා අතුකෝරල මැති තුමියනි අදම ඉල්ලා අස්වෙන්ඩ.(නදී)
බලනකොට අර කෘත්‍යාධිකාරී එකයි, මේකෙයි දෙකේම වෙනසක් නැහැ වගේනේ. (නි)
මේකේ වැඩි පුරාම ඉන්නේ රනිල් මහත්මයාගේ ගෝලයෝ. එහි කිසිම ප්‍රතිෂටකයක් නැහැ. එය රනිල් මහත්මයටම කියපු මණඩලයක්. (ස)
දැන්වත් පක්ෂයේ වෙනසක් අති උනොත් හොඳයි (නදී)
දැන් එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන්ම හරි මගට ඇවිල්ලා. ජයවේවා! (නි)
රනිල් මහතා අනිවාරෙන්ම නායකයාවීම මම සතුටුවෙමි (අ)
දෙයියෝ සාලේ කිව්වලු. තව කව්ද ඉතුරු වෙලා ඉන්නේ නායකත්ව මන්ඩලයට. හරි කමක් නැහැ සජිත් නැතුව හරි මේ වැඩේ සිද්ද වෙනවා නම්.(නදී)
යු එන් පී එක ජනතාවගේ පක්ෂයක් මෝඩයෝ කිහිපදෙනෙකුට නටන්න දෙන්න බෑ. මගේ අදහස පල කරන්න. .(නදී)
පංචි,ඔයා හරි ...රනිල් නායකකමෙන් ගියොත් තිස්ස,මංගල,රවී,අනාථයි එනිසා ඒ අය රනිල්ට යන්න දෙන්නෙත් නැහැ.මෙයාලා සජිත්ට නායක කම දෙන්නෙත් නැහැ ... .(නදී)
අපිට බලවත් විපක්ෂයක් අවශ්‍යයි. මේ අය ඔය විදියට බේද වෙන්න ගියොත් වෙන්නේ රටට නොගැලපෙන විපක්ෂයක් බිහිවෙන එකයි. (ස)
මේ යන විදිහට තව ටික දවසකින් එජාපයේ ඉතිරි වෙන්නේ පුටු ටික විතරයි.සරත්ට තැන ජය වේවා . (ස)
තමුන් කාවද රැවැට්ටුවේ කියලා මදක් සිතා බලන්න (නි)
ඔය දේවල් වලින් එජාපෙ ගොඩ ගන්නට හැකියැයි මම නම් හිතන්නෙ නැහැ (නි)
අවසානයේ නැවත රනිල් ජයග්‍රහණය කර ඇත. රටේම ජනයා සහ එක්සත් ජාතික පාක්ෂිකයා පරාජය වී ඇත. .(නදී)
සජිත් මහත්තයෝ, ඔයා තාම පොඩි වැඩියි රනිල්ට දේශපාලනේ උගන්නන්ඩ .(නදී)
අද අපේ ලංකාවේ හැමෝම කිරිබත් කාල සතුටු වෙන්න ඕනේ දවසක්. මුළු රටම සැණකෙළි කරන්න ඕනේ දවසක්. අද එජාපයට ජාතික නායකයෙක් ලැබිල තියනවා. (ස)
නායක කමට මරාගන්නේ මොන රටේද? ඉන්දියාවේ ඉන්දියාවේ ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
ඔබතුමා දිගු කාලයක් විපක්ෂ නායකත්වයේ සිටීම රටේ දැනට සිදුව ඇති දියුනුවට හා යුද්ධය ජයගැනීමට ලොකු රුකුලක් වූ බව නොරහසකි. එබැවින් තවත් දිගු කලක් විපක්ෂ නායකත්වයේ සිටීමට වාසනාව,දිරිය,ශක්තිය ලැබේවායි හිත සිතින් පතවි. ඔබට තෙරුවන් සරණ පතමි..(නදී)
මමත් කියන්නේ රනිල් නායක කමේ සිටිය යුතු කියලා . සජිත් ආව කියල වෙනසක් වෙන්නේ නෑ . රනිල්ට ජයවේවා. (ස)
ඔය ඉතින් අර පරණ කට්ටියම වෙන ඔලු බක්කෝ මුණු ගෙන ඇවිත් නටන්ඩ නේද ලෑස්ති වෙන්නේ? අනේ මන්දා ඔව්වගෙන් ජනතාව ගොනාට අන්දන්න පුළුවන් වෙයිද කියලා? (ස)
නායකතුමනි ඔබට ජය. (ත)
මෙතැන විහිළුවක් නේ කරලා තියෙන්නේ නැවතත් එයාමනේ පත්වෙලා තියෙන්නේ අපරාදේ කාලේ නාස්තිය.(නදී)